“ඒයි නංගි , මෙහෙ වරෙන්. උඹ මොකද හැමදාම අරුත් එක්ක එන්නෙ.උඹගෙ කොක්ක ද? ආ”
මෙහෙම තමයි කැම්පස් ආවම පළවෙනි අවුරුද්දෙ මුල ගෙවන්නෙ. ඒ කාලෙ හරිම සුන්දරයි- මතකයන් ගොඩයි.
මම කැම්පස් ආවෙ මාතර ඉදන්
මිද්දි කියලා කාඞ් එක වැටුනෙත් ඒ නිසාම යි.මගේ හොඳම යාළුවො ටිකත් මාතරයි හම්බන්තොටයි අයම තමයි. අපේ ගොඩක් යාළුවොන්ගෙ වැමෙ අපි කියන දේවල් වලට නෝන්ඩි දාන එක- මොකද අපි මාතර නෙ- දවසක් ,
මිද්දි කියලා කාඞ් එක වැටුනෙත් ඒ නිසාම යි.මගේ හොඳම යාළුවො ටිකත් මාතරයි හම්බන්තොටයි අයම තමයි. අපේ ගොඩක් යාළුවොන්ගෙ වැමෙ අපි කියන දේවල් වලට නෝන්ඩි දාන එක- මොකද අපි මාතර නෙ- දවසක් ,
“ආ මිද්දී ඔහේලා කෑවයි--”
කියාගෙන නෝක්කාඩුවට හිනා වෙමින් අපි ලඟට ආවෙ හඳයා- එයා අපි එක්ක හිටිය ටිකක් වෙනස් යාළුවෙක්- එයාට අපි කියන්නෙ පොෂ් හඳයා කියලා- හාවෙක්ගෙ වගේ සුදු බෝල මූණක් තිබුණ නිසා තමයි එයාට එහෙම කිව්වෙ- හඳයගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්- ඩොක්ටර් කෙනෙක් කිව්වට ඇත්තටම එයා මනෝ වෛද්‍ය වරයෙක්- කොළඹ හැදී වැඩුන හඳයට තමන්ගෙ තාත්තගෙන් පොඩි කාලෙ ඉදන්ම අහන්න දකින්න ලැබුණු දේවල් සහ කොළඹ පරිසරයත් එක්ක තමා හඳයගෙ මේ හැසිරීම් ගොඩ නැගිලා තියෙන්නෙ- දවසක් අපට මාතර කපක් සෙට් වුණා- මං කිව්වෙ නෑ නේද කපක් කියන්නෙ මෙකක්ද කියලා- කපක් කියන්නෙ මළගෙයක් වෙලා කියන එක- අපේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක් මැරිලා අපි හාමෝම එහෙ යන්න සෙට් වුණා- එදා සොබාදහමත් අපිත් එක්ක තරහා වෙලා වගේ පරිසරයම අඳුරු කරගත්ත මහා වැස්සක් ඇද හැලුවා- මහ සද්දෙන් අකුණු ගහන, ගිණි පුපුරන විදුලි කොටන මේ රෑ අපෙත් මාතෘකාව වුණේ හොල්මන්, භූත දෝෂ, අනිවිණ කොඩිවිණ ගැන තමයි- මොකද අපි යන්නෙ මේවට ගොඩක්ම ප්‍රසිද්ධ අපේ මාතරනෙ- සමහර අය නම් හොල්මන් කියන නම ඇහෙද්දිත් බය වෙන නිසාම කොල්ලන්ගෙ වැඬේම කෙල්ලො ටික භය කරන එක- ඔය අතරෙ අපේ නිකිණි කිව්ව කතාවට හැමෝම තවත් ගල් ගැහුණා.
