Wednesday, July 3, 2019

කතකට පමණක් සීමාවුණු සංස්කෘතිය

       









බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළා යැයි ප්‍රචලිත ලංකදීපය වැදගත් ම වූ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ රටකි. ශ්‍රී ලාංකීය ජනයා සංස්කෘතිය හා කෙතරම් නම් බැදී ඇත්දැයි  විමසා බැලුවහොත් ඒ තරම් සංස්කෘතික අගය දන්නා වෙනත් ජන කොටසක් මෙලොව තවත් නැති තරම් ය. එතරම්ම ඔවුන් තම සංස්කෘතිකාංග ආරක්ෂා කරනු ලැබේ . සිනහවට කරුණ නම් එයම වේ. කොහිද , කොතැනද , කෙදිනකද මෙම සංස්කෘතිය ආරක්ෂා වූයේ. ඔබ දුටුවෙහිද එය රැකෙනා තැනක්. අද වන විට කිනම් සංස්කෘතියක් අපට හිමිද යන්න විමසීමට භාජනය කළ යුතු කරුණකි .

   සමාජයක පවතින්නා වූ මූලික අවශ්‍යතායන්වල සිට ආගම දහම , කෑම බීම , හැසිරීම් රටා යනාදී සියල්ලම මෙම සංස්කෘතිය යන රාමුවට කොටු වී ඇති බව සැබෑය. එහෙත් එසේ කොටු වුනු සංස්කෘතිකාංග සැබවින්ම ලාංකිකයන්ගේ ද යන්න ගැටලුවකි. සංස්කෘතිය යනු කාලයෙක් කාලයට වෙනස් වන්නකි . පවතින දේවල් ගිලිහෙමින් , නව දේ එක් වෙමින් සංස්කෘතිය සැමදා පවතී. එය කෙසේ හෝ සැමදා පැවතියද ලාංකීය සමාජය තුල පෙර පැවති සංස්කෘතිය අද වන විට දැකගත නොහැකි ය. මන්ද එය කාලයෙන් කාලයට වෙනස් ව්න බැවිනි.එසේනම් එවැනි සංස්කෘතියක් අප කෙසේ නම් ආරක්ෂාව කරගන්නේ ද .

   වත්මන තුල ශ්‍රී ලාංකික සමාජයට පවත්නා විශාලතම ගැටලුවක්  නම් කාන්තාවන් නිසාවෙන් සංස්කෘතිය විනාශ වන බවයි . කාන්තාව පිළිබඳ සැමදා බැලුවේ පිරිමි ඇසකිනි. අදහස් ලියුවේ පිරිමි ඇසකිනි . ඔවුන් කෙදිනක කාන්තාවකගේ වැරැද්දක් නොදැක සිටීදැයි මා හටනම් සැකයකි. කෙසේ හෝ සංස්කෘතිය යන්නට ජනප්‍රිය අංග එක් වී ඇතැයි යන්න පිළිගත යුතුම කරුණකි . එහෙත් ඒ සදහා කාන්තාවන් අදින පළදින ආකාරය මූලික හේතුව නොවේ . විවෘත ආර්ථික ක්‍රමය සමග ආරම්භ වූ පෞද්ගලිකරණය සමග පැමිණි ජනප්‍රිය සංස්කෘතික  ලක්ෂණයන්ට ගැහැනු ,, පිරිමි දෙපාර්ශවයම ඇද බැදගත් හ. ඒයට වගකිව යුත්තේ එකල සිටි දේශපාලකවරු ය. පෘතග්ජන මිනිසා යනු  පහසුවෙන් රැවටිය හැකි පද්ගලයෙකි. තමාට සැපක් සතුටක් ලැබේ නම් ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම් ය. මෙනිසා ජනප්‍රිය සංස්කෘතිකාංගයන්ට මිනිසා ඇබ්බැහි වීම නොවැලැක්විය හැකි කාරණාවක් වේ.



   කණගාටුවට කරුණ නම් මේ කෙරෙහි කාන්තා පාර්ශවය  සිත්යෙදුවා වැඩි  වීමය.ඔවුන්ට එසේ වන්නට මග පෑදීමය. සිංහල සංස්කෘතිය තුළ සංවර ඇදුමක් පැවතුණි . ඒ ඔසරිය යි.කවුරුන් හෝ එය මෙරට සංස්කෘතියේම අංගයක් යැයි කියන්නේ නම් එය සාවද්‍ය ය. මන්ද ඔසරිය ද මෙරටට පැමිණියේ වෙනත් දේශයකින් වීමය. විජය රජුන් මෙරටට පැමිණි පසු දකුණු ඉන්දීය ලක්ෂණ මෙරට තුළ මුල් බැස ගත්හ. ඉන් පසු ඇති වූ පරපුර මෙරට අද වනතෙක් පැවත එන බව නොරහසකි. එසේනම් කොහිද අපට වෙනත් දේශයකින් පැමිණියා නොවෙද? එසේ නම් අද වන විට පැමිණ තිබෙන ඇදුම් පැළදුම්  ද පැළදවූවාට කම් නෑ නොවෙද ?.

   අතීතයේ දී මිණි ගවුම යැයි කෙටි ඇදුමක් ඇන්දා යැයි ඉතිහාස කතා සාක්ෂි දරයි . එසේනම් එකළ සිටියේද ගැහැණු හා පිරිමි ය. එම පිරිමින් තුළ කාන්තාව කෙරෙහි රාගී සිතුවිලි පහල නොවීද. එකල, දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටත්, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවටත් කිසිදු බාධාවකින් තොරව කාන්තාවන් ට ගමන් කළ හැකි බව මව්පියන්ගෙන් මා අසා ඇත්තෙමි. එවිට ද මා හට විමසන්නට වනුයේ එකල පිරිමින් නොසිටියේද යනුවෙනි.

   වරද ඇත්තේ කාන්තාවන්ගේ ශරීර ලක්ෂණ හෝ ඇය අදිනා ඇදුමෙහි හෝ නොවේ පිරිමින්ගේඑ බැල්මෙහිය.එදා සිටි පිරමින් තුළ මෙන් නොවේ අද ව්න විට මිනිසා තාක්ෂණය අතින් දියුණු වුවද ඔවුන් තුලින් සාරධර්ම ගිලිහී ඇත . ඔවුන් ඒ අතින් පහලට වැටී ඇත. පළමුව පුරුෂ මනස සන්සුන් කළ යුතු ය. ඔවුන්ගේ බැල්ම නිවැරදි කළ යුතුය.එහෙත් එය පුරුෂාධිපත්‍යයක් පවතින මෙවන් රටක කෙදිනක ඉටුවේදැයි සැකයකි.

   බුර්කාවක් පැළද මුලු ශරීරයම වැසෙන්නට ඇද සිටීමට වී ඇත්තේ මේ කියන්නාවූ සංස්කෘතිය නිසාවෙනි .මුසල්මානු රාජ්‍යයන් තුලද රජ කුමරවරු කාන්තාවන් ට නිදහසේ හැද පැළද සිටීමට අවසර දී තිබියදීඉ ලංකාව තුල පමණක් මෙසේ සංස්කෘතික වහලුන් වී සිටින්නේ මන්ද .නිදහස යන්න සැමට එකසේ හිමිවිය යුතු කාරණාවකි . ගැහැණියට සැගවී සිටින්නට වී තිබෙනුයේ පුරුෂ මානසිකත්වය නිසාම ය.

"කිසියම් අවස්තාවක ගිණිගැනීමක් සිදු වී ඇය පිළිස්සුණද තම රෙදි ඉවත් කර ඉන් ගැලවීමට මෙවන් සංස්කෘතියක් නිසාවෙන් ඇය භිය වේ." කාන්තාවකට අසාධාරණයක සිදු වන විට කොහිද මෙම සංස්කෘතිකාංග .ඒවාට සංස්කෘතිකාංගයන් වැළලී ගොසිනි.

   පසුගිය වකවානුවේදී කාන්තාවගේ විළිබිය පිළිබඳ මනා කාරණාවක් මගින් එළිදැක්වීය. එනම්, සනීපාරක්ෂක තුවා පිළිබඳවය. ඔසප් චක්‍රය සිදුවන ඕනෑම කාන්තාවක් සනීපාරක්ෂක තුවා භාවිතය ට යොමු වේ.පිරිසිදු බව හා සනීපාරක්ෂාව උදෙසා එසේ නිර්මාණයක් කළ නිර්මාණකරුවා උතුම් මිනිසෙකි. Pad man " සිනමාපටය අනුව තම බිරිද මාස්පතා විදිනු ලබන අපහසුව මග හැරීම උදෙසා ඔහු මෙය සොයා ගන්නා ලදී. ඔසප් චක්‍රය යනු ලොවට රහසක් නොවේ . එය විද්‍යාත්මක ලෙස කාන්තා ශරීරය තුළ සිදුවන ක්‍රියාවලියක් වේ. නිෂ්පාදන ආයතනයන් මෙම සනීපාරක්ෂක තුවා නිර්මාණය කරමින් ජනමාධ්‍ය ඔස්සේද මෙය ප්‍රදර්ශනය කරන්නේ නම් , ලොව ප්‍රචලිත නිළියන් යොදා ගනිමින් ඒ පිළිබඳ දැන්වීම් ඉදිරිපත් කරන්නේ නම් කාන්තා අවශ්‍යතාවය මත එය මිළදී ගැනීමට කුමකට ලැජ්ජා වන්නේ ද? එයද  අද වන විට කාන්තාවන් ගේ අනිවාර්ය අවශ්‍යතාවය කි.එසේනම් සංස්කෘතිය කියනා පරිදි ලැජ්ජාව , භිය ඇති කරගනිමින් මෙවන් දෑ මිළදී ගැනීම නොකල යුතුය..එහෙත් පිරිමින් ට ඕනෑම අවස්ථාවක මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සංස්කෘතිය ට කරන්නා වූ හානියක් නොවේ . මත්ද්‍රව්‍ය භාවිතයේදී කෙතරම් සංස්කෘතිය ට හානි සිදුවේද නමුත් ඒ දෙස කිසිවෙකුගේ නෙත ගැටෙන්නේ නැත.

