පුරුෂාධිපත්‍යය මුල් බැසගත් සමාජයක අතීතයේ ද වර්තමානයේ ද එය ඒ ආකාරයෙන්ම පැවතෙනුයේ කාන්තාව ඔවුන්ගේ වහලුන් මෙන් සිතීමේ ප්රවනතාව වැඩි කරමින් ය. සැමවිට පීඩාවට හංසනයට පත් වන්නියක ලෙස කාන්තාව ලොව ප්‍රචලිතය. ඇය කුඩා දියණියක වන වයසේදී වුව එම හිංසනයන්ට මුහුණ දේ. සේයා ,සදෙව්මි කුරිරු ඝාතන ඊට හොඳම නිදසුන්ය. සම්බුද්වීපය ලෙස ලොව ප්‍රචලිත වුවද ශ්‍රී ලංකාව තුළ කාන්තා හිංසනයන් මහත් සේ දැකගත හැකිය. එය කායික හෝ මානසික වේවා ඒ එකදු ආකාරයකට සිදු වීම අද වන විට ද නවත්වාලිය නොහැකි කාර්යක් වී ඇත.
ස්ත්‍රී දූෂණය තවමත් සිදුවන ලෝකය තුළ එය තනි පුද්ගලයකු විසින් හෝ සමූහයක් විසින් කරනු ලබන්නක් ලෙස විවිධ වේ. කෙලෙසක දූෂනයට ලක් වුවද එමඟින් එම කාන්තාව ගැබ් ගත්තේ නම් පියෙකුගේ නිසි උරුමයක් නොමැති වුව ද එම දරු ගැබ ආරක්ෂා කරගැනීමේ වගකීම ඇයට හිමිය. නීකියෙන්ම කීරණය කර ඇති එයට කාන්තාව විසින් ම දඩුවම් විදිනවා විනා එකදු පිරිමියකු වරැකිව යුත්තේ නොfවි.සමූහ දූෂනයකට ලක් වූ කාන්තාවකට හිමි වූ කළලයට කිනම් පුරුෂයකු තම නාමය ලබා දේද? එය එසේ සිදුවනවාද නැතිනම් පිරිමින්ට කිසිඳු දඬුවමක් ලබා දෙන්නේ ද යන්න ගැටලුවකි. දඬුවම් දීම කෙසේ වෙතත් කාන්තාව කුමන බාධා මධ්‍යයේ වුව ද කළලය විනාශ නොකර රැකගත යුතුය. දූෂනයට ලක් වූ ඇය කුඩා දියණියක් ද කරුණියක් ද යන්න සමාජයට අදාළ නොවන අතර කෙසේ හෝ ගර්භාෂය තුළ වැඩෙනා එම කළලය ආරක්ෂා කර ගැනීම ඇය කළ යුතුය. කළලය විනාශ කළහොත් එය ජීවිතයක් නැති කිරීමේ වරද යටතේ දඬුවමක් විඳීමට සිදුවන කාරණයක් වේ.
මවක වීමට සුදුසුකම් ලබනා කාන්තාවගේ ගර්භාෂයට හිමිකරුවකු සිටීද යනුවෙන් මා ප්‍රශ්ණ කරමි. ඇය ගැබ් ගන්නා තත්වයට පත් කරලීමට කෙතරම් පුරුෂයින් සිටීය ද එම ගැබට හිමිකම් කීමට කරම් එකදු පුරුෂයකු හට පිරිමිකමක් නැති වී ගොස්ය. එමෙන්ම රට තුළ පවත්නා නීතිමය තත්වයන් ද කාන්තාවට විෂම බෙදීමක් තර ඇති බව මාගේ මතයයි. කාන්තා ශබ්රය තුළ ගර්භාෂය පිහිටා තිබුන ද එයට කිසිඳු හානියක් කරලීමට කාන්තාවට අවසරයක් නොමැත. සත්‍යයකි. මෙලොව එළිය දකින්නට සිටින බිළිඳකු මෙම විෂම ලොව සිදුවන්නා වූ වැරදි වලට වගකිව යුතු නැත. එහෙත් එම දරුවාද මෙලොව එළිය දැක මෙවැනිම වරදක් කරනුයේ නම් ඔහුට උප්පත්තිය ලබා දීමෙන් ද පලක් නොවේ.
සෑම කාන්තාවක්ම ඔබේ මව මෙන් සහෝදරියන් මෙන් සිතන්න යැයි නොයෙකුත් තැන්වලදී අප අසා ඇත්තෙමු. නමුත් එසේ සිතනුයේ කව්රුන් ද සියලු පිරිමින් කාන්තාව මතම වරද පැටවීමට යනවා විනා තම වරද හදුනා ගන්නේ නැත. පිරිමින්ට කාන්තාවන් සෙල්ලම් බඩු ගානය. තම ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගත් පසු ඇය පරවුණු මලක් සේ විසිකර ඇත. එහෙත් ඔහු විවාහ පත් වීමට හෝ නාවතත් ආලය කිරීමට තරුණියක සොයන්නේ නම් ඇය ඉතා පිරිසිදු විය යුතු බව අනිවාර්ය ය. කාන්තාවගේ පිරිසිදුකම සෙව්වා විනා කෙදිනක හෝ පිරිමියකුගේ පිරිමිකම සෙව්වේ ද? නැත. කිසිවෙකුට එය ගැටලුවක් නොවේ.
