"ඉම්ප්ලාන්ට්" තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝර්මෝනයට සමාන ද්‍රව්‍යයක් අඩංගු කරල් විශේෂයකි. ස්ත්‍රියගේ උඩු බාහුවේ සමට යටින් මෙය තැන්පත් කරන අතර විනාඩි 5 කටත් වඩා අඩු කාලයක් ඒ සදහා ගත වේ.
ඉම්ප්ලාන්ට් තැන්පතුව මගින් ගැබ් ගැනීමක් වළක්වන්නේ කෙසේද?
*. ඩිම්බ මෝචනය වැළැක්වීම මගිනි.
*. ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝණ බව වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුල්වීම අපහසු කරවීම මගින්.
ඉම්ප්ලාන්ට් තැන්පතුව සුදුසු කාහට ද?
*. දිගුකාලීන තාවකාලික ක්‍රමයක් අවශ්‍ය කාන්තාවන් ට
*.දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු මව්කිරි දෙන කාන්තාවකට.
ඉම්ප්ලාන්ට් තැන්පත් කළ හැකි අවස්ථා මොනවා ද?
*. මෙය තැන්පත් කළ දින සිට ම ක්‍රියාත්මක වන බැවින් අමතර පවුල් සංවිධාන ක්‍රම භාවිතය අවශ්‍ය නැත.
*. මෙහි සාර්ථකත්වය 100% ටා අසන්නය.
ඉම්ප්ලාන්ට් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද?
*.තැන්පත් කළ කරල් වර්ගය අනුව භාවිතා කළ හැකි කාලය වෙනස් වේ.
*.එක් කරලක් (ඉම්ප්ලනෝන්) තැන්පත් කළ විට 03ක් දක්වා ගැබ් ගැනීම වළක්වාලිය හැකිය .
*.කරල් 02 ක් (ජඩෙල්) තැන්පත් කළවිට වසර 05 දක්වා ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය.
ඉම්ප්ලාන්ට් කරල ඉවත් කරන්නේ කෙසේද ?
*.තැන්පත් කළ කරල් වර්ගය අනුව අවුරුදු 3 කදී හෝ අවුරුදු 5 කදී තැන්පතුව ඉවත් කිරීම අවශ්‍යය වේ.
*.එය ඉවත් කළ යුතු දිනය ඉම්ප්ලාන්ට් තැන්පතුව තැන්පත් කරන දිනයේදී ඔබට ලබා දුන කාඩ්පතේ සදහන් කර ඇත .
*.එවන් අවශ්‍යතාවයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.
නැවත සරුභාවයට පත්වීමට කොපමණ කාලයක් ගතවේද?
*.ඖෂධයේ ක්‍රියාකාරීත්වය එම තැන්පතුව ඉවත් කල වහාම නැතිවන බැවින් ඉන්පසු ඕනෑම අවස්ථාවක ගැබ් ගැනීමට ඉඩ ඇත.
ඉම්ප්ලාන්ට් තැන්පත් නොකල යුතු අවස්ථා මොනවා ද?
*.ගර්භණීභාවයේදී.
*.හෘදය හා රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝග තත්වයන් වලදී.
ඉම්ප්ලාන්ට් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?
*.ඔබේ ඔසප් වීම අක්‍රමවත් වීම.අඩුවෙන් සිදුවීම හෝ සම්පූර්ණයෙන් නතරවීම සිදුවිය හැකිය.මෙසේ සිදු වන්නේ ඖෂධයේ ක්‍රියාකාරීත්වය නිසා බැවින් ඒ සදහා ප්‍රතිකාර අවශ්‍ය නැත .
*.ඔබගේ ඔසප් වීම වැඩිපුර හෝ දිගටම පවතී නම් හෝ වෙනත් අපහසුතාවයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය . ඉම්ප්ලාන්ට් තැන්පත් කල රෝහලේ හෝ සායනයේ වෛද්‍යවරයා හමවීම වඩාත් වැදගත් ය.
*.පළමු පසු විමරම් සදහා තැන්පත් කර මසකින් පැමිණීම ඉතා වැදගත් වේ.ඉන්පසු වසරකට වරක් පසු විපරම් සදහා පැමිණිය යුතුය .
සේවා සපයන්නන් කවුරුන් ද?
*.රජයේ පවුල් සංවිධාන සායන.
( රෝහල් සහ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කාර්යාල .)
*.පෞද්ගලික රෝහල් .
*.රජයේ නොවන පවුල් සංවිධාන සායන .
උපදෙස් : ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරිනී .
Godak wedagath
ReplyDelete