   සනීපාරක්ෂක තුවා පිළිබඳ මෙන්ම උපත් පාලන පෙති ලබා ගැනීම පිළිබඳවද ඉතා වැරදි බැල්මක් කාන්තාවන් වෙත හෙලනු ලැබේ. අනාගතය ට ඇය යහපත් මවක් වීමේ අභිප්‍රාය පෙරදැරිව සිටින්නියක ලෙස තම ආරක්ෂාව සලසා ගැනීම සංස්කෘතිය බිද හෙලීමක් ලෙස දකින්නේ නම් එසේ දකින්නවුන් හට මානසික ප්‍රතිකාර ලබා දීම පළමුව ම කළ යුතුය.
රුහුණු විශ්වවිද්‍යාලය තුල කොන්ඩම් භාවිතය පිළිබඳ ව පසුගිය දිනවල පළවූ සාවද්‍ය ප්‍රචාරය තුලින් වුවද පහර එල්ලවූයේ එහි ඉගනුම් ලබනා ගැහැණි ළමුන්ටය. ඇය සමාජයට මුහුණ දෙන්නේ ක්කෙසේද යන්න පිරිමි ඇසට යොමු නොවුනි.එමෙන්ම එහි සත්‍යය අසත්‍යතාවය මැන බැලීමට ද කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර ,එහි සිට්ටින ගැහැණු ළමුන් සියල්ල ලිංගිකව හැසිරුණු ආකාරයේ  post නිර්මාණය කර  බුකිය පුරා රගන්නට බොහෝ දෙනා කටයුතු කළහ.

   කාන්තාව පිළිබඳ සමාජය තුල ඇති විශාලම ගැටලුව වනුයේ ඇය පිළිබඳ දකින ආකාරයේ ය.. ධනවත් කාන්තාවක් සංස්කෘතියට කුමන ආකාරයක හානියක් සිදු කළද එය කිසිවෙකුට හෝ වරදට කරුණක් නොඅන අතර දුප්පත් අයකු එසේ කලහොත් එය ජාත්‍යන්තරයට ලබා දීමට තරම් ව්න පුවතක් වේ. මේ සියල්ල සිදු වනුයේ බැල්මෙහි පවත්නා වැරැද්දක් නිසාවෙනි .

    සංස්කෘතිය තුල විශාල ලෙස කාන්තාවන් පීඩාවට පත් කරන්නා වූ අනෙක් කාරණය නම් කන්‍යාභාවය පරීක්ෂා කිරීමය. පෝරුවක් මත චාරිත්‍ර කර ඇය ක්ලාන්ත වී වැටුනහොත් ඇගේ පිරිසිදුකම කෙලෙසී ඇත. එය යම් රෝගයකට සිදු වුවද සමාජය ඒ දෙස බලනුයේ ඉහත ආකාරයටය . පුරුෂයා පිරිසිදු දැයි කිසිවිටත් කිසිවෙකු සෙව්වේ නැත. ඇතැම්විට පුරුෂයාගේ පිරිසිදු බවක් නැතිවෙන්නට ඇත. එහෙත් එය කිසිවෙකුට බාධාවක් නොවේ.දරුවන් නැති ගැහැනිය වද ගෑණි කියා හැදින්වුවත් ඇය වද වූයේ ද පුරුෂයා වද වූයේද කියා කිසිවෙකු නොසොයා ගැහැණියම පීඉඩාවට පත් කරනු ලැබේ. කාන්තාවන් ට කුමන ආකාරයෙන් සැලකුවද සියලු පුරුෂයන් ඉපදුනේ ද මතුවට උපදිනුයේද කාන්තා ශරීරයෙන්ම බව සදහන් කල යුතුය .

    ඉහත දක්වන දෑතුලින් සංස්කෘතිය නොතිබිය යුතුයි යනුවෙන් මා නොකියනා අතර එය කාන්තාවන් ට පමණක් සීමා නොවිය යුතු බව සදහන් කළ බව දක්වමි. සියල්ල තුලින් කාන්තාවන් නොපෙලිය යුතු අතර ඇය කෙරෙහි සර්ව සාධාරණ ලෙස බැලිය යුතු බවත් සංස්කෘතික රාමුවකට ඇය කොටු නොකළ යුතු බවත් සදහන් කරමි.

2 comments: