Tuesday, September 17, 2019

දෛවය ද ඇගේ..

"ගහන්නෙපා මහත්තයෝ , අර පැටවත් බලන් ඉන්නවා බයවෙලා හොදටම ."

"යකෝ ගෑණියෙ මට මොකද ඒකිට මොනවා වුනත් .ඒකි මගෙම ද කියලා මං දන්නෙ කොහොමද"?.

හ්ම්ම්ම්, ඒ මගෙ අම්මයි අප්පච්චියි.මං දන්න කාලෙ ඉදලා මට ඇහුනෙ එයාල දෙන්නගෙ රණ්ඩු විතරමයි. අප්පච්චි බීලා ඇවිත් හැමදාම අම්මට ගහනවා ,ගෙදර බඩු පොඩි කරනවා.මං බයටම ඇද පල්ලට ගිහින් හැංගිලා ඉන්නවා අම්මා මං ලගට එනකම්.

හිතේ හැංගුණු දුක කිව්වට මං කව්ද කිව්වෙ නෑනෙ ඉතින්.මං නෙත්මිණී. එහෙම වුනාට මට යාලුවො කිව්වෙ නෙතූ කියලා.මං දැන්නම් ඉන්නෙ කැම්පස් එකේ.ඒත් මගෙ පුංචි කාලෙ ඉදන්ම මට ගොඩක් දුක් විදින්න වුනා .ඒ මගෙ අප්පච්චි නිසා.අම්මයි අප්පච්චියි අවුරුදු 05 ක්ම ආදරේ කරලලු බැන්දෙ.ඒත් බැන්දට පස්සේ අප්පච්චි හැමදාම බොනවලු.ඉස්සර මං අම්මගෙන් ඇහුවට ඇයි එහෙම වුනේ කියලා කවදාවත් අම්මා මට කිව්වෙ නෑ .ඉතින් මන් දැන් කැම්පස් එකේ හිටියත් මං ආයෙ අම්මගෙන් ඒ ගැන අහන්න ගියේ නැහැ අම්මා දුක් වෙන නිසා.

" සුද්දියේ , මං උඹව පුංචි කාලෙ ඉදන් බලාගත්ත විදිය උඹ දන්නවනෙ .මං විදපු දුක් උඹ ත් විදවනවට මං අකමැති නිසයි මං මේ දේ උඹට කියන්න කියලා තීරණේ කලේ".

මං කැම්පස් ඉදන් ගෙදර ආපු දවසක අම්මා මෙහෙම කියන්න ගත්තා.

"ඇයි අම්මා මගෙන් මුකුත් වරදක් වුනාද අනේ".

මං හිතුවෙ අම්මා මගෙ phone එක දැකලා මගෙ හීන කුමාරයා ගැනවත් දැනගෙන ද කියලා.

"නෑ සුද්දියේ,උඹ ඉස්සර හැමදාම  ප්‍රශ්නයක් ඇහුවා මතකද. ඒ කාලෙ උඹ පොඩි කෙල්ල.මං කොහොමද මුකුත් නොතේරෙන උඹට ඒවා කියන්නෙ.දැන් උඹ කැම්පස් යන හොද නරක තේරෙන කෙල්ලෙක් .ඒකයි මං මේ දේ  කියන්නෙ."

"  අනේ අම්මා ,මට මුකුත් අහන්න ඕනි නෑ.අම්මා දැන් අඩන්නෙ නැතිව ඉන්නකො.මට ඕනි අම්මා සතුටින් ඉන්නවා දකින්න විතරයි."

නෑ සුද්දි ,  මේ කදුළු මට අලුත් දෙයක් නෙමෙයි .මේක අද නොකිව්වොත් උඹටත් මට වගේ අඩ අඩාමයි ඉන්න  වෙන්නෙ."

" අම්මා.."

" ඔව් සුද්දි . උඹ මගෙන් හැමදාම ඇහුවා නේද ආදරේ කරලා බැදලත් ඇයි අපි රණ්ඩු වෙන්නෙ කියලා.ගෑණියකට මේ සමාජෙ තියන තැන නිසයි මට මෙහෙම වුනේ."

එතකොට නම් මං ගැස්සිලා  ගියා.

"ඇයි අම්මා එහෙම කියන්නෙ".




