" ලොකු උන්නැහේලවෙලාව කීයෙයි. ම්ම්ම්ම....මහත්තයා මේ පලාතෙ
කෙනෙක් නෙමේ වගේ. ඔව් ලමයි මන් මාතර ඉදල එන ගමන් . අප්පහ්. මාතරද? අහද්දිත් ඇඟ සීතල වෙනව..."
මෙවැනි කතා මාතරට නුදුරින් කොළඔ ඇතුළු නාගරික ප්‍රදේශ වලින් අසන්නට ලැබෙන බව මාගේ දෙසවනටම ඇසී තිබේ.එයින් පැහැදිලි වන්නේ මාතර පවතින්නා වු කුමන හෝ දෙයකට මිනිසුන්ගේ සිත්තුල යම් තැතිගැන්මක් ඇති වී ඇති බවයි. Diwaneth” තුලින් අද මා අනාවරණය කරනුයේ එයයි.
"මාතර ගුරුකම් ” මාතර පිළිබඳ කතාබහ කරන්නාවූ ඕනෑම අයකුගේ කතා බහට යොමුවන කරුණකි.මාතර ගුරුකම් කී විට එහි යහපත් තත්ත්වයන් මෙන්ම අයහපත් තත්ත්වයන්ද වේ.එහි දී ර්ණ හදි හූනියම් ” යනු මාතර ගුරුකම්හි අයහපත් තත්වයයි. මෙය මෑත කාලීනව ආරම්භ වූ දෙයක් නොවන බවත් පරම්පරා ගනණාවක අතීතයක් පවතින බවත් මාතර කරුනු දත් ජනතාව ප්‍රකාශ කරයි.
බුදු රදුන්ගේ කාලය තුලදී මෙම හදි හූනියම් වලින් දොළොස් අවුරුද්දක් මුළුල්ලේ දුක් විඳි දහම් මස්ත රජ්ජුරුවන්ගේ පුතු සුව කිරීමට සක්‍ර දෙවියන් මිහිපිටට පැමිණි බව මාතර වෛද්‍යාචාරීන් පවසයි. එමෙන්ම අප කව්රුත් අසා ඇති ආකාරයට ආනන්ද හිමියන්ට රොඞී ගුරුකමක් කර උන්වහන්සේ බන්ධනය කර ගනු ලැබීය.
මේ ආකාරයට ඈත ඉතිහාසයකට හිමිකම් කියන හදි හූනියම් ලංකාවේ මාතර ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තව පවතී. එමෙන්ම ල වස්තුවලට ආශාවෙන් අනාගතේ මිනිසුන් සිදු කළහැකි ගුරුකම් කිහිපයක් බුදුරදුන් පෙන්වා දී තියනව කියල අප සාකච්ඡා කළ ඇදුරුතුමා කීවා.ඒ අනුව
ඔඩ්ඩි විනය , ගුවන් සූනියම් විනය, දුනු සූනියම් විනය, කටු සූනියම් විනය, අට සූනියම් විනය, ගල් සූනියම් විනය, මල් සූනියම් විනය, වල් සූනියම් විනය, අන්ධ සූනියම් විනය, මන්ධ සූනියම් විනය, ගොළු සූනියම් විනය, කෑම සූනියම් විනය, සොඩ්ඩු සූනියම් විනය, යන ගුරුකම් වේ.
හදි හූනියම් ආරූඪයෙන් නේද කරනව කියන්නෙ ඇදුරුතුමනි.
හදි හූනියම් වලින් කරනව තමයි. ඒ වගේම මන්ත්‍ර මඟිනුත් කරනවා.
ආරූඪෙන් කරද්දි සොහොන් කාලි මෑණියන්ගෙයි , ගම්භාර සූනියම් දෙවියන්ගෙයි ප්‍රධානත්වයෙන් ආරූඪයෙන් හදි හූනියම් කරන්නෙ. මන්ත්‍ර මඟින් හදි හූනියම් කරද්දි එක එක ක්‍රම වලට කරනව. වැල් පැන්නුම්, ඉරි පැන්නුම් රුක්කටු ගැසීම් ,පැතිලි ගිණියම්බිත්තරේ ගුරුකම , පැළඉනි ඇටේ ගුරුකම වගේ ගුරුකම් තමා කරන්නෙ. විජ්ජපාළුවෙන් මතුරලා දැම්මම කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෑ. ඒ වගේම ලෙඩ වුනු කෙනෙක්ගෙ කොන්ද හරි වෙන ශරීර අවයවයක් හරි අත ගෑවොත් ඒ ලෙඩ වැඩි කරන්නත් විජ්ජපාළුවට පුළුවන්.
