Friday, October 18, 2019

ගර්භාෂයට හිමිකරුවෙකු සිටී ද ?

 
             තම ලෙයින් ජාතක ව කලලයක් කුසට පැමිණි දින සිට ඇය පරිස්සම් වූයේ කුසේ සිටින්නේ දියණියක්ද පුතකු ද යන්න මැන බලා නොවේ. ඇය ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ වේවා ඒ ඇයගේ ආදරයේ සංකේතයයි. කෙදිනක හෝ මේ ලොව ජය ගන්නා මිනිසෙක් ය, යන අදහස ඇතිව ඇය තම කළලය ආරක්ෂා කර ගනී. එවන් රැකවරණයක් ලබා දෙන්නා වූ කාන්තාවගේ ගර්භාෂයට නිසි වටිනාකමක් මේ සමාජය ලබාදී තිබේ ද යන්න විමසා බැලිය යුතු වැදගත් කාරණාවකි. ගර්භාෂයක් පිහිටා ඇති කාන්තාව කෙදිනක හෝ තම ලෙයින් බිළිඳකු මෙලොවට ජාතක කරන්නට  බලාපොරොත්තුව සිටි. එහෙත් එසේ බලාපොරොත්තුව සිටින ඇයට එය අනිසි අයුරින් දරා ගැනීමට සිදු කරන තත්ත්වයට සමාජය පත්ව ඇත.

            ඔසප් චක්‍රය සිදුවන ඕනෑම කාන්තාවක් දරුවකු කුස දැරීමට සුදුසුකම් ලබා ඇත. කණගාටුවට කාරණය වී ඇත්තේ තම ලෙයින් ජාතක කර ශරීරය දෙබෑ කරමින් මෙලොව එළිය දකින්නට දුන් කාන්තාවට පිරිමින් උරුම කර දෙන්නාවූ තත්වයයි. පියකු කවුරුන්දැයි නොදන්නා දරුවකු  බිහි කිරීමට මෙම සමාජය තුල කාන්තාවට සිදුව ඇත. ළමා අපචාර, කාන්තා අපචාරයන්ට වැඩි නැඹුරුවක් පවතින මෙරට තුළ ගර්භාෂය හිමි කාන්තාව මුහුණ දිය යුතු අභාග්‍ය සම්පන්නම තත්ත්වයයි. තම ලේ හෝ වෙනකෙකුගේ ලේ  හෝ වේවා දූෂණයට ලක් කිරීමට ලාංකීය සමාජය තුල පුරුෂයා පෙළඹී සිටී. ඒ තුළින් පීඩාවට පත් වන්නේ ඇය පමණක් ම ය. මෙවන් සිදුවීම් ඕනෑතරම් මෑතකාලීන ඉතිහාසය තුළ මාධ්‍ය තුළින් අසන්නට දකින්නට අප නෙත්, සවන් පව් කර තිබිණි.

Tuesday, September 17, 2019

දෛවය ද ඇගේ..

"ගහන්නෙපා මහත්තයෝ , අර පැටවත් බලන් ඉන්නවා බයවෙලා හොදටම ."

"යකෝ ගෑණියෙ මට මොකද ඒකිට මොනවා වුනත් .ඒකි මගෙම ද කියලා මං දන්නෙ කොහොමද"?.

හ්ම්ම්ම්, ඒ මගෙ අම්මයි අප්පච්චියි.මං දන්න කාලෙ ඉදලා මට ඇහුනෙ එයාල දෙන්නගෙ රණ්ඩු විතරමයි. අප්පච්චි බීලා ඇවිත් හැමදාම අම්මට ගහනවා ,ගෙදර බඩු පොඩි කරනවා.මං බයටම ඇද පල්ලට ගිහින් හැංගිලා ඉන්නවා අම්මා මං ලගට එනකම්.

හිතේ හැංගුණු දුක කිව්වට මං කව්ද කිව්වෙ නෑනෙ ඉතින්.මං නෙත්මිණී. එහෙම වුනාට මට යාලුවො කිව්වෙ නෙතූ කියලා.මං දැන්නම් ඉන්නෙ කැම්පස් එකේ.ඒත් මගෙ පුංචි කාලෙ ඉදන්ම මට ගොඩක් දුක් විදින්න වුනා .ඒ මගෙ අප්පච්චි නිසා.අම්මයි අප්පච්චියි අවුරුදු 05 ක්ම ආදරේ කරලලු බැන්දෙ.ඒත් බැන්දට පස්සේ අප්පච්චි හැමදාම බොනවලු.ඉස්සර මං අම්මගෙන් ඇහුවට ඇයි එහෙම වුනේ කියලා කවදාවත් අම්මා මට කිව්වෙ නෑ .ඉතින් මන් දැන් කැම්පස් එකේ හිටියත් මං ආයෙ අම්මගෙන් ඒ ගැන අහන්න ගියේ නැහැ අම්මා දුක් වෙන නිසා.

" සුද්දියේ , මං උඹව පුංචි කාලෙ ඉදන් බලාගත්ත විදිය උඹ දන්නවනෙ .මං විදපු දුක් උඹ ත් විදවනවට මං අකමැති නිසයි මං මේ දේ උඹට කියන්න කියලා තීරණේ කලේ".

මං කැම්පස් ඉදන් ගෙදර ආපු දවසක අම්මා මෙහෙම කියන්න ගත්තා.

"ඇයි අම්මා මගෙන් මුකුත් වරදක් වුනාද අනේ".

මං හිතුවෙ අම්මා මගෙ phone එක දැකලා මගෙ හීන කුමාරයා ගැනවත් දැනගෙන ද කියලා.

"නෑ සුද්දියේ,උඹ ඉස්සර හැමදාම  ප්‍රශ්නයක් ඇහුවා මතකද. ඒ කාලෙ උඹ පොඩි කෙල්ල.මං කොහොමද මුකුත් නොතේරෙන උඹට ඒවා කියන්නෙ.දැන් උඹ කැම්පස් යන හොද නරක තේරෙන කෙල්ලෙක් .ඒකයි මං මේ දේ  කියන්නෙ."

"  අනේ අම්මා ,මට මුකුත් අහන්න ඕනි නෑ.අම්මා දැන් අඩන්නෙ නැතිව ඉන්නකො.මට ඕනි අම්මා සතුටින් ඉන්නවා දකින්න විතරයි."

නෑ සුද්දි ,  මේ කදුළු මට අලුත් දෙයක් නෙමෙයි .මේක අද නොකිව්වොත් උඹටත් මට වගේ අඩ අඩාමයි ඉන්න  වෙන්නෙ."

" අම්මා.."

" ඔව් සුද්දි . උඹ මගෙන් හැමදාම ඇහුවා නේද ආදරේ කරලා බැදලත් ඇයි අපි රණ්ඩු වෙන්නෙ කියලා.ගෑණියකට මේ සමාජෙ තියන තැන නිසයි මට මෙහෙම වුනේ."

එතකොට නම් මං ගැස්සිලා  ගියා.

"ඇයි අම්මා එහෙම කියන්නෙ".

Monday, September 2, 2019

ලාංකීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මුස්ලිම් කාන්තාව

හැඳින්වීම. 