"සුද්දියෙ , ගැහැණියට තියන වටිනම දේ තමයි කන්‍යාභාවය කියන්නෙ.උඹ මට වඩා හොදට දන්නවනෙ .පරීක්ෂණ වලින් ඒක ඔය සමහරුන්ට පිහිටන්නෙත් නෑලුනෙ.ඉතින් මටත් ඔය දේම වුනා.අප්පච්චි කොයිතරම් මට ආදරේ වුනත් ඒ දවසෙ රෑ අප්පච්චිටත් ඒ දේ දැනගන්න ඕනෙ වුනා.මගෙ කරුමෙකට ඒ තරම් ලස්සන රෑ මගෙ මුළු ජීවිතේම කාලකන්නිම රාත්‍රිය වුනා සුද්දියේ."

"ඒත් අම්මේ ,දැන් මං ඉන්නවනෙ අම්මට .ඒක නැති වුනා කියලා මං හම්බුනානෙ අම්මට ."

"ඔව් .පූරුවෙ පිනකට උඹව මට හම්බුනත් උඹෙ අප්පච්චියි කිරි අම්මයි මට අර දේ නිසා හුගාක් වෙනස්කම් කළා සුද්දියෙ.ඒකයි මං උඹට දැනටමත් මේ දේවල් කියන්නෙ.මං දන්නවා උඹ දැනටමත් එක හිතක නතරවෙලා කියලා."

පුදුම වෙන්න දෙයක් නෑ සුද්දි, මං උඹේ අම්මා .උඹෙ වෙනස්වීම් මට හොදටම තේරෙනවා."

අනේ අම්මෙ මගෙත් කන්‍යාභාවය නැති වුනොත් ,මටත් අම්මට වගේ දුක් විදින්න වෙයිද අම්මෙ."

"නෑ සුද්දි උඹ මං වාගේ කාලකණ්ණි ගෑණියෙක් නෙමෙයි.ඒකයි මං උඹට කියන්නෙ ඒ දේ තිබුනත් නැතත් උඹව පිළිගන්න කොල්ලෙක්ට විතරක් ආදරේ කරපන් කියලා."

 මං මගෙ අම්මව බදාගෙන දුක නැති වෙනකම් ඇඩුවා.මං ඒ වෙලාවෙම තීරණයක් ගත්තා.

ඉරිදා හවස ආයෙත් කැම්පස් එකට එනකන්ම මගේ හිතේ රැව් දුන්නෙ අම්මා කියපු කතාව.මේ වගේ කී දෙනෙක්ට වෙන්න ඇත්ද . මේ තරම් සමාජය දියුණු වෙලත් ඇයි මෙහෙම වෙන්නෙ පිරිමි .

කල්පනාවෙන් කල්පනාව කැම්පස් එක ලගටම ඇවිත් .පුරුද්දටම මං ආදරේ කරන මගෙ හීන කුමාරයට ගෙදර ඉදන් එද්දි කෑම එකක් අරන් එනවා.එයා ඉදුවර. මං ඉතින් call එකක් දීලා එයා එනක්ම් බලන් හිටියා.ඉදුවර ආවම නිදහස් තැනකට ගිහින් දෙන්නා එක්ක බත් එකත් කාලා කතා කර කර හිටියා.

"ඔයා කන්‍යාභාවය ගැන මොකද හිතන්නෙ."

"මොකක්"

ඉදුවර පුදුම වෙලා මගෙන් ඇහුවා.මං එකපාරටම අහපු නිසා එයාට හිතාගන්න බැරුව යන්නැති.

"ඉදුවර  ඔයා හිතනවද කෙල්ලෙක්ට  අනිවාර්යයෙන් කන්‍යාභාවය තියෙන්න ඕනි කියලා."

"ඒකනෙ ඉතින් කෙල්ලෙක් පිරිසිදුද නැත් ද බලන්න තියෙන එකම දේ."

"ඒ කියන්නෙ ඔයා ඒක විශ්වාස කරනවා.

"හරි හරි.ඒවා වැඩක් නෑ.ඇයි එකපාරටම එහෙම ඇහුවෙ."

"නෑ.නෑ. හ්දිසියෙන්වත් මගේ කන්‍යාභාවය නැත්නම්, ඔයා මාව ඩිවෝස් කරනවද?"

....................   ........    ...........     ...........

"ඉදුවර , මං ඔයාගෙන් අහන්නෙ.ඇයි සද්දයක් නැත්තෙ."

"මං හිතන්නෙ ඒ දේ  තියෙන්න ඕනි.අපෙ අම්මලා බලන් ඉන්නෙත් ඔයි දේ තියන ලේලියෙක්නෙ"

"ඉතින් සමහරවිට ඒක උපතින්ම පිහිටලා නැත්නම් ?"

