ඇය වෙනුවෙන් ද දිනයක් වෙන්වුනු කාන්තාවට හා තරුණියට අද වන විට ඇයට සුදුසු සමාජ වටපිටාවක් පවතීද ? දිනයක් වෙන් කළ පමණින් එම පරිසරය නිර්මාණය වේ ද? මේ මෙම පැනයට පිලිතුරු සෙවීමට කදිම කාලයයි.
මෙරට සාමාන්‍ය නීතිය අනුව වයස අවුරුදු 18න් පසු අප ගැහැනු දරුවකු තරුණියක ලෙස හඳුන්වා දෙනු ලබනවා. විවාහ වූ පසු ඇය ගැහැනියක් ලෙස හැඳින්වීමට සමාජය පෙලඹී සිටි. මෙම සියලූ දෑ තුළින් ඇයට ඇගේ ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති අයුරු දැක ගත හැකිය. විශේෂයෙන් ම දකුණු ආසියානු සංස්කෘතිය තුළ පවතින සංස්කෘතිකාංග හේතුකොටගෙන කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇතැයි කීම සාධාරණය . යුරෝපා රාජ්‍යයන් තුළ දී පිරිමි දරුවන්ට මෙන්ම ගැහැණු දරුවන්ටද තමාට රිසි සේ තම නිදහස භුක්ති විඳීමේ අයිතිය ලැබීම සැබැවින්ම කාන්තාවන්ට හා තරුණියන්ට සුදුසු පරිසරය ප‍්‍රවර්ධනය කිරීමේ දී ඇය සංස්කෘතිය යන බැඳීමට යටත් කරමින් ඇගේ නිදහස අහිමි කිරීමෙහි සාධාරණත්වයක් පවතීද? එය ද එවිට ඇයට සුදුසු පරිසරය. ඕනෑම අයකුට සුදුසු පරිසරයක් වනුයේ ඔවුන්ට තම නිදහස උපරිම අයුරින් භුක්ති විඳීමට පැවතීමේ නිදහස වේ. එම පරිසරය නිවැරදි අයුරින් නිර්මාණය කර ප‍්‍රවර්ධනය කිරීම අප සැමගේ වගකීමක් වේ.
පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දක්වා ත් , දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ත් කිසිදු බාධාවක් හිංසාවක් නොමැතිව ගමන් කිරීමේ හැකියාව අතීතයේ කාන්තාවට පැවති බව මා අප මුතුන්මිත්තන් ගෙන් අසා ඇත්තෙමි. එසේනම් එම පරිසරය කාන්තාවට ඉතාමත් සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇත. වත්මන් තුළ කාන්තා හිංසනය පිළිබඳ මෙතරම් කතාබහට ලක්ව පවතිනුයේ එම නිදහස සාමාන්‍ය සමාජය තුළින් ගිලිහී ගොස් ඇති නිසාවෙනි.
මා මෙම කාන්තා හා තරුණයන්ට සුදුසු පරිසරයක් ප‍්‍රවර්ධනය යන්න අංශයන් කිහිපයක් ඔස්සේ විග‍්‍රහ කිරීමට අපේක්ෂා කරමි. සමාජය තුළ පළමුවම පවුල යන අංශය තුළ ඇයට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවේ. බ‍්‍රාහ්මණ යුගයේ පටන් ඇය වහලියක ලෙස නිවසෙහි සියලූ කටයුතු දිවා ? නොබලා සිදු කළ යුතුය. එමෙන්ම පුරුෂයාගේ අඩම්තේට්ටම්වලට ලක් වෙමින් දිවි ගෙවන්නට විය. සාක්ෂරතාවය ඉහළ සමාජයක් වූ මෙරට තුළ වාසනාවකට මෙන් ඇයට අධ්‍යාපන අයිතිය හිමිවීම නිසා අද කාන්තාව යම් නිදහසක් බුක්ති විඳි යැයි කීම නිවැරදිය. අද වන විට රටේ ආර්ථිකය සඳහා වැඩි වශයෙන් දායක වනුයේ කාන්තාවය. එසේ නම් කාන්තාවට නිවස තුළදී පුරුෂයාට මෙන් නිදහස පැවතිය යුතුය. දරුවන් රැුකබලා ගැනීමට ඇය තම අධ්‍යාපනයෙන් ලද රැුකියාවෙන් ඉවත් විය යුතුය. එතැන් පටන් ඇය නිවසටම කොටු වූ තැනැත්තියක වනු ඇත. පුරුෂයාට ද දරුවන් බලා ගැනීමට හැකියාව තිබියදී කාන්තාව පමණක් එම කාර්යයේ කැපවීම් කරමින් නිරත වනුයේ කුමකට ද, තම දරුවන් බලාගැනීම බිරිඳ මෙන්ම ස්වාමියාගේ ද වගකීම්කි. එ් නිසා එ් පිළිබඳ දෙදෙනාම සමානව කටයුතු කරන්නේ නම් දරුවන් මෙන්ම බිරිඳ ද ඉතාමත් සන්තෝෂයෙන් කාලය ගෙවනු නොඅනුමානය.