 

   තම කුසින් බිහි කිරීමේදී කිසිදු බෙදීමක් නොකරන  ස්ත්‍රියට ම සමාජය තුල විවිධ වූ බෙදීම් සිදු කිරීමට එම කුස තුළින් ම උපන් බොහෝ මනුෂ්‍යයන් පෙළඹී සිටින බව දෑස් මානයේ විද්‍යාමාන වන නොරහසකි .  දියණිය ක්, ගැහැනියක් ,මවක් වන් කාන්තාව මෙලොව සිටින වටිනාම වස්තවු ක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එම වටිනාම වස්තුවට සැබෑ ලෙසම සමාජය තුළ වටිනාකමක් ලබා දෙන්නේ දැයි වත්මන් සමාජ වටපිටාව තුළ දෙවරක් සිතිය යුතු කාරණාවකි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ලෙස වැඩ බෙදා දැක්වීම මෙසේ වටිනාකමක් හිමි නොවීමට හේතුවක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙයට හේතුවී ඇත. සමාජය විසින් ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ඇති සමාජ සබඳතාව සරලව ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස අර්ථ දැක්විය හැකියි. ආසියානු කාන්තාව බොහෝවිට සංස්කෘතියට යට වුණ තැනැත්තියක ලෙස හඳුන්වා දීමට හැකිය. එය ලාංකීය සමාජය තුළ ද එලෙසම පවතී. මෙරට සිටින්නාවූ සිංහල කාන්තාව මෙන්ම මුස්ලිම් දමිළ කාන්තාවන්ද 

සංස්කෘතියේ වහලුන් බවට පත්ව ඇත. විශේෂයෙන් ඇයට නිදහස යන්න හිමිව තිබෙන්නේ අසම්පූර්ණ  ලෙසය. පූර්ණ නිදහසක් ඈට ලබා දීමට සමාජය පුද්ගලයා අකමැති වන අතර ඇයව තව තවත් පීඩාවට පත් කිරීමට සමාජය ක්‍රියා කරනු ලැබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මුස්ලිම් කාන්තාව ඉතා වැදගත් වේ.  

Saturday, July 27, 2019

"ඉම්ප්ලාන්ට්" තාවකාලික පවුල් සැලසුම් ක්‍රම.


                 
    "ඉම්ප්ලාන්ට්" තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝර්මෝනයට සමාන ද්‍රව්‍යයක් අඩංගු කරල් විශේෂයකි. ස්ත්‍රියගේ උඩු බාහුවේ සමට යටින් මෙය තැන්පත් කරන අතර විනාඩි 5 කටත් වඩා අඩු කාලයක් ඒ සදහා ගත වේ.

ඉම්ප්ලාන්ට් තැන්පතුව මගින් ගැබ් ගැනීමක් වළක්වන්නේ කෙසේද? 

     *. ඩිම්බ මෝචනය වැළැක්වීම මගිනි.
     *. ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝණ බව වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුල්වීම අපහසු කරවීම මගින්.

ඉම්ප්ලාන්ට් තැන්පතුව සුදුසු කාහට ද?

    *. දිගුකාලීන තාවකාලික ක්‍රමයක් අවශ්‍ය කාන්තාවන් ට
    *.දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු මව්කිරි දෙන කාන්තාවකට.

ඉම්ප්ලාන්ට් තැන්පත් කළ හැකි අවස්ථා මොනවා ද? 
   
     *. ඔසප්වීම ආරම්භව දින 5ක් ඇතුළත ඉම්ප්ලාන්ට් තැන්පත් කරවා ගැනීම වඩාත් සුදුසුය.
     *. මෙය තැන්පත් කළ දින සිට ම ක්‍රියාත්මක වන බැවින් අමතර පවුල් සංවිධාන ක්‍රම භාවිතය අවශ්‍ය නැත.
     *. මෙහි සාර්ථකත්වය 100% ටා අසන්නය.

ඉම්ප්ලාන්ට් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද?

     *.තැන්පත් කළ කරල් වර්ගය අනුව භාවිතා කළ හැකි කාලය වෙනස් වේ.
     *.එක් කරලක් (ඉම්ප්ලනෝන්) තැන්පත් කළ විට 03ක් දක්වා ගැබ් ගැනීම වළක්වාලිය හැකිය .
     *.කරල් 02 ක් (ජඩෙල්) තැන්පත් කළවිට වසර 05 දක්වා ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය.

ඉම්ප්ලාන්ට් කරල ඉවත් කරන්නේ කෙසේද ?

    *.තැන්පත් කළ කරල් වර්ගය අනුව අවුරුදු 3 කදී හෝ අවුරුදු 5 කදී තැන්පතුව ඉවත් කිරීම අවශ්‍යය වේ.
   *.එය ඉවත් කළ යුතු දිනය ඉම්ප්ලාන්ට් තැන්පතුව තැන්පත් කරන දිනයේදී ඔබට ලබා දුන කාඩ්පතේ සදහන් කර ඇත .
  *.එවන් අවශ්‍යතාවයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.

නැවත සරුභාවයට පත්වීමට කොපමණ කාලයක් ගතවේද?

  *.ඖෂධයේ ක්‍රියාකාරීත්වය එම තැන්පතුව ඉවත් කල වහාම නැතිවන බැවින් ඉන්පසු ඕනෑම අවස්ථාවක ගැබ් ගැනීමට ඉඩ ඇත.

ඉම්ප්ලාන්ට් තැන්පත් නොකල යුතු අවස්ථා මොනවා ද?

 *.ගර්භණීභාවයේදී.
 *.හෘදය හා රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝග තත්වයන් වලදී.

ඉම්ප්ලාන්ට් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

 *.ඔබේ ඔසප් වීම අක්‍රමවත් වීම.අඩුවෙන් සිදුවීම හෝ සම්පූර්ණයෙන් නතරවීම සිදුවිය හැකිය.මෙසේ සිදු වන්නේ  ඖෂධයේ ක්‍රියාකාරීත්වය නිසා බැවින් ඒ සදහා ප්‍රතිකාර අවශ්‍ය නැත .

 *.ඔබගේ ඔසප් වීම වැඩිපුර හෝ දිගටම පවතී නම් හෝ වෙනත් අපහසුතාවයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය . ඉම්ප්ලාන්ට් තැන්පත් කල රෝහලේ හෝ සායනයේ වෛද්‍යවරයා හමවීම වඩාත් වැදගත් ය.

 *.පළමු පසු විමරම් සදහා තැන්පත් කර මසකින් පැමිණීම ඉතා වැදගත් වේ.ඉන්පසු වසරකට වරක් පසු විපරම් සදහා පැමිණිය යුතුය .

සේවා සපයන්නන් කවුරුන් ද?

 *.රජයේ පවුල් සංවිධාන සායන.
          ( රෝහල් සහ සෞඛ්‍යය වෛද්‍ය  නිළධාරි කාර්යාල .)
 *.පෞද්ගලික රෝහල් .
 *.රජයේ නොවන පවුල් සංවිධාන සායන .

උපදෙස් : ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරිනී .

Friday, July 26, 2019

ඔබ නොදුටු මසිත

අපි හැමෝටම පුංචි කාලෙ ඉඳන් හීනයක් තියෙනවා. මටත් ඒ වගේ හීනයක් තිබුනා අනිවාර්යෙන්ම කැම්පස් යනවා කියලා. උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වූ මම කැළණියට තමා ආවෙ. සරසවියට පියමන් කළ මුල්ම දවසේ දහස් ගණනක් ළමයින් ඇවිත් හිටියා. විවිධ වර්ගයේ ළමයි ඒ අතර සිටියත් මගේ ඇස් එකවරම එක තැනක නතර වුණා . ඒ , 

ලස්සන අයිබ්‍රෝස් තියන අලුත උපන් වහු පැටවකගෙ වගේ නිල්වන් ඇස් දෙකකුත් , ඒ ඇස් දෙකේ දීප්තිය වැඩි කරන දිගටි ඇස් පිහාටුත් , හා පැටවකුගෙ වගේ මූණත් මගේ නෙත් අතර පැටලුනේ සංසාර බැදීමකට වගේ . සාමාන්‍යයෙන් හුරුබුහුටි කෙල්ලකට පිහිටන මේ හැම අංගයක්ම පිරිලා තිබුණ ඒ මූණ පුංචි කොල්ලෙක්ගෙ. පුංචි කිව්වට ඉතින් එයත් මගෙ බැජ් එකේ.