ඒක ඉතින් ගෑණියෙක්ගෙ කාලකන්නි කම.මං යනවා.මට වැඩක් තියනවා."

වෙනද පරිස්සමින් යන්න මැණික .බුදුසරණයි කියලා නළලට හාදුවකුත් තියලා යන මගෙ කුමාරයා ඇයි මෙහෙම කියලා මට හිතාගන්න බැරි වුනා. ආයෙ Call  එකක් ගත්තත් ආන්සර් කලේ නැහැ.

හිතේ දුක පුරවගෙන හොස්ටල් එකට ආපු මම රූමලට කෑම එකත් දීලා නාගන්න කියලා ගියා.

" නෙතූ අන්න උඹට call එකක් ආවා".

මං ඉක්මනින්  phone එක  අතට ගත්තෙ ඉදුවර ද බලන්න . ඒත් screen එක දැක්කමයි මතක් වුනේ අම්මට ආවා කිව්වෙ නෑනෙ කියලා .එතකොටම වගේ sms එකක් ආවා.

" ඔයි තරම් බය උඹට මොනවත් වුනාද මං එක්ක යාළු වෙන්න කලින් වෙන එකෙක්ගෙන්"

මට පොලොව පලන් යන්න හිතුනා .ආදරයක් කියලා පලවෙනියටම හිතට ආවෙත් උඹට විතරක්ම වුනු මටම මෙහෙම කතාවක් කිව්වෙ කොහොමද කියලා, මට හිතාගන්න බැරිවුණා .පිරිමි මේ තරම් පහත් වුනේ ඇයි .එයාලත් බිහිවුනේ ගෑණියෙක්ගෙම ශරීරෙන් නේද?.

හිතට හරිම වේදනාවයි.අම්මටවත් ආයෙ ගත්තෙ නැතිව මං නිදිදෙව්දුවගෙ තුරුලට ගියා.දවස් ගානක් ගෙවිලා ගියා.
........    .............  ... ........     ................... ........

📞 Hello , සුදූ ,මට ඔයාව හමුවෙන්න ඕනි"

දවස් ගානකට පස්සෙ ඒ කටහඬ ඇහුවෙ.ඒ නිසාම මට අමුත්තක් දැනුනා.

Hello,  Hello ඇහෙන් නැද්ද ?"

ආහ්, ඔව් ඉදුවර කියන්න."

අපි යමුද කොහෙ හරි."

ම්ම් , අපි ගංගාරාමෙ යමු එහෙනම්.නිදහසේ කතා කරන්නත් පුළුවන්නෙ."

" අනේ සුදූ හැමදාම ඔයා එක්ක පන්සල්නෙ යන්නෙ.අද අපි වෙන කොහෙ හරි යමු".

"වෙන කොහේ යන්නද බබෝ පාර්ක් යමුද එහෙනම්".

"මං කියන තැනකට යන්න එන්න බැරිද ඔයාට."

"ඔයා දන්නවනෙ මං ඔයා එක්ක ඕනි තැනකට එනවා කියලා ".

"එහෙනම් අපි කාටවත්ම පේන්නෙ නැති තැනකට යමුද?'

"මොනවද ඉදුවර ඔයා මේ කියන්නෙ."

''ඇයි ඔයාට එන්න බැරිද"?

"ඔයා එක්ක ඕනි තැනකට එන්නම්.මට බැහැ ඔය ගුබ්බෑයම් අස්සෙ රිංගන්න."

"ඇයි උඹට මං එක්ක එන්න බැරි.එදා මම අහපු දේ ඇත්තටම වෙලාද ආහ්.."

"ඉදුවර 😡 සීමාවක් තියාගන්නවා හරිද.ඔයට ඕනි දෙයක් හිතාගන්න.ඔය මොනවා කිව්වත් මං එන්නැහැ ඔයා ඔය කියන තැනට යන්න නම්."

"ආහ්.එහෙමද හරි මං බලාගන්නම්කො"


මේ සිදුවීම් එක්ක මට තවතවත් පිරිමින්ව පිළිකුල් කරවන්න ගත්තා.ඉදුවර ටිකෙන් ටික මගෙන් ඈත් වුනේ මං ගැන වැරදි ප්‍රචාර යවමින් .

ඔය අතරෙ අපෙ science එකේ අයියා කෙනෙක් මට ආදරේ කරනවා කියලා කිව්වා.

"අයියා කැමති ද කන්‍යාභාවය නැති කෙල්ලෙක් ව කසාද බදින්න."