එතකොට නෝනෙ තිරිසන් සත්තුන්ටත් වින කරන මිනිස්සු ඉන්නවා.
හොඳයි ,දැන් මට කියනවද මේ ගුරුකම් කරද්දි මොන වගේ ද්‍රව්‍යද ගන්නෙ කියල.
කොඩිවින කරද්දිනම් ගොඩක් දේවල් ගන්නවා. විනේ කරන පුද්ගලයගෙ කිළුටු ඇදුම් කෑලි, කෙස්ස ,නියපොතු, නූල් පොටවල් හෙමත් ගන්නව. මේව ජීවම් කරද්දි නම් බිත්තරයක්, රත් මල් , දිවි කදුරු ,රත් නෙටොල් , මිනී අළු, හුඹස් දළු , ගෙරි පස් ප්‍රධානවම ගන්නව.
ගෙරි පස් කියන්නෙ ගව පස්ද වෙද මහත්තය .
:( සිනාසී) නෑ නෑ දරුවෝ ..මේ ගෙරි පස් කියන්නෙ දරුවනේ " ගෙරි” කියල චූටි සතෙක් ඉන්නව කඩියෙක් වගේ කළු පාට. ඒ සතාගෙ කූඩුවෙන් ගන්න පස් වලට තමයි ගෙරි පස් කියන්නෙ.
මේ ඔක්කොම අරගෙන වින කරන්න හැදුවත් වැඩක් නෑ. ඒ කෙනාගෙ යෝග පිහිටීම් බලන්නැතුව.
ඒ කියන්නෙ..
හැම මනුස්සයෙක්ටම ජන්ම පත්‍රයක් තියනවනෙ. නෝනටත් ඇති. එන්න ඒකෙන් තමා යෝගය බලන්නෙ. කෙනෙක්ට විනයක් කරද්දි නමට එන මර යෝගය අල්ලලා තමා විනය කරන්නෙ. රාජ යෝගය තියෙද්දි වින කළාට ඒව පල දෙන්නෑ. මිනිස්සුන්ගෙ නරක කාලෙදි පරෙස්සම් වෙන්න කියන්නෙ ඒක නිසයි.
මං අහල තියනව ඇදුරුතුමා ප්රාණබල ගන්වනව කියල,
ප්රාණබලගන්නනව කියන්නෙ වැල් පැන්නුම්නම් වැලට, ඉරි පැන්නුම්නම් ඉරට මන්ත්‍ර මතුරල එය බල ගන්වන එකට. එහිදී 108 වාරයක් ජප කරල තමා ප්රාණබල ගන්වන්නෙ. මුලින් 36 වතාවක් ජප කරල පස්සෙදි තමා 108 වතාව සම්පූණ කරන්නෙ.
ඇදුරුතුමා මේව කරන්නෙ මැරෙන්නමද?
ඒක මෙහෙමයි දරුවො, සමහර අය නම් කරන්නෙ මැරෙන්නමයි. ඒත් අතපය පණ නැති වෙන්න, කොර වෙන්න, වස්තු හානි වෙන්න, භූමි පාළු වෙන්න,ඔවුන් සිටින ප්‍රදේශ එපා වෙන්නත් මේ දේවල් කරනව. අවයව වලට වින කලාම ඒව ඉක්මනින් කපලා අයින් කරන්න බැරි උනත් ඒ පුද්ගලය මරනයට පත් වෙනවා. ඒවගේම දරු ගැබක් විනාශ වෙන්න , දරුවා ලැබෙද්දි ඒ දරුවා ලැබෙන්නෙ නැති වෙන්න හිර කරන්නත් වින කරනවා.
මට කියන්න පුළුවන්ද ඒ වගේ වින කිහිපයක්.
■ ඉරි පැන්නුම්
පාරෙ ඉරක් ඇඳල එ් ඉරට මතුරල අදාළ පුද්ගලයාට පන්නනවා. ඊට පස්සෙ ඒ කෙනාගෙ කකුල පනනැති වෙනවා. හරියට කැපුවෙ නැත්නම් මරණයට පත් වෙනවා.