“අපේ ගෙදර ඉස්සරහ තියන ගෙදර පොඩි ගෙදරක්- එහෙ පොඩි අක්කා කෙනෙකුයි සීයයි විතරයි ඉන්නෙ- ආච්චි අම්මා මැරිලා- අක්කගෙ අම්මා රට- මේ සීයා ලඟ පොඩි රේඩියෝවක් තිබුණා- ඒක වැඩ කරන් නෑ කියල අපේ මල්ලිට කිව්වා හදල දෙන්න කියලා- ඉතින් මල්ලිත් සීයා පව් කියලා හදලා දීලා ආවා- ඒ වුණාට හදලා දීලා මල්ලිට ගෙදරට එන්න වෙන්නෙ නෑ සීයා ආයෙ කතා කරනවා, අනේ චූටි පුතේ ආයෙ වැඩ නෑනෙ කියලා- ඉතින් මල්ලි තුන් සැරයක් විතරම හදලා දීලා ආවට එයා එලියට එද්දි ආයෙත් ඒක වැඩ නෑලු.
“මල්ලිට භය හිතිල නැද්ද බන් හොල්මන් වගේ එහෙම වෙද්දි”
නැත්තෙ මොකද මිද්දියෝ මල්ලිටත් හරි අමුතුයි කියලා තේරිලා ආයෙ ගිහින් නෑ- හොදම වැඬේ කියන්නෙ,
“ඇයි මල්ලිගෙ පස්සෙන් රේඩියෝව ඇවිත් ද?”
“අනේ ඇඞ් නොදා හිටපන්කො බන් කියන කම්”
ම්ම්--- ඉතින් ඉතින්,
ඉතින් කියන්නේ මල්ලිගෙ යාළුවෙක් ඇවිත් හිටියා නිවාඩුවට අපේ ගෙදර- ඒ මල්ලි එදා ගෙදර යන්න මල්ලි සීයලගෙ දිහා ගිහින් එනකම් ඉදලා අපේ කඩුල්ල ගාවට වෙලා- මල්ලි ඇවිත් දෙන්න එක්ක යන ගමන් ඒ මල්ලි කිව්වලු ,
“ මචං, උඹ ගියපු ගෙදර ආච්චි මන් දිහාම බලන් හිටියා” කියලා-
“අඬේ බන් මැරුණු මනුස්සයෙක් කොහොම පේන්නද?”
ඒක තමා මල්ලිත් වෙව්ලන ගමන් ඇහුවලු ,
“ මො---- මො--- මොකක්- ආච්චි- උඹට පිස්සුද බන්-”
“ ඇයි මචං- න්--- නෑ-- නෑ- මුකුත් නෑ අපි යමු-”
මල්ලිට එතකොට තමයි තේරිලා තියෙන්නෙ මැරිව්ච ආච්චි ඌට පෙනුනෙ කොහොමද? කියලා-
“එතකොට කැසට් එක කැඩුනෙත්---”
ඔව්- මං හිතන්නෙත් එහෙම තමා-
“ආපෝ---මන්නම් එන් නෑ නිකිණි ඔයාලගෙ ගෙදර”-
නෑ නෑ බන් ඇදුරෙක් එක්ක ඇවිත් ඒවා අයින් කරලා දැන් එයාලා ඒ ගෙදර හොදින් ඉන්නවා-
කට්ටියම ඒ ගැන කතා කරද්දි පොෂ් හඳයා එකපාරටම කිව්වා ,
“ඕවා ඔය මනසෙ තියන දේවල්නෙ- අපේ තාත්තා ඒ වගේ මානසිකව වැටුනු අය ගොඩ දෙනෙක් මනෝ විද්‍යාත්මක ක්‍රම වලින් සනීප කරලා තියෙනවා-”
“ඒත් හඳයො මල්ලිගෙ යාළුවා දන්නෙ නෑනෙ ආච්චි මැරිලා කියලා”-
“ඒ මල්ලිගෙ ඒ වෙලාවෙ හිතේ ඇඳුන දෙයක් තමයි ඒකත්- හොල්මන් කියලා දෙයක් නෑ මේ ලෝකෙ-”