සාමාන්‍යයෙන් ෆිල්ම් වල තමයි මෙහෙම අය ඉන්නෙ. ඒත් මේ නම් ඇත්තටම ඉන්න කෙනෙක්. සෙනඟ අතරින් ඒ මුහුණ පෙනුනත් මං එක්ක හිනාවුණ ඒ මූණ දැක්කම මහා ලෝබ කමක් හිතුනා අනේ එයාවම බලන්න තිබුණනම් කියලා. පළවෙනි දවසෙ නිසා බයකුත් තිබුණා. ඒ නිසා කමක් නෑ කැම්පස් එකේනෙ ඉන්නෙ පස්සෙ හමුවුණාම කතා කරලම තමා යන්නෙ කියලා හිතලා ඒ මූණ දිහා තව ටිකක් බලන් ඉඳලා මං යාළුවොත් එක්ක බංකුවකින් වාඩි වුණා. 

කැම්පස් ජීවිතේ භයානකම කාලෙ කියලා ගෙදරින් එද්දි හිතං ආපු මුල් දවස් ටික හිතුවට වඩා ගොඩක් ලස්සනට ගෙවිලා යන්න ගත්තා . දින ගණනක් ගෙවිලා ගියත් මට ඒ සුදු මූණ ආයෙ හමුවුණේ නැහැ. මේ අතරෙ කැම්පස් ඇවිත් මාසයක් පමණ ගතවෙද්දි ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒ තමයි අපේ පළවෙනි පා ගමන. මේ දවස මගෙ බලාපොරොත්තුවෙ දවස වුණා. අහලා තිබුණ විදියට කැම්පස් එකේ බොහෝ දෙනෙක් මෙයට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ බැජ් එකේ පිරිමි ළමයි අතරෙ හැරි හැරී එබිකම් කර කර මං බැලුවෙ ඒ මුහුණ පේන්න තියේද කියලා. මගේ යාළුවොත් බනිනවා මොකක්ද බන් මේ හැදිලා තියන පිස්සුව කියලා. මං උත්තර දෙන්න කියලා ස්ටාෆ් කැන්ටිම පැත්ත බලද්දිම , 

“අනේ ”
  කියලා මට කියවුනේ ඉබේටම වගේ.
“මොකද බන් ඒ ගමන”
“අනේ , ඒ සුදුමූණ , ඒ මූණම තමයි ඒ”

“කෝ බන් කොහෙද, ඒ පැත්තෙ එක කොල්ලෙක්වත් නෑනෙ. ඒ පේළියට එන්නෙ අපේ බැජ් එකේ පොඩි හාමුදුරුවොනේ”.

මටත් නොදැනිම මගේ ඇස් දෙකේ කදුළු පිරිලා . අනේ ඒ අහිංසක මූණ පොඩි හාමුදුරුවන්ගෙද.... මං... මං දැන් මොකද කරන්නෙ. නෑ.... නෑ ඒ මෙයා නෙමෙයි. එයා කොහොමද මෙහෙම වෙන්නෙ බලමුකෝ මට වරදින්න ඇති.කියලා හිත හදාගත්තත් මට පා ගමන යන අතරෙ ත් ඒ මූණ මැවි මැවී පෙනුණා.
පාර්ලිමේන්තුව දෙසට ගිය පා ගමන කදුළු ගෑස් , ජල ප්‍රහාර මැද්දෙ ඉවර වුණා. හිතේ පුංචි බයක් තිබුණත් සීනියර් අක්කලා අපිව බලාගත්තා . මේ සියල්ල ඉවරවෙලා අපි ආයෙත් කැම්පස් එන්න හදද්දි හැන්දෑවෙ 07 පමණ වෙලා. අමාරුවෙන් බසයට නැගගත්තු මට ඇඟ හිරිවැටිලා යන ඒ හිනාව දකින්න පුළුවන් වුණා. ඒත් එක්කම මහා දුකක් හිතේ ඇති පිරුණා. අනේ ඇත්තටම ඒ මෙයාම  තමයි. එහෙම හිතුව මම මදක් අතීතෙට ගියා. ඇත්තටම එදා ඒ මුහුණ දකිද්දි පිරිමි ළමයෙක්ගෙ තරම් කොන්ඩෙ තිබුනේ නෑ කියලා කල්පනා වුනේ ඒ වෙලාවෙදි . මොකද පිරිමි ළමයිනුත් කොන්ඩෙ ගොඩක් කොටට කපලා තිබුනු නිසා මට එදා එතරම් තේරුමක් නැති වුණා .
“පොඩි හාමුදුරුවෝ ”.....

මං හිමීට මිමිනුවා. ඒ වචන ඇහිලද මන්දා අර අහිංසක හිනාවෙන්ම මට සංග්‍රහ කළා. මමත් හිනාවෙලා විතරක් තරමක් පසුපසට වුණා.  අක්කලා අයියලා දැක්කොත් බනියි කියන දේටත් වඩා මගේ හිත ඇතුලෙන් වේදනා විදින නිසයි එහෙම කළේ . 

එදා රාත්‍රියෙ බණ්ඩාරනායක නේවාසිකාගාරයම මහා පාළුවකින් පිරිලා වගේ මට දැනුනේ. එතරම් ළමයි ඉඳලත් මගේ හිතේ පාළුව අවට හැම තැනින්ම මට දැනෙන්න ගත්තා .

“ඒයි වරෙන් බන් බත් කන්න. නිදාගන්න ඕනි”.

මුකුත් නොකියම බත් කටවල් දෙක තුනක් කාපු මට වෙනදා හැදෙන පපුවෙ කැක්කුම හැදුනා. සුපුරුදු පරිදි නදීගෙ සිද්ධාලේප එකෙන් සිද්ධාලේප ටිකක්  ගාගෙන මං ඇඳට වැටුණා. දවසම මහන්සි වුණු නිසාදෝ කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගිහින් උදේ ලෙක්චර් යන්න කියලා ඔෂී කතාකරනකම්ම මං නිදි.
මංජුසාව පළමු වසර අපි කරන කළා උළෙල. පා ගමනින් දවස් දෙකකට පස්සෙ වැඩ පටන් ගන්න කියලා ජිම් එකට ගියා. ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙ නිසාදෝ බැජ් එකේ ගොඩක් පිරිසක් මේ අත්දැකීම ලබාගන්න ඇවිත් හිටියා.

“නංගී , ඇයි උඹලා කොල්ලො වෙනම හාමුදුරුවො වෙනම උඹලා වෙනම ඉන්නෙ. උඹලා ඔක්කොම එකම බැජ් එකේ. හැමෝවම අඳුරගන්නවා ඒකටයි අපි මේවා කරන්නෙ. මේක කැම්පස් එක ගම නෙමෙයි , හාමුදුරුවො එක්කත් කතා කරනවලා ගිහින්. ගෞරවය තියෙන්න ඕනි. ඒත් එයාලත් උඹලගෙ සහෝදරයො වගේ තමයි මේ කැම්පස් එක ඇතුලෙදි හරිද ”. 