■ වැල් පැන්නුම්
" කයිල ” වැලට මතුරා අදාළ පුද්ගලයට පැන්නුම් කරල එය ආපසු අරගෙන ජපකරනව. ජප කරල ඒ පුද්ගලයගෙ ගෙදර වත්තෙ වළදමනව.
■ පැතිලි ගිණියම්
තඔ කොලේ මන්තරේ ඇඳල 36 වරක් මතුරල අදාල පුද්ගලයට පෑගෙන්න දානවගපෑගුනාට පස්සෙ ආයිත් ගෙනත් 108 වර සම්පූර්ණ ජප කරල ලිපේ දාලා රත් කරනව. එහෙම රත් කරද්දි ලෙඩාගෙ අසනීප වැඩි වෙනවගරත් නොකර ඉද්දි ලෙඩ සුව වෙනව.
■ රුක්කටු ගැසුම්
මී ඉටි වලින් අදාළ පුද්ගලයගෙ රූපෙ ඇඳල පස්ලෝ කුඩු : තඹ , පිත්තල, යකඩ, රිදී, රත්තරන් යන ලෝකඩ පහ *ගෙන මතුරා කටු ගහනව. එවිට , කකුලට කටු ගැහුවොත් කකුල් කැක්කුමද, ඔළුවට ගැහුවොත් ඔළුවෙ කැක්කුමත් හැදෙනව.
■ බිත්තරේ ගුරුකම
බිත්තරේ මතුරල පැන්නුම් කරනව. පස්සෙ ඒක වත්තෙ වළදානව. බිත්තරේ කුනු උනාට පස්සෙ ඒ පුද්ගලය මැරෙනවා.
■ පැලඉනි ඇටේ ගුරුකම
අදාළ පුද්ගලයගෙ වත්තෙ ජප කරපු පැලඉනි ඇටයක් වළදානවා. ඒක පැලවුනායින් පස්සෙ හැදෙන කොලවලින් එකින් එක ඉදිල වැටෙද්දි ගෙදරින් එක්කෙනා ගානෙ මැරෙනවාගමේ හැමදේම 108 වාරයක් ජප කරල තමා කරන්නෙ.
අහද්දිත් භය හිතෙනව ගුරුන්නානසෙ මටනම් .ගුරුන්නාන්සෙ කලින් කිවුව නේද සතුන්ටත් වින කරනව කියල , ඒ මොනවද?
සත්තුන්ට කරන ඒවත් ගොඩක් තියේ. මං එකක් දෙකක් කියන්නම්කො.
■ පට්ටිපාලුව දැමීම
ගව ගාලට පට්ටි පාලුවෙන් මතුරල දැම්මට පස්සෙ හරක්ට ගාලෙ ඉන්න බෑගමේකෙන් හරක්ට පේන්නෙ කොටියෙක් උන්ව කන්න එනව වගේ. ඉතින් මේ හරක් ගාල කඩාගෙන කැලේට රිංගනවා.
■ බල්ලන්ට
බල්ලන්ට මන්තරේ හත් වරක් ජප කරල ඌට අත්පුඩියක් ගැහුවම් ඌ එතනම මැරිල වැටෙනවා.
■ වල්මදයන්ට
දකුණු කකුල ඉස්සරහට තියල දකුණු අතත් ඉස්සරහට තියල හත් වාරයක් මන්තරයෙන් මතුරල සතාගෙ පැත්තට දිගු කිරීමෙන් සතා මැරිල වැටෙනවා.
මේ විදියට තමා සත්තුන්ට වින කරන්නෙ.
මේ විදියට වින කරපු මිනිස්සුන්ගෙ නිවෙස්වල ස්වභාවය පිළිබඳ ඇදුරුතුමා මාත් සමඟ කතා බස් කලා.” ඒ ගෙවල් පාළුවෙලා ගිහින්, ගස්වල පල දරන්නෙ නෑ. නිවසේ ඉන්න අය අතරෙ රණ්ඩු දබර ඇතිවෙනව කිසිම එකමුතුවක් නැතිවෙනවා, ගෙදර ඉන්න පවා එපා වෙනවා , ආර්ඵීක තත්වයත් පහළ බහිනවා ,දරුවන්ගෙ අධ්‍යාපනේ අඩාල වෙනව ලනිතර නිතර ලෙඩ වෙනවා”
ඒ වගේ දේවල් තමා දකින්න ලැබෙන්නෙග මේ වගේ ලක්ෂණ වලින් මිනිසුන් පිළිගන්නව ඔවුන්ට හූනියමක් කරල කියලා.