මං ගත් කටටම එහෙම ඇහුවා . මොකද එයා science කරන නිසා මේ ගැන අවබෝධයක් තියන නිසාම. ඒත් එදායින් පස්සෙ එයත් මට කතා කලේ නැහැ.

මෙහෙම ජීවත් වෙද්දි මට හරිම පාළුයි.වැඩවලට හිර වුනාම් දැනුනෙ නැති වුනත් කැම්පස් එකේ කෙල්ලො කොල්ලො ආදරේ කරන විදිය දැක්කම් ඉරිසියාත් හිතෙනවා.මං ඇයි මෙහෙම වුනේ කියලා .මං ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා.

මං පිරිමි ළමයින් එක්ක වෙනදා වගේ කතා බහ කලෙත් නැහැ.ඒ තරමට මට එයාලව එපාවුනා. මගේ මේ හැමදේම අහන් ඉදපු එක යාළුවෙක් හිටියා.
කොළඹ පන්නෙට හැදුනු එයා නවීන පන්නයේ ගෑනු ලමයෙක්🙈 ටිකී කියල තමා එයට කවුරුත් කතා කලේ.
ගෙදර ඉදන් තමා ආවෙ ගියේ.එයත් ගොඩක් තනිවෙලා ඉන්න කෙනෙක් .අම්මයි , තාත්තයි දෙන්නම ජොබ්වලට හිරවෙලා නිසා එයා ගැන හොයන්න වෙලාවක් නෑලු.
ඉතින් අපි දෙන්න හොද යාළුවො වුනා.මගේ දේවල් එයා එක්කත් එයාගෙ දේවල් මන් එක්කත් බෙදා ගත්තා. එයාටනම් මන් නැතුවම බැරි යාළුවෙක් වුනා.මට ගොඩක් උදව් කලා එයා.මේ කාලෙ කැම්පස් එකේ හොදම කාලෙ වගේ මට දැනුනෙ.

කැම්පස් එකේ free wifi තියන කම්මැලි වෙලාවට ඉතින් phone එකට මූණ ඔබගෙනම තමයි ඉන්නෙ.ඔය ඉන්න අතරෙ දවසක් මට video එකක් ආවා.බලද්දි ටිකී.
මං ඉතින් එයා එවපු නිසා ඉක්මනින් බැලුවා වැදගත් දෙයක් වෙන්නැති කියලා .

දඩස් ගාලා මගෙ අතින් phone එක බිමට වැටුනෙ ඉබේටම.

මේ මේ , මොකක්ද මේ.😕

ටිං, ටිං 📞

එතකොටම වගේ call එකක් ආවා.
බලද්දි ටිකී.

මං තවත් හොල්මන් වුනා.ඒත් ඕනි එකක් කියලා ආන්සර් කලා.

"හෙ හෙලෝ..."

"අනේ මැණික . ඇයි මේ බයවෙලා වගෙ කතා කරන්නෙ".

 නෑ , නෑ ටිකී. ඔයා අර එවපු video එක"?😒

"අයියෝ කෙල්ල ඔයා බය වුනාද  ඒක දැකලා.බයවෙන්නෙපා කෙල්ල .මගෙ මේ කොන්ද කැක්කුමක් හැදිලා .ඔයා දන්නවනෙ මට බෙහෙත් කරන්න මේ ගෙදර කව්රුත් නෑ කියලා.
ඔයා ඉතින් අම්මගෙ බේත් කරනවා කිව්වනෙ.ඒ නිසයි මං ඔය video එක එව්වෙ.ඒ විදියට මට කොන්දට තෙරපි එකක් කරලා දෙන්න පුළුවන් ද අහන්න."😉

"අම්මෝ මැට්ටි, ඒකට මේ වගේ video එවන්න ඕනිද ? "

"" Sorry darling , අද ලෙක්චත් නැති නිසා ඔයාට පුළුවන් ද අපේ  ගෙදර එන්න . මෙහෙ කවුරුත් නෑනෙ.
අපිට නිදහසේ ඉන්න පුළුවන් දවසම💓
මං කිව්වෙ ,  මේ අපේ වැඩ ටිකක් වුනත් කරගන්න පුළුවන් කියලා😬"

"ම්ම් , දැන් 8.30 යිනෙ.මං ගම්පහට එද්දි 10 වත් වෙයි."

"නෑ, නෑ, ඔයා බස්වල එන්න ඕනි නෑ.
මං රත්නෙ අංකල්ට කියන්නම් ඔයාව එක්ක එන්න කියලා ".