අක්කා කෙනෙක් එකපාරටම අපි ඉඳපු fටිබල් එක ළඟට ඇවිත් තරමක් සැරෙන් කියවන් ගියා. 
අපි කට්ටියක් පිරිමි ළමයි වැඩ කරන පැත්තට ත් මමත් තව දෙතුන් දෙනෙකුත් හාමුදුරුවො ඉන්න පැත්තටත් ගියා සැරසිලි කරන සමනල්ලු අතේ තියාගෙනම.

 “ අනේ මටනම් බෑ මේ දේ කරන්න. ඇයි මගෙ හිත මේ තරම් බොළඳ , එයා හාමුදුරුවෝ කෙනෙක්නෙ.”
මං මගේ හිතත් එක්ක අමාරුවෙන් පොර බැදුවා. 
“මොකද මේ බයවෙලා වගේ”.         
නුහුරු කටහඬක් වුනත් ඒ වචන හදවතට ම කිඳා බැස්සා වගේ.
“පොඩි හාමුදුරුවනේ ”
“ම්ම්ම් මතකද මාව, එදා ආපු පළවෙනි දවසෙ කව්දෝ කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ.”
මට පොළව පලන් යන්න හිතුනා මේ මොන ලැජ්ජාවක් ද කියලා. ඒත් එක්කම මෙයා නම් හරිම කටකාරයෙක් වගේ කියලා හිතුනා. 
“අනේ එහෙම නෑ හාමුදුරුවනේ , එනවද සමනල්ලු හදන්න යන්න හාමුදුරුවොත් ”
“ආ.... යමුකෝ , අපිත් මේ කම්මැලි කමේ හිටියෙ. 

ටේබල් එකට ගිය අපි එකිනෙකාගෙ විස්තර කතා කළා . පොඩි හාමුදුරුවෝනම් ඇත්තටම හරිම කටකාරයි. මං නම ඇහුවම 

“පිපිඤ්ඤසාර”  කියලයි කිව්වෙ. අපි හැමෝටම හිනාව නවත්තගන්න බැරි වුණා. 

“අනේ පොඩි හාමුදුරුවනේ ඇත්තම නම මොකක් ද ? නැත්නම් අපි මේ නමින්ම තමයි කතා කරන්නෙ ”.
“ම්ම්ම්, මගෙ නම “ධම්මරතන.”

ඊට පස්සෙ අපිත් හාමුදුරුවරුන්ගෙ නම් ගම් විස්තර අහලා අපෙත් කාඞ් කියලා වැඩ ටික කළා. 
මෙහෙම කාලයක් ගතවෙද්දි දිනපතා ඒ ඇස් දෙක දකින්න මට අවස්ථාව උදා වුණා. පොඩි හාමුදුරුවො හරිම පින් පාටයි. බුදු දහමට ඉතාම ලැදියි. කතා බහේදි වුනත් විහිළු කරල හිටියත් ගොඩක් ධර්ම කරුණු අපට කියලා දුන්නා. 

“සමාවෙලා හදාගන්න මට මගේ හිත
 එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න”.....

“ආ...ලකීට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දන්නෙ අදනෙ”. 

මං මංජුසාවෙ සින්දු කියලා එද්දි මං ඉස්සරහට ආපු පොඩි හාමුදුරුවෝ කිව්වෙ මගේ හිතේ දාහක් දේවල් සිත්තම් කරමින් ය . 
“අනේ ඒක සින්දුවක් විතරක්ම නෙමෙයි මගේ හිතේම තියන දෙයක් ”

Monday, July 22, 2019

මුස්ලිම් සංස්කෘතිය හා බැඳුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ ( ආහාර හා ඇඳුම් පැළඳුම් )



මුස්ලිම් සංස්කෘතිය තුල අන්තර් සංස්කෘතිය ඉස්මතු වන අංග ලක්ෂණ කිහපියකි.ආහාර පාන හා ඇඳුම් පැළඳුම් ද එම අන්තර් සංස්කෘතිය පිළිබිඹු කරන අංගයන් අතර කැපී පෙනේ.
මුස්ලිම් ජනයාගේ හදුනාගැනීමේ ප්‍රධානම ලක්ෂණයක් වන ඇඳුම තුලින් කෙසේ අන්තර් සංස්කෘතිය පිළිබිඹු වන්නේ දැයි මා පළමුවම දක්වමි.

මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ ඇඳුම වනුයේ “හබාය” ය- ඒ වගේම මොවුන් මුහුණ වැසෙන සේ ඔලුවේ සිට පළඳන
     “හිජාබ් ” යන ඇඳුමෙම කොටස ද ඔවුන් ගේ අනිවාර්යය අංගයක් වේ. අතීතයේ කළු පැහැය පමණක්ම භාවිතා කළද වර්තමානයේ දී ඒ ඒ රටවල දේශගුණික හා සමාජ වෙනස් වීම් නිසාවෙන් විවිධ වර්ණයෙන් යුක්ත හබාය අදිනු දැකිය හැකි වේ-  අතීතයේ බ්‍රාහ්මණ කාන්තාවන් මෙන්ම වර්තමානය වන විටද දැකිය හැකි ද්‍රවිඩ හා හින්දු ජනයා ද තම ශරීරය හිසේ සිට පාදාන්තය දක්වාම වැසෙන සේ මුස්ලිම් ජනයාගේ ඇඳුමට සමාන වූ ඇඳුම් අදිනු ලැබේ- මේ තුලින් මුස්ලිම් සංස්කෘතියෙහි හා එම සංස්කෘතීන්හි අන්තර් සබඳතාවක් දැකගත හැකිය- -එමෙන්ම ටෝගාව යන ග්‍රීක ඇඳුම ද මේ හා සමාන බවක් දැක්වේ.
විශේෂයෙන් මුස්ලිම් සංස්කෘතිය ව්‍යාප්ත වූ මැද  පෙරදිග රටක් වන සෞදි අරාබි සංස්කෘතිය තුලින් අනෙකුත් රටවලට මෙම සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත .එහෙත් එරටෙහි ඇඳුම සඳහා කළු පැහැය අද වන විටත් භාවිතා කළ ද ලංකාව ඇතුලු අනෙකුත් රටවල් විවිධ වර්ණයන්ගෙන් මෙන්ම ෂල්වාරි , දෙපතුල දක්වා දික්වූ සාය හා අතෙහි වළලුකර දක්වා වූ හැට්ටය , කලිසම හා දනිස දකිවා දික්වූ හැට්ටය මෙන්ම වයසක කාන්තාවන් සාරිය ද ඇඳීමට යොමු ව ඇත.