“එතකොට හඳයො, හැන්දෑවට පුළුටු දේවල් ,තෙල් බැදපුවා කෑවම බඩට අල්ලනවා කියන එකත් බොරුද ?ඔයා ඒවා විශ්වාස කරන්නෙත් නැද්ද”
“එහෙම කියන අයගෙ රෝග ලක්ෂණ වෙන්නෙ මිද්දියෝ ,බඩ පිපෙනවා, නිතර උගුරට එනවා , වොමිට් එනවා-- ඒ වගේ දේවල් නේද? ඒ ඔය මුකුත් නිසා නෙමෙයි මේ මටත් හැම වෙලාවෙම තියන ලෙඬේ ගැස්ට්‍රයිටි්‍රස් වලට තමයි-”
හඳයා එක්ක වාද කරලා දිනන්න බැරි නිසාම අපි වැඩිය කියන්න ගියේ නෑ- ටික වෙලාවකින් මළ ගෙදරටත් ආපු නිසා ඒ කතාව එතනින් නතර වුණා- මළ ගෙදර වැඩ කටයුතු ඉවර වුනාට පස්සෙ අපි කතා වෙලා ඉදපු විදියටම අපේ ගෙදර යන්න පිටත් වුණා-
මාතර ගුරුකම් වලට වෙනත් පලාත්වල අය භය නිසාම අපේ තාත්තා ඇදුරුකම් කරන සිංහල වෙද මහත්තයෙක් කියලා මං කියලා තිබුණෙ නෑ කාටවත්- ගෙදරට ගියාම තමා එයාලා දන්නෙ තාත්තා වෙද මහත්තයෙක් කියලා-
“මාතර ගුරුකම් වලට ප්‍රසිද්ධ වගේම හොඳට ආගන්තුක සත්කාරත් දන්නවා කියලයි අපිනම් අහලා තියෙන්නෙ”
කිය කියා කට්ටියම ආවෙ කැම්පස් එකේ සාගතෙන් වගේ ඉදලා හොද කෑම වේලක් බලාපොරොත්තුවෙන්- අම්මට සූදානම් කරන්නත් ලේසි වෙන්න මං කලින්ම කියලා තිබුණා කට්ටිය උදෙන්ම එනවා කියලා- රතු කැකුළු බතට සැර පෙට්ටි මිරිස් දාලා හදපු පොල් සම්බෝලයි, කිරි හොද්දයි, මාළු ඇඹුල් තියල් වියලා ඇහුවමත් කටට කෙල උනන කෑම fවිලක් අම්මා හදලා තිබුණා- කවුරුත් රස කර කර කෑවා-
ඔය අතරෙ අනිත් ළමයින්ට වඩා හඳයා තමයි තාත්තට කුළුපඟ වුනේ- එයා මේවා විශ්වාස කරන්නෙ නැති නිසාම වැඩිපුරම තාත්තා එක්ක කතා කරන්න ගත්තා-
“ ආ--- පුතා බත් කෑවැයි-”
“ඔව්, අන්කල් කෑවා”
“හීං දුවේ, ඔයි පිළිකන්නෙ ඇති වරක බෑයක්- මේ ළමයින්ට ගෙනත් දුන්න නං හොඳයි නෙව-
“හා තාත්තේ”---
“ඔය වහල්ල කපලා කොහොල්ලෑ ටික අයින් කොරලම අරන් එන්න- නැත්තං මේ ළමයි ඇඟේ ගා ගනියි-”
වරකා වල රස බලන ගමන්ම කට්ටිය තාත්තා කරන වැඩ දිහා බලන් හිටියා- ලෙඩ බලන්න ආපු කෙනෙකුට දෙහි කපන ගමන් තාත්තා උන්නෙ- ඒ අක්කට කිව්වා කාපු දෙයක් බඩට අල්ලලා තියෙන්නෙ ළමයො බඩ මතුරුවා ගන්න වෙයි කියලා-
බුලත් හුරුල්ලක් දීලා වැදලා විස්තර ටිකත් අහගෙන ඒ අක්කා යනවත් එක්කම නිකිණි හඳයට කිව්වා---
“ආ---- හඳයො ඔයා විශ්වාස කරන්නෙ නෑනෙ ඕවා- ඉඳගන්නකො මාමාට කියලා අපි දෙහි ගෙඩියක් කපලා බලමු ඔයාටත්-”
අකමැත්තෙන් උනත් මේකත් හොඳ අත්දැකීමක් කියලා හඳයත් ඉඳගත්තා-
දෙහි කපලා බැලුව තාත්තා හඳයගෙන් ඇහුවා,
“පුතාගෙ බඬේ එක පැත්තක් රිදෙනවද?” කියලා- “ඔව් අන්කල්”
හඳයා කිව්වා-
පස්සෙ දි, අර අක්කට කිව්වා වගේ,
“ නිතරම බඩ පිපිලා තියෙනවා, නිතරම උගුරට එනවා එහෙම නේද පුතාට”---- කියලා තාත්තා ඇහුවම හඳයා කියනවා ,
“ඔව් අන්කල් මේ ගැස්ට්‍රයිටිස් වලටනෙ” කියලා-
(හිනාවෙලා) ම්ම්ම්---, පුතා කොයි කාලෙ ඉඳගෙනෙයි එතකොට ඔයි ඉංගිරිසි බෙහෙත් බොන්නෙ-”
“මං 11 වසරෙ ඉඳලම බොනවා අන්කල්” කීය-
“ඒකනෙ පුතා මං කිව්වෙ- මේ මං කියන බෙහෙත් ටික කොරල බලමුකො- ආයෙ කිසිම විදිහක ඔයි ලෙඬේ හැදෙන එකක් නෑ- එක එක පැතිවල අය ආව මෙහෙ ගෑස්ටික් කියාගෙන- ඒ ඔක්කොම මේ බෙහෙතෙන් තමයි සනීප වුනේ- පුතාට මෙහෙ සතියයි ඉන්න ඕනෙ- මං සනීප කරල දෙන්නම්-”
“එහෙනම් හඳයා මේ දවස්වල ලොකු වැඩකුත් නෑනෙ- ඔයා ඉඳලා එන්න- අපෙ හීං අයියත් ගෙදර ඉන්නවනෙ- කොළඹම ඉඳපු ඔයාට හොඳ අත්දැකීමකුත් වෙයි-”
හඳයට ඉක්මනින් සනීප වුණා.
“මේ සතිය ඇතුලෙ මම ගොඩක් දේවල් ඉගනගත්තා - බෙන්තර ගඟෙන් මෙහා පැත්තට ඇස් ඇරුණෙ නැති බළල් පැටවෙක් වත් ගේන්නෙපා කියන කතාව බොරුවක් කියලා මට දැන් හිතෙනවා- ඒ තරමට මෙහෙ මිනිස්සු ලඟ මනුස්සකම පිරිලා තියනවා- ඒ වගේම මනෝ විද්‍යාවයි දේශීය වෛද්‍ය විද්‍යාවයි හොදින් අධ්‍යයනය කලොත් ලොක වෙනසක් කරන්න පුළුවන් කියලා මට තේරුම් ගියා”.
මම අලුත් ජීවිතයක් පටන් ගත්තා වගේ කියලා මට දැන් හිතෙන්නෙ මිද්දියෝ-------
මේක හොදම.
ReplyDeleteThnqqq
Deleteලස්සනයි,මාව එක්කන් ගියේ නෑනේ :(
ReplyDeleteAnnee..thnqqq
DeleteGood
ReplyDeleteThanks 😊
DeleteLassanaiii
ReplyDeletethanks 😊
Delete