සමාජය තුළ කාන්තාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙනු අප දැක තිබේ. ඇතැම් පිරිස් ගැහැණු දරුවන් ඉපදීම පවා පිළිකුලක් සේ සිතයි. නමුත් ඇය ද මතු දිනක පරපුරක් බිහිකරන්නට සුදුසු ගැහැනියකි. ඇයට සුදුසු පරිසරයක් ප‍්‍රවර්ධනය කරන්නට නම් සමාජය තුළ ඇය පිලිම් පිළිබඳ පවතින මතවාදය වෙනස් කළ යුතුය. මාස් ශුද්දිය, කන්‍යාභාවය, විලිරුදාව යන මෙම මූලික කාර්ණාවන් නිසාවෙන් කායික මෙන්ම මානසිකව ද ඇය කෙතරම් පීඩා විඳින්නේද. සමාජයේ සියලූ අපිරිසිදු භාවයන් කාන්තාව තුළින් පමණක් පරීක්ෂා කර ලීමට සමාජය පුරුදුව ඇත. එය පුරුෂයන් නිසාවෙන් පමණක් නොව ඇතැම් කාන්තාවන් නිසාම ද ඇය පීඩාවට පත්වේ. මූලිකවම කාන්තාවන් තවත් කාන්තාවක් තේරුම් ගැනීම් මෙම ප‍්‍රවර්ධනයේදී ඉතා වැදගත් බව කිව යුතු මනාය. 2019 කාන්තා දින සැමරුම වෙනුවෙන් ඇය සඳහා වෙන්වූ දුම්රිය සේවයක් ක‍්‍රියාත්මක විය. එහෙත් නව මාධ්‍ය හරහා දැක ගත් හැකි වූයේ කාන්තාවන් කාන්තාව වෙත ඉතාමත් පහත් ලෙස සලකන ආකාරයකිනි. එනිසාවෙන් ඉහත තීරණය වඩාත් වැදගත් බවම පසක් කරමි. තවද කන්‍යාභාවය පිළිබඳ පළමු එක්වීමේදී අවධානය යොමු කරනුයේ නැන්දම්මාය. ඇයද ගැහැනියකි. ඇයද එනිසා යම් කලෙක පීඩා විඳින්නට ඇත. එසේ නම් ඇය මුලින්ම තමා මුහුණ දුන් මානසික මට්ටම් පිළිබඳ අවබෝධ කරගනිමින් ලේලිය පීඩාවට පත් කරලීම සිදු නොකළ යුතුය. මේ අයුරින් කාන්තාව කාන්තාවට ඉඩ සලසන්නේ නම් පුරුෂ පාර්ශවය සඳහා එය අවබෝධ කරලීම අපහසු කාර්යයක් නොවනු ඇත.
අද සමාජය පවසනුයේ තරුණියක් කෙටි ඇඳුම් ඇඳීම තුළින් ඔවුන් එයින් ඔවුන්ව ¥ෂණයට ලක් කර ගන්නා බවයි. අතීතය තුළ මිනි ගවුම නමින් හඳුන්වන ලද කෙටි ඇදුමකින් සැරසෙන්නේද කාන්තාවමය. එසේ නම් එදා ද කාන්තාවක් ¥ෂණයට හිංසනයට ලක් වන්නට තිබුනා නොවේද ? මුස්ලිම් කාන්තාවන් , තරුණියන් සමස්ත සිරුරම වසා ගනිමින් ඉතාම කටුක දිවි පෙවෙතක් ගත කරනුයේ පිරිමින් ඇය දැකීමෙන් ඔහුව කිලිටු වනවා යැයි පවසනා නිසාවෙනි. එසේ නම් කුමට ගැහැනුන් එසේ සිටිනුයේ. පිරිමින් ගේ දෑස් බැඳ තැබුවේ නම් එය සාර්ථක නොවේ ද? සියල්ලන්ගේම චේතනාවන් ශක්තිමත් වන්නේ නම් චේතනාවන් පිරිසිදු වන්නේ නම් මෙසේ කිසිදු අයුරකින් කාන්තාව පීඩාවට පත් වන්නට අවශ්‍ය නොවේ.
වත්මන තුළදී ඇය වෙනුවෙන් ප‍්‍රවර්ධනය කළ යුතු තවත් අංශයක් වනුයේ මාධ්‍ය භාවිතයයි. මාධ්‍ය තුළින් කාන්තාව මිලකල තත්ත්වයක් බවට පත් කර ඇත. වෙළඳ දැන්වීම් , නාට්‍ය මාලා, ගීත රූපරචනා යනාදී සියල්ල තුළින් ඇයව වෙළෙඳ භාණ්ඩයක් කර ඇත. මාධ්‍ය තුළින් කාන්තා දිනයේ දී ඇය වෙනුවෙන් කියා විවිධ වැඩසටහන් කලද ඉන් පලක් වනුයේ නැත. අනෙක් දින 364 ම ඇයව විකුණමින් එක් දිනක් ඇය වෙනුවෙන් කුමකට ද ? අද වන විට මාධ්‍ය යනු සියලූ දෙනාටම නැතිවම බැරි දෙයක් ය. එසේ නම් එතුළින් ඇය සුරක්ෂිත කරලීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඉතාමත් සුදුසු අංශයක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන.