හඳයාගේ වෙනස




“ඒයි නංගි , මෙහෙ වරෙන්. උඹ මොකද හැමදාම අරුත් එක්ක එන්නෙ.උඹගෙ කොක්ක ද? ආ”

මෙහෙම තමයි කැම්පස් ආවම පළවෙනි අවුරුද්දෙ මුල ගෙවන්නෙ. ඒ කාලෙ හරිම සුන්දරයි- මතකයන් ගොඩයි.
මම කැම්පස් ආවෙ මාතර ඉදන්
 මිද්දි කියලා කාඞ් එක වැටුනෙත් ඒ නිසාම යි.මගේ හොඳම යාළුවො ටිකත් මාතරයි හම්බන්තොටයි අයම තමයි. අපේ ගොඩක් යාළුවොන්ගෙ වැමෙ අපි කියන දේවල් වලට නෝන්ඩි දාන එක- මොකද අපි මාතර නෙ- දවසක් , 
        
“ආ මිද්දී ඔහේලා කෑවයි--”

කියාගෙන නෝක්කාඩුවට හිනා වෙමින් අපි ලඟට ආවෙ හඳයා- එයා අපි එක්ක හිටිය ටිකක් වෙනස් යාළුවෙක්- එයාට අපි කියන්නෙ පොෂ් හඳයා කියලා- හාවෙක්ගෙ වගේ සුදු බෝල මූණක් තිබුණ නිසා තමයි එයාට එහෙම කිව්වෙ- හඳයගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්- ඩොක්ටර් කෙනෙක් කිව්වට ඇත්තටම එයා මනෝ වෛද්‍ය වරයෙක්- කොළඹ හැදී වැඩුන  හඳයට තමන්ගෙ තාත්තගෙන් පොඩි කාලෙ ඉදන්ම අහන්න දකින්න ලැබුණු දේවල් සහ කොළඹ පරිසරයත් එක්ක තමා හඳයගෙ මේ හැසිරීම් ගොඩ නැගිලා තියෙන්නෙ- දවසක් අපට මාතර කපක් සෙට් වුණා- මං කිව්වෙ නෑ නේද කපක් කියන්නෙ මෙකක්ද කියලා- කපක් කියන්නෙ මළගෙයක් වෙලා කියන එක- අපේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක් මැරිලා අපි හාමෝම එහෙ යන්න සෙට් වුණා- එදා සොබාදහමත් අපිත් එක්ක තරහා වෙලා වගේ පරිසරයම අඳුරු කරගත්ත මහා වැස්සක් ඇද හැලුවා- මහ සද්දෙන් අකුණු ගහන, ගිණි පුපුරන විදුලි කොටන මේ රෑ අපෙත් මාතෘකාව වුණේ හොල්මන්, භූත දෝෂ, අනිවිණ කොඩිවිණ ගැන තමයි- මොකද අපි යන්නෙ මේවට ගොඩක්ම ප්‍රසිද්ධ අපේ මාතරනෙ- සමහර අය නම් හොල්මන් කියන නම ඇහෙද්දිත් බය වෙන නිසාම කොල්ලන්ගෙ වැඬේම කෙල්ලො ටික භය කරන එක- ඔය අතරෙ අපේ නිකිණි කිව්ව කතාවට හැමෝම තවත් ගල් ගැහුණා.

පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග

         
හැඳින්වීම


                                                             සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. ඒ නිසා මේ සියල්ලම අතර එකිනෙකට අන්‍යෝන්‍ය වූ සම්බන්ධතාවයක් ඇත. පරිසරය හා සෞඛ්‍ය අතර ද එවැනිම සබධතාවක් ඇත. මා මෙම නිබන්දනය තුළින් බලාපොරොත්තු වන්නේ එම සම්බන්ධතාවය නොව වර්තමානයේ ඇති වී තිබෙන පාරිසරික ගැටලු හා සෞඛ්‍ය  ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් පිළිබදවය.
                                         පරිසරය පිළිබදව කතා කිරීමේදී පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධය කතා නොකරම බැරි ය. මන්ද එම සම්බන්ධතාවය නිසා මිනිසා ලබන ප්‍රයෝජන බොහෝ ය. ඒ නිසා මා මෙහිදී පළමුවෙන් ම ඒ පිළිබදව හඳුන්වා දී ඇති අතර ඉන් පසුව පරිසරයත් සෞඛ්‍යත් අතර ඇති සම්බන්ධය විග්‍රහ කරමින් ඇගයීමක් කර ඇත.
                                                             අප වර්තමානය පිළිබඳව කතා කරද්දී අතීතය පිළිබඳව අමතක කළ නොහැකි ය. ඒ නිසා අතීතය තුළ පාරිසරික ගැටලු ඇති වූ ආකාරය ලඑයට හේතු , එය වළක්වා ගත්තේ කෙසේ ද වගේම ඒකට ඇති වූ සෞඛ්‍ය  අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබේ. රජ පරම්පරාවේ සිට සුනාමි තත්වයල කුරිරු යුද්ධය ආදී පාරිසරික ගැටලු මෙන් ම වසංගත රෝග  :වසූරිය ,මැලේරියා * ව්‍යාප්තිය පිළිබඳව ද එහිදී විග්‍රහ කෙරේ.

Wednesday, July 3, 2019

කතකට පමණක් සීමාවුණු සංස්කෘතිය

       









බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළා යැයි ප්‍රචලිත ලංකදීපය වැදගත් ම වූ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ රටකි. ශ්‍රී ලාංකීය ජනයා සංස්කෘතිය හා කෙතරම් නම් බැදී ඇත්දැයි  විමසා බැලුවහොත් ඒ තරම් සංස්කෘතික අගය දන්නා වෙනත් ජන කොටසක් මෙලොව තවත් නැති තරම් ය. එතරම්ම ඔවුන් තම සංස්කෘතිකාංග ආරක්ෂා කරනු ලැබේ . සිනහවට කරුණ නම් එයම වේ. කොහිද , කොතැනද , කෙදිනකද මෙම සංස්කෘතිය ආරක්ෂා වූයේ. ඔබ දුටුවෙහිද එය රැකෙනා තැනක්. අද වන විට කිනම් සංස්කෘතියක් අපට හිමිද යන්න විමසීමට භාජනය කළ යුතු කරුණකි .

   සමාජයක පවතින්නා වූ මූලික අවශ්‍යතායන්වල සිට ආගම දහම , කෑම බීම , හැසිරීම් රටා යනාදී සියල්ලම මෙම සංස්කෘතිය යන රාමුවට කොටු වී ඇති බව සැබෑය. එහෙත් එසේ කොටු වුනු සංස්කෘතිකාංග සැබවින්ම ලාංකිකයන්ගේ ද යන්න ගැටලුවකි. සංස්කෘතිය යනු කාලයෙක් කාලයට වෙනස් වන්නකි . පවතින දේවල් ගිලිහෙමින් , නව දේ එක් වෙමින් සංස්කෘතිය සැමදා පවතී. එය කෙසේ හෝ සැමදා පැවතියද ලාංකීය සමාජය තුල පෙර පැවති සංස්කෘතිය අද වන විට දැකගත නොහැකි ය. මන්ද එය කාලයෙන් කාලයට වෙනස් ව්න බැවිනි.එසේනම් එවැනි සංස්කෘතියක් අප කෙසේ නම් ආරක්ෂාව කරගන්නේ ද .

   වත්මන තුල ශ්‍රී ලාංකික සමාජයට පවත්නා විශාලතම ගැටලුවක්  නම් කාන්තාවන් නිසාවෙන් සංස්කෘතිය විනාශ වන බවයි . කාන්තාව පිළිබඳ සැමදා බැලුවේ පිරිමි ඇසකිනි. අදහස් ලියුවේ පිරිමි ඇසකිනි . ඔවුන් කෙදිනක කාන්තාවකගේ වැරැද්දක් නොදැක සිටීදැයි මා හටනම් සැකයකි. කෙසේ හෝ සංස්කෘතිය යන්නට ජනප්‍රිය අංග එක් වී ඇතැයි යන්න පිළිගත යුතුම කරුණකි . එහෙත් ඒ සදහා කාන්තාවන් අදින පළදින ආකාරය මූලික හේතුව නොවේ . විවෘත ආර්ථික ක්‍රමය සමග ආරම්භ වූ පෞද්ගලිකරණය සමග පැමිණි ජනප්‍රිය සංස්කෘතික  ලක්ෂණයන්ට ගැහැනු ,, පිරිමි දෙපාර්ශවයම ඇද බැදගත් හ. ඒයට වගකිව යුත්තේ එකල සිටි දේශපාලකවරු ය. පෘතග්ජන මිනිසා යනු  පහසුවෙන් රැවටිය හැකි පද්ගලයෙකි. තමාට සැපක් සතුටක් ලැබේ නම් ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම් ය. මෙනිසා ජනප්‍රිය සංස්කෘතිකාංගයන්ට මිනිසා ඇබ්බැහි වීම නොවැලැක්විය හැකි කාරණාවක් වේ.

Friday, June 28, 2019

ලක්බිම කැළැඹූ මාතර හදි හූනියම්




 " ලොකු උන්නැහේලවෙලාව කීයෙයි. ම්ම්ම්ම....මහත්තයා  මේ පලාතෙ
කෙනෙක් නෙමේ වගේ. ඔව් ලමයි මන්  මාතර ඉදල එන ගමන් . අප්පහ්. මාතරද? අහද්දිත් ඇඟ සීතල වෙනව..."
              මෙවැනි කතා මාතරට නුදුරින් කොළඔ ඇතුළු නාගරික ප්‍රදේශ වලින් අසන්නට ලැබෙන බව මාගේ දෙසවනටම ඇසී තිබේ.එයින් පැහැදිලි වන්නේ මාතර පවතින්නා වු කුමන හෝ දෙයකට මිනිසුන්ගේ සිත්තුල යම් තැතිගැන්මක් ඇති වී ඇති බවයි. Diwaneth” තුලින් අද මා අනාවරණය කරනුයේ එයයි.
       "මාතර ගුරුකම් ” මාතර පිළිබඳ කතාබහ කරන්නාවූ ඕනෑම අයකුගේ කතා බහට යොමුවන කරුණකි.මාතර ගුරුකම් කී විට එහි යහපත් තත්ත්වයන් මෙන්ම අයහපත් තත්ත්වයන්ද වේ.එහි දී  ර්‍ණ හදි හූනියම් ” යනු මාතර ගුරුකම්හි අයහපත් තත්වයයි. මෙය මෑත කාලීනව ආරම්භ වූ ‍දෙයක් නොවන බවත් පරම්පරා ගනණාවක අතීතයක් පවතින බවත් මාතර කරුනු දත් ජනතාව ප්‍රකාශ කරයි.
          බුදු රදුන්ගේ කාලය තුලදී මෙම හදි හූනියම් වලින් දොළොස් අවුරුද්දක් මුළුල්ලේ දුක් විඳි දහම් මස්ත රජ්ජුරුවන්ගේ පුතු සුව කිරීමට සක්‍ර දෙවියන් මිහිපිටට පැමිණි බව මාතර වෛද්‍යාචාරීන් පවසයි. එමෙන්ම අප කව්රුත් අසා ඇති ආකාරයට ආනන්ද හිමියන්ට රොඞී ගුරුකමක් කර උන්වහන්සේ බන්ධනය කර ගනු ලැබීය.
මේ ආකාරයට ඈත ඉතිහාසයකට හිමිකම් කියන හදි හූනියම් ලංකාවේ මාතර ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තව පවතී. එමෙන්ම ල වස්තුවලට ආශා‍වෙන් අනාගතේ මිනිසුන් සිදු කළහැකි ගුරුකම් කිහිපයක් බුදුරදුන් පෙන්වා දී තියනව කියල අප සාකච්ඡා කළ ඇදුරුතුමා කීවා.ඒ අනුව
ඔඩ්ඩි විනය , ගුවන් සූනියම් විනය, දුනු සූනියම් විනය, කටු සූනියම් විනය, අට සූනියම් විනය, ගල් සූනියම් විනය, මල් සූනියම් විනය, වල් සූනියම් විනය, අන්ධ සූනියම් විනය, මන්ධ සූනියම් විනය, ගොළු සූනියම් විනය, කෑම සූනියම් විනය, සොඩ්ඩු සූනියම් විනය, යන ගුරුකම් වේ.

හදි හූනියම් ආරූඪයෙන් නේද කරනව කියන්නෙ ඇදුරුතුමනි.

  හදි හූනියම් වලින් කරනව තමයි. ඒ වගේම මන්ත්‍ර මඟිනුත් කරනවා.
ආරූඪෙන් කරද්දි සොහොන් කාලි මෑණියන්ගෙයි , ගම්භාර සූනියම් දෙවියන්ගෙයි ප්‍රධානත්වයෙන්  ආරූඪයෙන් හදි හූනියම් කරන්නෙ. මන්ත්‍ර මඟින් හදි හූනියම් කරද්දි එක එක ක්‍රම වලට කරනව. වැල් පැන්නුම්, ඉරි පැන්නුම්   රුක්කටු ගැසීම් ,පැතිලි ගිණියම්බිත්තරේ ගුරුකම , පැළඉනි ඇටේ ගුරුකම වගේ ගුරුකම් තමා කරන්නෙ. විජ්ජපාළුවෙන් මතුරලා දැම්මම කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෑ. ඒ වගේම ලෙඩ වුනු කෙනෙක්ගෙ කොන්ද හරි වෙන ශරීර අවයවයක් හරි අත ගෑවොත් ඒ ලෙඩ වැඩි කරන්නත් විජ්ජපාළුවට පුළුවන්.

         එතකොට ‍නෝනෙ තිරිසන් සත්තුන්ටත් වින කරන මිනිස්සු ඉන්නවා.

හොඳයි ,දැන් මට කියනවද මේ ගුරුකම් කරද්දි මොන වගේ ද්‍රව්‍යද ගන්නෙ කියල.
කොඩිවින කරද්දිනම්  ගොඩක් දේවල් ගන්නවා. විනේ කරන පුද්ගලයගෙ කිළුටු ඇදුම් කෑලි, කෙස්ස ,නියපොතු, නූල් පොටවල් හෙමත් ගන්නව. මේව ජීවම් කරද්දි නම් බිත්තරයක්,  රත් මල් , දිවි කදුරු ,රත් නෙටොල් , මිනී අළු, හුඹස් දළු , ගෙරි පස් ප්‍රධානවම ගන්නව.

Saturday, June 22, 2019

"පුරුෂාධිපත්‍යයේ වහලිය ?

                                                                   
                                                     

පුරුෂාධිපත්‍යය මුල් බැසගත් සමාජයක අතීතයේ ද වර්තමානයේ ද එය ඒ ආකාරයෙන්ම පැවතෙනුයේ කාන්තාව ඔවුන්ගේ වහලුන් මෙන් සිතීමේ ප්‍රවනතාව වැඩි කරමින් ය. සැමවිට පීඩාවට හංසනයට පත් වන්නියක ලෙස කාන්තාව ලොව ප්‍රචලිතය. ඇය කුඩා දියණියක වන වයසේදී වුව එම හිංසනයන්ට මුහුණ දේ. සේයා ,සදෙව්මි කුරිරු ඝාතන ඊට හොඳම නිදසුන්ය. සම්බුද්වීපය ලෙස ලොව ප්‍රචලිත වුවද ශ්‍රී ලංකාව තුළ කාන්තා හිංසනයන් මහත් සේ දැකගත හැකිය. එය කායික හෝ මානසික වේවා ඒ එකදු ආකාරයකට සිදු වීම අද වන විට ද නවත්වාලිය නොහැකි කාර්යක් වී ඇත.