හොදයි ඇදුරුතුමා. මේ ආකාරයේ විවිධ වූ කොඩිවින , හදි හූනියම් කර මිනිසුන් මැරීමට , අළාභ හානි සිදු කිරීමට මිනිසුන් පෙළඹී සිටී. එමෙන්ම සමහර අවස්ථාවන්වලදී හදි හූනයම් නොකළද, ඒවා කළා යැයි මිනිසුන්ගේ සිත්තුල සැක ඇති වීමට ද විවිධ දෑ මිනිසුන් කරනු ලබයි. රෙදි කැබලි , නූල් , තඹ තහඩු තඹ තහඩු දමන ලද බෝතල් , සුර, කාසි පුද්ගලයන්ගේ නිවෙස්වලට ගෙනත් දැමීමෙන් එසේ වින කර ඇතැයි සිතීමට සළස්වනු ලබයි. එවිට ඔවුන් භිය වී විවිධ ඇදුරන් ලවා විශාල වියදම් දරා එම වින කපා ඉවත් කිරීමට සූදානම් වේ. එවිට තරහ පිරිමහන්නන්ගේ අදහස ඉෂ්ඨ වේ. නමුත් මේවා තුලින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පිරිහීමට ලක් වන බවද පැවසිය යුතුය.
එහෙම නේද ඇදුරුතුමා.
ඔව් දරුවෝ..අද කාලෙ සැබෑ ඇදුරො හොයාගන්න අමාරුයි .මං මෙි විස්තර කිව්වෙ අතීතෙ ඉඳන් අපේ පරම්පරාවෙ උදවිය කියල දීපුව අනුව. අපේ පරම්පරාව වින කපල අයින් කොරල මිනිසුන්ට සෙත සැළසුව මිසක අබ ඇටේක නපුරක් කොරල නෑගමේව මේ මිනිස්සුන්ගෙ වෛර පිරිමහන්න කොරන එව්වනෙ. අපි ලෙඩ හොඳ කරන්න හදද්දි ඒකට එරෙහිව වැඩ කොරන අයත් මෙි අහල පහල නැතුව නෙමේ ආයුබොවන්ඩ.
ඒ කාලෙ ඔය දහම් මස්ත රජ්ජුරුවොන්ගෙ පුතාගෙ විනේ කපල අයින් කොරන්න ඍෂිවරු 09 දෙනෙක්ට භාර දුන්නලු. ඉරුගල් ඍෂිවරයා , රත්ගල් ඍෂිවරයා , නන්දි ඍෂිවරයා , නිල්ගල් ඍෂිවරයා
කොටගල් ඍෂිවරයා , කළුගල් ඍෂිවරයා, නිල් මගල් ඍෂිවරයා , අතල ඍෂිවරයා, පතල ඍෂිවරයා කියන ඍෂිවරු 09 දෙනා තමයි ඒ. ඉතින් මාතර ඇදුරන් වෙච්චි අපිත් එක එක ක්රමෝපායන් යොදාගෙන මේ වින කපල මිනිස්සුන්ට ජීවත් වෙන්න තව ආයුෂ අරන්දෙනවා.
ඒ මොනවද කියල දැනගන්න ආසයි වෙද මහත්තයා
නිවෙස්වලට ගිහින් දෙහි කපල වින ඉවත් කරනවා , දේව ආරූඪ මගින් වින කපල ඉවත් කරනවා , සෑම හන්දියකම දෙහි කපා ගොස් නිවසේද දෙහි කපා වින ඉවත් කරනවා , බලි තොවිල් මගින් දෙහි කපල වින ඉවත් කරනවා. මේව තමා මාතර ඇදුරන් අතර ප්‍රසිද්ධ වෙලා තියන වින කපන ක්‍රම.
ඇදුරුතුමාගෙ ගොඩක් මතකයන් ඇතිනෙ මේ පිළිබඳ.
ඔවි දරුවො. මතකයන්නම් එමටයි.
ඇදුරුතුමාගේ ඒ මතකයන් එක්ක හමුවෙමු මීළඟ දිවනෙත” කලාපයේදි.
සැකසුම ; ඉනෝකා ලක්මිණි
උපදෙස්; භුත වෛද්‍ය මාතර සිරිසේන මහතා
👍
ReplyDeleteGood job keep it up
ReplyDelete