" අනේ කරදරයිනෙ ඔයාට"

"පිස්සුද බබා, ඔයා එන්නෙ මගෙ help එකට . ඒ නිසා දැන් ඔයා රෙඩි වෙන්න. මං අංකල්ව එවන්නම්."
OK.bye babe"

හරි .බුදුසරණයි ටිකී.
....... ....... ....... ..... ..... .....     .......... ........ ..... ...... .....

දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ.ඉක්මනින් ලෑස්තිවෙලා එද්දි අංකල්  කාර් එක තියන් ඉන්නවා ගේට්ටුව ලග.

ආහ් අංකල්😊 ගොඩක් වෙලාද ඇවිත් .'

නෑ පුතා දැන් විනාඩි 5ක් වගේ."
කාර් එකේ යන අතරතුරේ ටිකී එවපු වීඩියෝ එක බලන්න කියලා ගත්තා.මං ගිහින් ඉතින් කරන්න එපැයි.
අඩ නිරුවතින් සැරසුණු සරාගී කෙල්ලෙක් ඉන්න ඒ වීඩියෝ එක තෙරපිවලට හදපු එකක්මද කියලත් හිතුනා.
හිතට මහ අමුත්තක් දැනුන නිසාම වීඩියෝ එක නතර කරලා අංකල් එක්ක කතාවක් දාගෙන මං ආවා.

ආහ් නෙතූ 😊"

සිනාමුසු මුහුණින් මාව පිළිගත් ටිකී සුපුරුදු පරිදි ඇවිත් මාව බදාගෙන මගෙ දෙකම්මුල් සිපගත්තා .

ඉතා කෙටි ඇදුමකින් සැරසී හිටිය ටිකී රත්නෙ අංකල්ව යැව්වා අපිට කන්න ගේන්න කියලා.

"යමු නෙතූ ඇතුලට .මේක ඔයාට නුපුරුදු තැනක් නෙමෙයි ඔයාගෙම ගේ කියලා හිතාගන්න හොදද."

😊 ඒක නෙමෙයි ටිකී.ඔයා අම්මටයි, තාත්තටයි කිව්වෙ නැද්ද ලෙඩ ගැන .""

"මං ගැන ගානක්වත් නැති එයාලට මං මොකටද නෙතූ මේවා  කියලා.  ඊට වඩා ඔයා මං ගැන හිතනවනෙ.ඒකයි මං ඔයාට කිව්වෙ."

"ම්ම්,යමුකො යමුකෝ.දැන් අර වීඩියෝ එකේ විදියටම ද කරන්න ඕනි ටිකී."

😄😄😄😄😄 ටිකී මහ හයියෙන් හිනා වුනා.දෙන්න ද බබාටත් ඒ වගේ ඇදුමක් එහෙනම්"

"ඊයා මට ඕනි නැහැ .ඒ ජරාව.පිස්සු ඔයාට."

ටිකීගෙ කාමරේට ආවම දැනුනෙ අපේ මුළු ගේමත් මේ තරම් ලස්සන බඩු නෑනෙ කියලා.
ඒතරම් ලස්සන එක එක විදියෙ බඩු.මං කොහේදෝ ලෝකෙක අතරමං වුනා වගේ.

එක පාරටම ටිකී කාමරේ දොර වැහුව සද්දෙටයි මං හැරිලා බැලුවෙ.

"කවුරුත් නෑනෙ ටිකී.ඇයි දොර වැහුවෙ."

"AC ඔන් එකේනෙ බබා ඒකයි"😬

"හ්ම්ම්ම්..අපි බේත් කරලා ඉමුද ටිකී එහෙනම්."

" ඔව් ඒක හොදයි.මට ගොඩක් රිදෙනවා .ඉන්න මං බාම් එක ගේන්නම්."

බාම් එක මං අතට දුන්න ටිකී කිසිම ගානක් නැතිව උඩුකය නිරුවත්කරල ඇදට වැටුනා.

"මොකද බබා. මේක ඇදන් ඔයාට තෙරපි කරන්න බෑනෙ.
අනික අපි දෙන්නම කෙල්ලො . හංගන්න දෙයක් නෑනෙ.
එන්න ඔයා මේ පැත්තෙන් වාඩිවෙලා හොද විදියකට කරන්න"

ටිකී කොළඹ සමාජෙට හැඩගැසිනු කෙල්ලෙක් නිසා මමත් හිත හදාගෙන මගෙ වැඩේ කරන්න ගත්තා.

"ආආ...මේකත් බලාගන්නකො එහෙනම්,"
කියලා එයගෙ ටැබ් එකෙන් තවත් වීඩියෝ එකක් ප්ලේ කලා.

😒😒😒😒😒😒
මගේ ඇගම හිරි වැටිලා ගියා මේ දේවල් නිසා මට ඕනි වුනේ ඉක්මනින් මේ ගෙදරින් පැන ගන්නයි.

"අනේ බබා කෝ, මොකද ඔයා කරන්නෙ."

මම කල්පනා ලෝකෙන් මිදුනෙ ටිකී මගෙ අත් දෙකෙන් අල්ලගෙන එයාගෙ පැත්තට ඇදලා ගනිද්දි.
😳😳😳

ටි...ටි..ටිකී😳 ඇ..ඇයි මේ

ම්මට කියාගන්න උනේ එච්චරයි .ටිකී මාව තදින්ම තුරුලු කර ගත්තා .
එතනින් එහාට මට එයාගෙ දෑත් වලින් මිදෙන්න අවස්ථාවක් ලැබුනෙ නෑ. ඇත්තටම අවස්ථාවක් ලැබුනෙ නෙද්ද මමත් ඒ ග්‍රහනයට ලොල් වුනාද කියල මට හිතාගන්න බැරි වුනා 🙈

ඉදුවරගෙ පපුවට තුරුල්වෙලා සාමන්‍ය පෙම්වතුන් වගේ සිපවැළදගැනීම් වලින් අත්දැකීමක් මට තිබුනත් මෙවන් වින්දනයක් මන් ලැබුවෙ නැහැ.
ටිකීගෙ සියුමැලි දෑත් , දෙතොල් අතරෙ තිබුණු අමුතූම ලෝකෙක මාව තනි කරගන්නට ටිකීට පුළුවන් වුනේ මාත් ඒ උණුහුමට තව තවත් ලෝබ වෙද්දි කියල මට හිතුනා.
...............................සමාප්තයි............................

යාළුවනේ මේ ටිකත් කියවලාම ඉන්න.

විද්‍යාව අතින් , තාක්ෂණය අතින් ඉතාමත් දියුණුවට පත්ව සිටින් මිනිසා මානසික මට්ටමින් තවමත් ප්‍රාථමික ය. මිනිසා මිනිසා ට නොව භාණ්ඩයන්ට ආදරය කරන කාලයක් උදා වී ඇත. එහෙත් , සමාජ සංස්කෘතීන් තිලින් පැවත එන අනර්ථවත් දෑ , විශේෂයෙන්
කාන්තාවන් පීඩාවට පත් කරනු ලබන පිරිසිදු බවේ සංකේතය හෙවත් කන්‍යාභාවය වැනි දේ තවමත් මිනිසුන්ගේ සිත් තුල මුල් පඩියේම පවතී.
විද්‍යාව තුලින් සොයා ගෙන ඇති දේ අනුව එය ඇතැමෙක්ට  නොපිහිටයි. ඇතැමෙක්ට පිහිටුවද ශල්‍ය  කර්මයක් හෝ ලිංගාශ්‍රිත රෝගයන් නිසා හෝ නැති වී  යයි.
ඇතැමෙකුහට කන්‍යාපටලය පිහිටුවද එහි ඇති ඝනකම් නිසාවෙන් පළමු එක්වීමේදී රුධිරය පිටවීමක් සිදු නොවන බව සදහන් වේ.
මෙවන් සොයාගැනීම් තිබියදීත් මෙතරම් විද්‍යාත්මක වී සිටින මිනිසා එය එසේ යැයි පමණක් පිළිගැනීමට සූදානම් නොවීම කණගාටුවට කරුණකි.
මෙමගින් මාගේ වෑයම වනුයේ එවන් කාන්තාවන් වෙනුවෙන් හඩක් නැගීමත් , පුරුෂයින් මේ පිළිබඳ තවදුරටත්  දැනුවත් වී සාධාරණ ගැහැණියට දුක් නොදී ඇය රැක ගැනීමට වෑයම් කිරීමට දැනුවත්භාවයක් ලබා දීමටත්ය.
එමෙන්ම , තම දූ දරුවන් තම දිවියේ අංක එකට තබා ගනිමින් මිල මුදල් ඊට පසුව තබා ගනිමින් තම ආදරණීය පවුල විනාශයට යා නොදී රැකගත යුතු බවයි.

No comments:

Post a Comment