ස්ත්‍රී දූෂණය තවමත් සිදුවන ලෝකය තුළ එය තනි පුද්ගලයකු විසින් හෝ සමූහයක් විසින් කරනු ලබන්නක් ලෙස විවිධ වේ. කෙලෙසක දූෂනයට ලක් වුවද එමඟින් එම කාන්තාව ගැබ් ගත්තේ නම් පියෙකුගේ නිසි උරුමයක් නොමැති වුව ද එම දරු ගැබ ආරක්ෂා කරගැනීමේ වගකීම ඇයට හිමිය. නීකියෙන්ම කීරණය කර ඇති එයට කාන්තාව විසින් ම දඩුවම් විදිනවා විනා එකදු පිරිමියකු වරැකිව යුත්තේ නොfවි.සමූහ දූෂනයකට ලක් වූ කාන්තාවකට හිමි වූ කළලයට කිනම් පුරුෂයකු තම නාමය ලබා දේද? එය එසේ සිදුවනවාද නැතිනම් පිරිමින්ට කිසිඳු දඬුවමක් ලබා දෙන්නේ ද යන්න ගැටලුවකි. දඬුවම් දීම කෙසේ වෙතත් කාන්තාව කුමන බාධා මධ්‍යයේ වුව ද කළලය විනාශ නොකර රැකගත යුතුය. දූෂනයට ලක් වූ ඇය කුඩා දියණියක් ද කරුණියක් ද යන්න සමාජයට අදාළ නොවන අතර කෙසේ හෝ ගර්භාෂය තුළ වැඩෙනා එම කළලය ආරක්ෂා කර ගැනීම ඇය කළ යුතුය. කළලය විනාශ කළහොත් එය ජීවිතයක් නැති කිරීමේ වරද යටතේ දඬුවමක් විඳීමට සිදුවන කාරණයක් වේ.

මවක වීමට සුදුසුකම් ලබනා කාන්තාවගේ ගර්භාෂයට හිමිකරුවකු සිටීද යනුවෙන් මා ප්‍රශ්ණ කරමි. ඇය ගැබ් ගන්නා තත්වයට පත් කරලීමට කෙතරම් පුරුෂයින් සිටීය ද එම ගැබට හිමිකම් කීමට කරම් එකදු පුරුෂයකු හට පිරිමිකමක් නැති වී ගොස්ය. එමෙන්ම රට තුළ පවත්නා නීතිමය තත්වයන් ද කාන්තාවට විෂම බෙදීමක් තර ඇති බව මාගේ මතයයි. කාන්තා ශබ්රය තුළ ගර්භාෂය පිහිටා තිබුන ද එයට කිසිඳු හානියක් කරලීමට කාන්තාවට අවසරයක් නොමැත. සත්‍යයකි. මෙලොව එළිය දකින්නට සිටින බිළිඳකු මෙම විෂම ලොව සිදුවන්නා වූ වැරදි වලට වගකිව යුතු නැත. එහෙත් එම දරුවාද මෙලොව එළිය දැක මෙවැනිම වරදක් කරනුයේ නම් ඔහුට උප්පත්තිය ලබා දීමෙන් ද පලක් නොවේ.
සෑම කාන්තාවක්ම ඔබේ මව මෙන් සහෝදරියන් මෙන් සිතන්න යැයි නොයෙකුත් තැන්වලදී අප අසා ඇත්තෙමු. නමුත් එසේ සිතනුයේ කව්රුන් ද සියලු පිරිමින් කාන්තාව මතම වරද පැටවීමට යනවා විනා තම වරද හදුනා ගන්නේ නැත. පිරිමින්ට කාන්තාවන් සෙල්ලම් බඩු ගානය. තම ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගත් පසු ඇය පරවුණු මලක් සේ විසිකර ඇත. එහෙත් ඔහු විවාහ පත් වීමට හෝ නාවතත් ආලය කිරීමට තරුණියක සොයන්නේ නම් ඇය ඉතා පිරිසිදු විය යුතු බව අනිවාර්ය ය. කාන්තාවගේ පිරිසිදුකම සෙව්වා විනා කෙදිනක හෝ පිරිමියකුගේ පිරිමිකම සෙව්වේ ද? නැත. කිසිවෙකුට එය ගැටලුවක් නොවේ.

කොල්ලා ද බල්ලා ද කොහේ ගියත් නහවා ගෙට ගත් පසු සියල්ල හරි ”

යැයි ඕනෑ තරම් අසා ඇති කරුණකි. එසේ නම් කාන්තාවට පමණක් මෙවන් නීති රීති මන් ද . එය සිදුවනුයේ මෙලොව බොහෝ දේ පිරිමි ඇසින් තීරණය කරන නිසිවෙනි. ඉහත කාරණය තුළ දී කොල්ලා ද බල්ලා ද සමාන කර ඇති බවක් පෙනී යයි. නමුත් බල්ලා හට කන්න දුන් පසු වලිගය හෝ වනා ඌ කෙළෙහිගුණ දක්වති. එහෙත් කොල්ලා (පිරිමියා) එසේ නොවේ. කිරීමට තිබෙන සියලු අශෝභන වැඩ කර කිසිවක් නොකරන ලද සුද්දවන්තයකු සේ පසුපසට වීම පුරුෂයාගේ සිරිතය.

Tuesday, June 11, 2019

කාන්තාවන්ට හා තරුණයන්ට සුදුසු පරිසරයක් ප‍්‍රවර්ධනය


             ඇය වෙනුවෙන් ද දිනයක් වෙන්වුනු කාන්තාවට හා තරුණියට අද වන විට ඇයට සුදුසු සමාජ වටපිටාවක් පවතීද ? දිනයක් වෙන් කළ පමණින් එම පරිසරය නිර්මාණය වේ ද? මේ මෙම පැනයට පිලිතුරු සෙවීමට කදිම කාලයයි.

             මෙරට සාමාන්‍ය නීතිය අනුව වයස අවුරුදු 18න් පසු අප ගැහැනු දරුවකු තරුණියක ලෙස හඳුන්වා දෙනු ලබනවා. විවාහ වූ පසු ඇය ගැහැනියක් ලෙස හැඳින්වීමට සමාජය පෙලඹී සිටි. මෙම සියලූ දෑ තුළින් ඇයට ඇගේ  ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති අයුරු දැක ගත හැකිය. විශේෂයෙන් ම දකුණු ආසියානු සංස්කෘතිය තුළ පවතින සංස්කෘතිකාංග හේතුකොටගෙන කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇතැයි කීම සාධාරණය . යුරෝපා රාජ්‍යයන් තුළ දී පිරිමි දරුවන්ට මෙන්ම ගැහැණු දරුවන්ටද තමාට රිසි සේ තම නිදහස භුක්ති විඳීමේ අයිතිය ලැබීම සැබැවින්ම කාන්තාවන්ට හා තරුණියන්ට සුදුසු පරිසරය ප‍්‍රවර්ධනය කිරීමේ දී ඇය සංස්කෘතිය යන බැඳීමට යටත් කරමින් ඇගේ නිදහස අහිමි කිරීමෙහි සාධාරණත්වයක් පවතීද? එය ද එවිට ඇයට සුදුසු පරිසරය.  ඕනෑම අයකුට සුදුසු පරිසරයක් වනුයේ ඔවුන්ට තම නිදහස උපරිම අයුරින් භුක්ති විඳීමට පැවතීමේ නිදහස වේ. එම පරිසරය නිවැරදි අයුරින් නිර්මාණය කර ප‍්‍රවර්ධනය කිරීම අප සැමගේ වගකීමක් වේ.

චිත‍්‍ර කලා ඉතිහාසයේ ආරම්භක යුගය සහ ඉන් නිරූපිත සාම්ප‍්‍රදායික සන්නිවේදනය

Related image
Add caption
           
         
















  කලාව යන වචනය ඈත ඉතිහාසයක් උරුම කරගත්තා වූ වචනයකි. ඒ තුල චිත‍්‍ර කලාව සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. පැරැන්නන් ස්වභාව ධර්මය ජයගත් එක් අංගයක් ලෙස මෙම චිත‍්‍ර කලාව හඳුන්වා දිය හැකිය. විවිධ යුගයන්ට හිමිකම් කියන්නා වූ චිත‍්‍ර කලාව ඉතා සුවිශිෂ්ට වූ ඉතිහාසයකට උරුමකම් කියනා බැව් නොරහසකි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර , චිත‍්‍ර කලාවෙහි ආදිතම යුගය ලෙස හ`දුන්වයි. ප‍්‍රාග් මානවයාගේ භාෂාව , ලිවීම , කියවීම එතරම් දියුණු මට්ටමක නොතිබූ බව ඔබ අප දන්නා කරුණකි. එනිසාවෙන් , සන්නිවේදනයද දියුණු මට්ටමක නොතිබූ අතර අංග චලනයන් මගින් සන්නිවේදනය සිදුකරනු ලැබීය. දඩයම ජීවිකාව කරගනු ලැබූ ආදි මානවයා එම කාර්යය සිදු කිරීමට පිරිමි පාර්ශවය පමණක් උපයෝගී කරගනු ලැබීය. මොවුන් එයින් ලද අත්දැකීම් තම නිවසෙහි සිටිනා බිරින්දෑවරුන් හා ළමුන් අතරට සන්නිවේදනය කරනට වූ මාර්ගය වූයේ ජීවත් වූ ගල් ගුහා බිත්ති තුල කුරුටු ගා එම අත්දැකීම් පෙන්වා දීම ය. මෙම කුරුටු ගෑම් පසු කාලීනව අක්ෂර කලාව , නර්තන කලාව ඇතුලූ විවිධ කලාවන් බිහිවීමට හේතු වන්නට විය.

සමස්ත ලෝකය පුරා ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙම ක‍්‍රියාව සිදු කළ බවට පුරාවිද්‍යා සාධක කියාපායි. ඒ අනුව, අපි‍්‍රකාව,  ඕස්ටේ‍්‍රලියාව, ආසියාව මෙන්ම යුරෝපා රාජ්‍යයන් තුලින් මෙම ගුහා නිර්මාණ හමු වී ඇත.

උදාහරණ :
  •     උතුරු ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහා ( තප්පුලන ගවයා හා විවේක ගන්නා බයිසන් රුව* සහ කෝගුල් ගුහාව( නග්න පිරිමි දරුවකු වටා නටන කාන්තාවන් පිරිසකගේ රූ සටහන් *
  •    උතුරු ප‍්‍රංශයේ ලැස්කෝ ගුහා ( අඩි 17 ක් පමණ දික්වූ ගව රුව , ගව පෙල හා වේගයෙන් ඉදිරියට පනින ගව රුව) නියෝ ගුහාව ( හී පහර කාගෙන බිම ඇද වැටෙන බයිසන් රුව , තරබාරු මී හරක් දෙදෙනෙකු හා අන් සහිත පිනි මුවන්ගේ රූ සහ පොන් ඩි ගෝමි ගුහාව (මැමත් පෙරහැර)
  •   නැගෙනහිර ස්පාඤ්ඤයේ පිරනීස් හා සියේරා නොවායා දක්වා මුහුදුකරයේ ඇති ගුහා.

ශී‍්‍ර ලංකාව තුළ මෙසේ ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් හමුවන ගුහා අතර,
  •       තන්තිරිමලේ ගුහා චිත‍්‍ර

  •        බිල්ලෑව ගුහා චිත‍්‍ර

  •        නැව්ගල ගුහා චිත‍්‍ර

  •        කදුරුපොකුණ ගුහා චිත‍්‍ර

  •         ආ`ඩියාගල ගුහා චිත‍්‍ර

  •        කෑගල්ල දොරවක ලෙන

  •         දිඹුලාගල ගුහා චිත‍්‍ර
යනාදී ගුහාවන් වේ.

ප‍්‍රාග් මානවයන්හට මෙලෙස මෙම ගුහා තුළ සිතුවම් නිර්මාණයට ප‍්‍රධානතම සාධක දෙකක් හේතු වූ බව පැහැදිලි වේ. එනම්,
  •        දඩයම
  •         ඇදහිලි හා විශ්වාස
ඇ`දහිලි විශ්වාසයන් පිළිබ`ද විමසා බැලීමේදී,

      ඔවුනට නිතර නෙත ගැටෙන සතුන්ගේ රූ ගල් ගුහාවල සිත්තම් කල විට වැඩි වශයෙන් එම සතුන් දඩයමට හසු වේය”

යන විශ්වාසය වැදගත් වේ. එමෙන්ම ,

”      තමන්හට අනතුරුදායක සතුන් අ`දිනු ලැබීමෙන් එසේ සිදුවන අනතුරු අඩු වන බව”

 විශ්වාස කරමින් චිත‍්‍ර අ`දිනු ලැබීය. තවද

      සත්ත්වයින් මරා ලද ජයග‍්‍රණයන්හි සතුට සැමරීමට”

 ද මෙසේ සිත්තම් කළ බව අදහසකි.

මොවුන් මෙම සිතුවම් නිර්මාණය කිරීමේදී යම් ක‍්‍රමවේදයක් අනුගමනය කරනු ලැබිණි. එහිදී ගල් ගුහා බිත්ති පුරා ගස් , කොළ, පොතු හා ගෙඩිවල යුෂ ගෙන චිත‍්‍ර ඇ`ද ඇති අතර සත්ව ලේ තවරමින් ද චිත‍්‍ර නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි.

මේ ආකාරයෙන් අ`දින ලද චිත‍්‍ර නිර්මාණ තුලින් සාම්ප‍්‍රදායික සන්නිවේදනය වූ ආකාරයක් දැකගත හැකිය. ”ප‍්‍රධානවම ආදි මානවයාගේ සමාජ පැවැත්ම පිළිබ`ද සන්නිවේදනයක් මෙම සිත්තම් තුලින් නිරූපණය කෙරේ.”

Monday, April 1, 2019

පටලයට බැඳි සෙනෙහෙ



පටලයට බැඳි සෙනෙහෙ
           

                  මෘදු ය , සියුමැලි ය. එහෙත් සැබෑම ශක්තිමත් බවින් යුක්තය .ඔව් ඒ ඇයයි . කාන්තාව , ගැහැනිය යන්නාවූ විවිධ නම්වලින් හඳුන්වාදුන් ඇය ඉතාමත් පහත් අන්දමින් හදුන්වනු ඔබ ඕනෑ තරම් අසා ඇත. බඩුව, ගණිකාව, නමින් ඇයව නම්කළ සමාජය ඇය තරම් වැරදි  කාරියක් වෙනත් නොමැති තරම් ඇයව හිංසනයට ලක් කරයි. 
                   පිරිමියකු නාගෙන ගෙට පැමිණි විට සියලු වැරදි සේදී ඇතැයි කියමනක් ඇත.එනම් කොපමණ වැරදි කළද ඔහුගේ එම වැරදි ක්ෂණිකව පහව යන බවය. නමුත් ගැහැනිය , ඇයට කෙතරම් නම් සීමාවන් ද? උපන්දා පටන්ම ඇය ඇයගේ නිදහස අහිමි අයකු බවට පත්ව ඇත.