කුඩා කල පටන්ම ඇයට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදී මෙම ඇය සුරක්ෂිත කරලීමේ ප‍්‍රවර්ධන කාර්යය තුළ දී වැදගත් වන බව සඳහන් කළ යුතුය. කාන්තාවන් ලැජ්ජාශීලීය. ඇය තම හැඟීම් සඟවාලමින් දිවි ගෙවයි. තවද ලිංගික අධ්‍යාපනයද නොමැති විට තවත් අසරණ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවේ. පන්ති කාමරය තුළ මාගේම අත්දැකීමක් වනුයේ, ගුරුවරයා එම අදාල පාඩම් ළමයින්ට කියා දීමට ලැජ්ජාවීමය. ඉන් පීඩාවට පත් වනුයේ ළමයින්මය. තරුණියන් නිසි අවබෝධයකින් තොරව ලිංගික සබඳතා පැවැත්වීමේදී ඇයට නොදැනීම ඇය සමාජය තුළින් කොන් වී ඇත. එසේනම් ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් කාලය තුළ සිටම නිවැරදි දැනුවත් කිරිම් සිදුකිරීම තුලින් ඇය සුරක්ෂිත කරලීමට පරිසරය නිර්මාණය කළ හැකි වේ.
ලාංකීය සමස්ත ජනගහනය තුළ 50 %ක් පමන වන කාන්තාවන් කායික, මානසික සහ ලිංගික හිංසනයට බෙහෙවින් ලක්වේ. මෙවැනි තත්ත්වයක් මත ඇය සුරක්ෂිත කරලීමේ පරිසරය ප‍්‍රවර්ධනය කළ යුතුමය. ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව මගින් සහ විවිධ පනත් මගින් කාන්තා අයිතීන් සුරක්ෂිත කරන විධි විධාන නීතිමය වශයෙන් ගෙන තිබුණද එය සුරක්ෂිත වශයෙන් ක‍්‍රියාත්මක නොවීම ඇය ආරක්ෂිත නොවීමට හේතුවය. එයට කදිම නිදසුනක් පසුගිය දිනෙක සිදුවිය. මන්තී‍්‍රවරයකු විසින් සිදු කරන ලද ස්තී‍්‍ර දූෂණයේදී ඔහු පැය 24ක් ක් යන විටද නිදහස් කල අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුවේ ගීතා කුමාරසිංහ යන කාන්තාව යන නම ලද්දා වූ ස්ත‍්‍රියක විසින් ඔහු සිර භාරයෙන් නිදහස්ව පැමිණීමේදී පිළිගැනීමට පෙරමුනට යාම එම සිදුවීමය. මෙවන් දෑ රටේ වැදගත් යෑයි සිතා ගත් පිරිස අතින්ම සිදුවීමේදී කෙසේ නම් කාන්තාව ආරක්ෂිත වන්නේ ද. ස්ත‍්‍රී දූෂනයකිින් හෝ ඇය ගැබ් ගත්තේ නම් දූෂණය සිදුකළ පුද්ගලයා පියා ලෙස පිළි නොගත්තද ඇය දරුවා හදා වඩා ගත යුතු බව දෙරම අභිමානවත් නීතිය තුළ දක්වා ඇති සමාජයක කාන්තා හා තරුණයන්ගේ සුරක්ෂිතභාවයභාවය ඇතිකරලීමට මහත් වෙහෙසක් ලබාගගත යුතුය. මාධ්‍යයේ අනුග‍්‍රහය, පවුල් තුළ ඇය සුරක්ෂිත කිරීම. ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි දැනුමකින් ඇය පරිපූර්ණ කිරීම, කාන්තාව විසින්ම ඇයව ආරක්ෂා කිරීම් වැනි ක‍්‍රියා මඟින් මෙම සුරක්ෂිත පරිසරයක් ප‍්‍රවර්ධනය කළ හැකි බව සඳහන් කළ යුතුය. අවසන් වශයෙන් කාන්තාව යනු මතු පරපුර නිර්මාණය කරලීමේ මුල්ම දායකත්වය සපයන්නී බව සිහි තබා ගන්නේ නම් ඇය නොසිතු ලෙසම සුරක්ෂිත වන බවට සටහන් තැබිය හැකිය.
නියමයි...
ReplyDeleteතව තවත් හොඳට ලියන්න..
ReplyDeleteජය.. 💪
This comment has been removed by the author.
ReplyDeleteජය ...
ReplyDelete☝👍
ReplyDeleteGood luck
ReplyDeleteExcellent
ReplyDeleteJaya
ReplyDelete