“ කොල්ලා ද බල්ලා ද කොහේ ගියත් නහවා ගෙට ගත් පසු සියල්ල හරි ”
යැයි ඕනෑ තරම් අසා ඇති කරුණකි. එසේ නම් කාන්තාවට පමණක් මෙවන් නීති රීති මන් ද . එය සිදුවනුයේ මෙලොව බොහෝ දේ පිරිමි ඇසින් තීරණය කරන නිසිවෙනි. ඉහත කාරණය තුළ දී කොල්ලා ද බල්ලා ද සමාන කර ඇති බවක් පෙනී යයි. නමුත් බල්ලා හට කන්න දුන් පසු වලිගය හෝ වනා ඌ කෙළෙහිගුණ දක්වති. එහෙත් කොල්ලා (පිරිමියා) එසේ නොවේ. කිරීමට තිබෙන සියලු අශෝභන වැඩ කර කිසිවක් නොකරන ලද සුද්දවන්තයකු සේ පසුපසට වීම පුරුෂයාගේ සිරිතය.
සෑම ගැහැණියක මෙන්ම පිරිමියකුම නිර්මාණය වනුයේ ගැහැණු ගර්භාෂයකිනි. මෙලොව එළිය දකිනුයේ යෝනි මාර්ගයකින්ම හෝ කුස පලමින්ය. එසේ උපත ලද පිරිමින්ම කාන්තාවකට මෙසේ අගෞරව කරමින් ඇය පීඩාවටත් විනාඹයටත් පත් කරනුයේ මන් ද. ඇය උපත ලැබුවේ ඔබගේ ආශාවන් පිරිමැසීමට පමණම ද ? පිරිමි ඔබ අතින් කිසියම් වරදක් එක් ගැහැණියකට හෝ සිදු වූවේ නම් තවත් ගැහැණියකගෙන් පිරිසිදු බවක් හෝ ඔබ අතින් සිදු වූ වරද සිදු වී නොතිබිය යුතුයැයි නොසිතන්න.
(මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද )
ඔබ වරදක් නොවූ කාන්තාවක් සොයන්නේ නම් ඔබ අතින් ද වරදක් නොවී තිබිය යුතුය. එසේ නොමැති නම් තවත් පිරිසිදු කාන්තාවක් බලාපොරොත්තු වීමට තරම් ඔබ සුදුසු නොවේ.
“අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ”
යන පාඨය ඕනෑතරම් අප කන වැකකි ඇත. බොහෝ දෙනා මාතෘත්වයට ගරු කරති. තම මව මෙන් තවත් කාන්තාවක් දෙස බලති. උත්තම පදවියක් ලෙස මව් පදවිය බාරගන්නට ද ඔවුන් මැලි නොවෙති. එසේ නම් මන්ද සමාජය තුළ කින්තාවට මෙතරම් බෙදීමක් පිරිමින් විසින් ලබා දෙනුයේ. පිරිමි ඔබට නඟන ප්‍රශ්ණයකි මෙය.
“දරුවකු ප්‍රසූත කිරීම ඉ`දැිකටු මලකින් අලියකු ගන්නා වැනිය”ැ යි
අසා තිබේ. එය සැදුණු ආකාරය ඔබ අප හට සිතාගත නොහැක්කේ නොවේ. ප්‍රසූත වේදනාව ඔබ ලබා නොමැති වුවත් ඒ පිළිබ`ඳ අසා ඇති බවට නම් සැකයක් නැත. සෙක්ස් වීඩියෝ නැරඹීම අතින් ලොව පළමු තැනට පත් වීමට තරමු ලාංකීය මිනිසුන් ඒ කෙරෙහි පෙළඹී ඇත. එතරම් මානසික අසහනයක් මෙම බෞද්ධ රටේ මිනිසුන් හට පවතිද්දී කෙසෙු නම් කාන්තාවන් නිදහසේ මෙරට සැරිසරන්නේ ද. සෑම විට කාන්තාවන් පීඩාවට පත් වන බව දන්නේ වී නමුදු ඒ සඳහා කිසිදු පියවරක් ගැනීමට සමාජය කටයුතු කර නොමැත. මේ පිළිබඳ කරුණු වටහා ගත යුත්තේ පිරිමින් වූ ඔබමය. සිතන්න මේ සිටින්නේ තවත් එක් මව්තුමියක් කියා. සිතන්න කාන්කාවකට පීඩා කිරීමට ප්‍රථම මේ තවත් දරුවකු මෙලොවට බිහි කරන්නට සිටිනා ගැහැණියක බව . එවිට ඇය පුරුෂාධිපත්‍යයේ වහලියක නොවනු ඇත.
No comments:
Post a Comment