Monday, July 22, 2019

මුස්ලිම් සංස්කෘතිය හා බැඳුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ ( ආහාර හා ඇඳුම් පැළඳුම් )



මුස්ලිම් සංස්කෘතිය තුල අන්තර් සංස්කෘතිය ඉස්මතු වන අංග ලක්ෂණ කිහපියකි.ආහාර පාන හා ඇඳුම් පැළඳුම් ද එම අන්තර් සංස්කෘතිය පිළිබිඹු කරන අංගයන් අතර කැපී පෙනේ.
මුස්ලිම් ජනයාගේ හදුනාගැනීමේ ප්‍රධානම ලක්ෂණයක් වන ඇඳුම තුලින් කෙසේ අන්තර් සංස්කෘතිය පිළිබිඹු වන්නේ දැයි මා පළමුවම දක්වමි.

මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ ඇඳුම වනුයේ “හබාය” ය- ඒ වගේම මොවුන් මුහුණ වැසෙන සේ ඔලුවේ සිට පළඳන
     “හිජාබ් ” යන ඇඳුමෙම කොටස ද ඔවුන් ගේ අනිවාර්යය අංගයක් වේ. අතීතයේ කළු පැහැය පමණක්ම භාවිතා කළද වර්තමානයේ දී ඒ ඒ රටවල දේශගුණික හා සමාජ වෙනස් වීම් නිසාවෙන් විවිධ වර්ණයෙන් යුක්ත හබාය අදිනු දැකිය හැකි වේ-  අතීතයේ බ්‍රාහ්මණ කාන්තාවන් මෙන්ම වර්තමානය වන විටද දැකිය හැකි ද්‍රවිඩ හා හින්දු ජනයා ද තම ශරීරය හිසේ සිට පාදාන්තය දක්වාම වැසෙන සේ මුස්ලිම් ජනයාගේ ඇඳුමට සමාන වූ ඇඳුම් අදිනු ලැබේ- මේ තුලින් මුස්ලිම් සංස්කෘතියෙහි හා එම සංස්කෘතීන්හි අන්තර් සබඳතාවක් දැකගත හැකිය- -එමෙන්ම ටෝගාව යන ග්‍රීක ඇඳුම ද මේ හා සමාන බවක් දැක්වේ.
විශේෂයෙන් මුස්ලිම් සංස්කෘතිය ව්‍යාප්ත වූ මැද  පෙරදිග රටක් වන සෞදි අරාබි සංස්කෘතිය තුලින් අනෙකුත් රටවලට මෙම සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත .එහෙත් එරටෙහි ඇඳුම සඳහා කළු පැහැය අද වන විටත් භාවිතා කළ ද ලංකාව ඇතුලු අනෙකුත් රටවල් විවිධ වර්ණයන්ගෙන් මෙන්ම ෂල්වාරි , දෙපතුල දක්වා දික්වූ සාය හා අතෙහි වළලුකර දක්වා වූ හැට්ටය , කලිසම හා දනිස දකිවා දික්වූ හැට්ටය මෙන්ම වයසක කාන්තාවන් සාරිය ද ඇඳීමට යොමු ව ඇත.




අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයට නතු  වූ බැවින් එම සංස්කෘතික ලක්ෂණ ඈඳා ගැනීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වීම නිවැරදි යයි මා සිතමි.
තවද මොවුන් හිස පළඳන තොප්පිය මෙන් පංජාබ් පුරවැසියා ගේ හා සින්ක් ජනයා ගේ හිස මත පළඳනාවක් වේ .
මුස්ලිම් ජනයා අතර ඇඳුම පැළඳුම මෙන්ම ආගමික වශයෙන් ද දැඩි මතධාරී පිරිසක් සිටින බව මා හට දැනගන්නට ලැබිණි.. බුද්ධ කාලයේ දී ෂඞ් ශාස්තෘවරුන් අතර ද මෙවන් දැඩි මතධාරින් සිටි බව අප ග්‍රන්ථ මගින් උගෙන ඇත්තෙමු.

මුස්ලිම් කාන්තාව ආභරණ පැළඳවීම දක්නට නොලැබේ. විවාහය අවස්ථාවේ දී මනාලයා විසින් දෙනු ලබන ආභරණයක් පමණක් වේ. නමුත් වර්තමානය තුල විවාහ තීන්දු කිරීමට යාමේ දී එම විවාහය තීන්දු වුවහොත් ඇයව තීන්දු වූ බවට සංකේතයක් ලෙස රන් මුදුවක් හා් රන් භාණ්ඩයක් පැළඳීම සිදු කරන අතර එය “අඩයාලම්” දැමීම ලෙස හැඳින්වේ- මෙය ක්‍රිස්තියානි , හින්දු හා සිංහල  වැසියන් අතර ද විවාහ දිනයේ දී  සිදු කෙරේ- එමෙන්ම හින්දු චාරිත්‍රයන්හි පැවත එන තැල්ල බැඳීම ද වර්තමානයේ  මෙම සංස්කෘතියෙහි දක්නට ඇත.

මුස්ලිම් මිනිසා ගේ ආහාරපාන හා පවතින අන්තර් බැඳීම පිළිබඳ විමසීමේදී ඔවුන් ආහාර ගැනීමට පෙර “බිස්මිල්ලාහ්” (  දෙවියන්ගේ නාමයෙන් ) ලෙස ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන් සිදු කරනු ලබයි - එමෙන් ම ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ද කෑමට පෙර යාඥා කිරීම සිදු කරන අතර බෞද්ධයන් කෑමට පෙර බත් පිඬක් වෙන් කිරීම සිදු කරනු ලැබේ.

ආහාර පිළිබඳ කතිකා කිරීමේ දී රාමසාන් මාසයේ දී මොවුන් පූර්ණ කරනු ලබන උපවාස සමය ඉතා වැදගත් ය- නෝබි කාලය ලෙස හදුන්වන මෙම කාලයේ දී අළුයම හතර වන විට ආහාර ගැනීම නවත්වන අතර එහදිී බොහෝ දුරට බත් අනුභව කර උපවාසය ආරම්භ කෙරේ.සවස හය වන තෙක් නිරාහාරව සිටින මොවුන් රට ඉඳි හා කැඳ වර්ග ආහාරයට ගනී- මෙම සංස්කෘතික අංගයට සමාන සංස්කෘතිකාංගයක් හින්දු සංස්කෘතිය තුළ ද පවතී- එය දුර්ගා මාතාව උදෙසා කරනු ලබන උපවාසයකි.

තවද මොවුන් ඌරු මස් කෑම හා මත් ද්‍රව්‍ය පානය ආගමික වශයෙන් අනිවාර්ය තහනමක් ලෙස දක්වා ඇත - එයට හේතුව ලෙස ආගමික සංකල්පයක් මෙන්ම යුධමය තත්වයක් ද දක්වයි.

“කුරුස යුද්ධයේ දී මුස්ලිම් හා කතෝලිකවරුන් අතර ගැටුමේ දී කතෝලිකයන් ඌරු මස් සමඟ මත් වතුර ලබා දීම නිසා එය විෂ වී යුධ වැදීමට පෙරම මුස්ලිම්වරුන් සමූල ඝාතනයට ලක් වීම” එයට  හේතුවය.
මේ ආකාරයෙන් හින්දු වැසියන් තම දෙවියන්ගේ වාහනය ලෙස ගවයා සළකන බැවින් ගව මස් කෑම තහනම් කර ඇත. මෙරට තුළ පොළොන්නරු රාජධානි සමයෙහි දී සඳකඩ පහනින් ගවයා ඉවත් කරනු ලැබීම ද මෙනිසා සිදු කළහ- නමුත් බෞද්ධ දේශණය තුළ සියළු සතුන් නොමරන ලෙස සඳහන් වේ- නමුත් වර්තමානයේදී බයහිරකරණය නිසාවෙන් මත්ද්‍රව්‍ය ද ඉන්දියානු ආභාෂිත ආහාරයන් ද මුස්ලිම් ජනයා අතර වර්ධනය වී ඇත්තේ අන්තර් සංස්කෘතියේ බලපෑමක් ලෙසය.

උත්සව අවස්ථාවන් වලදී මෙන්ම අවමංගල්‍ය අවස්ථාවන්හි දි ද ඉතාමත් ප්‍රණීත ආහාර ලබා දීම සිදු කෙරේ. පෙර සිංහලයා අවමංගල්‍යයක දී කරවල හොදි හෝ වට්ටක්කා හොදි සමග බත් ලබා දුන්න ද අද වන විට එය මුස්ලිම් සංස්කෘතියෙහි මෙන් ඉතාමත් ප්‍රණීතව ලබා දීමට සිංහලයා කටයුතු කරනු ලැබේ.
මංගල අවස්ථාවේ දී විවාහ වීමේ සතුට නිමිත්තෙන් මනාළයාගේ පාර්ශවයෙන් තමක්ට හැකි පරිදි තම නෑ හිත මිතුරන්ට වලිමා නමින් ආහාර වේලක් දෙනු ලැබේ. නබිතුමාගේ කාලයේදී රට ඉඳි වලිමාව සඳහා දුන් බව සඳහන් වේ. සිංහල , හින්දු හා ක්‍රිස්තියානි සංස්කෘතීන් තුල ද තමාට හැකි උපරිම ආකාරයට එම කාර්ය සිදු කරනු දැකිය හැකිය.

පමණට වඩා ආහාර ගැනීම මෙම සංස්කෘතිය තුළ පාපයක් සේ සැළකේ.  එමෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ බුදුරදුන් ආහාර ගැනීම පමණට වඩා කොනළ යුතු බව සේඛීයා ධර්මයන්හි දක්වා ඇත. ඉන්දියානු සමාජය තුල ගාන්ධිතුමන් ප්‍රකාශ කරනුයේ ද  ආහාර අපතේ නොයවන ලෙසිනි. එම නිසා ඇගිලිවල රැදෙන එක් බත් ඇටයක් හෝ ඔවුන් ඉවත නොදමයි .

ඉහත දක්වන ආකාරයට මුස්ලිම් ජනයා අතර මුල් කාලීනව දැඩි සංස්කෘතික ලක්ෂණයන් පැවතියද වර්තමානය තුළ අන්තර් සංස්කෘතික බලපෑම් නිසා විවිධ සංස්කෘතිකාංගයන් වෙනස් වූ බව හඳුනා ගත  හැකිය. .

2 comments: