Friday, July 26, 2019

ඔබ නොදුටු මසිත

අපි හැමෝටම පුංචි කාලෙ ඉඳන් හීනයක් තියෙනවා. මටත් ඒ වගේ හීනයක් තිබුනා අනිවාර්යෙන්ම කැම්පස් යනවා කියලා. උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වූ මම කැළණියට තමා ආවෙ. සරසවියට පියමන් කළ මුල්ම දවසේ දහස් ගණනක් ළමයින් ඇවිත් හිටියා. විවිධ වර්ගයේ ළමයි ඒ අතර සිටියත් මගේ ඇස් එකවරම එක තැනක නතර වුණා . ඒ , 

ලස්සන අයිබ්‍රෝස් තියන අලුත උපන් වහු පැටවකගෙ වගේ නිල්වන් ඇස් දෙකකුත් , ඒ ඇස් දෙකේ දීප්තිය වැඩි කරන දිගටි ඇස් පිහාටුත් , හා පැටවකුගෙ වගේ මූණත් මගේ නෙත් අතර පැටලුනේ සංසාර බැදීමකට වගේ . සාමාන්‍යයෙන් හුරුබුහුටි කෙල්ලකට පිහිටන මේ හැම අංගයක්ම පිරිලා තිබුණ ඒ මූණ පුංචි කොල්ලෙක්ගෙ. පුංචි කිව්වට ඉතින් එයත් මගෙ බැජ් එකේ.

සාමාන්‍යයෙන් ෆිල්ම් වල තමයි මෙහෙම අය ඉන්නෙ. ඒත් මේ නම් ඇත්තටම ඉන්න කෙනෙක්. සෙනඟ අතරින් ඒ මුහුණ පෙනුනත් මං එක්ක හිනාවුණ ඒ මූණ දැක්කම මහා ලෝබ කමක් හිතුනා අනේ එයාවම බලන්න තිබුණනම් කියලා. පළවෙනි දවසෙ නිසා බයකුත් තිබුණා. ඒ නිසා කමක් නෑ කැම්පස් එකේනෙ ඉන්නෙ පස්සෙ හමුවුණාම කතා කරලම තමා යන්නෙ කියලා හිතලා ඒ මූණ දිහා තව ටිකක් බලන් ඉඳලා මං යාළුවොත් එක්ක බංකුවකින් වාඩි වුණා. 

කැම්පස් ජීවිතේ භයානකම කාලෙ කියලා ගෙදරින් එද්දි හිතං ආපු මුල් දවස් ටික හිතුවට වඩා ගොඩක් ලස්සනට ගෙවිලා යන්න ගත්තා . දින ගණනක් ගෙවිලා ගියත් මට ඒ සුදු මූණ ආයෙ හමුවුණේ නැහැ. මේ අතරෙ කැම්පස් ඇවිත් මාසයක් පමණ ගතවෙද්දි ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒ තමයි අපේ පළවෙනි පා ගමන. මේ දවස මගෙ බලාපොරොත්තුවෙ දවස වුණා. අහලා තිබුණ විදියට කැම්පස් එකේ බොහෝ දෙනෙක් මෙයට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ බැජ් එකේ පිරිමි ළමයි අතරෙ හැරි හැරී එබිකම් කර කර මං බැලුවෙ ඒ මුහුණ පේන්න තියේද කියලා. මගේ යාළුවොත් බනිනවා මොකක්ද බන් මේ හැදිලා තියන පිස්සුව කියලා. මං උත්තර දෙන්න කියලා ස්ටාෆ් කැන්ටිම පැත්ත බලද්දිම , 

“අනේ ”
  කියලා මට කියවුනේ ඉබේටම වගේ.
“මොකද බන් ඒ ගමන”
“අනේ , ඒ සුදුමූණ , ඒ මූණම තමයි ඒ”

“කෝ බන් කොහෙද, ඒ පැත්තෙ එක කොල්ලෙක්වත් නෑනෙ. ඒ පේළියට එන්නෙ අපේ බැජ් එකේ පොඩි හාමුදුරුවොනේ”.

මටත් නොදැනිම මගේ ඇස් දෙකේ කදුළු පිරිලා . අනේ ඒ අහිංසක මූණ පොඩි හාමුදුරුවන්ගෙද.... මං... මං දැන් මොකද කරන්නෙ. නෑ.... නෑ ඒ මෙයා නෙමෙයි. එයා කොහොමද මෙහෙම වෙන්නෙ බලමුකෝ මට වරදින්න ඇති.කියලා හිත හදාගත්තත් මට පා ගමන යන අතරෙ ත් ඒ මූණ මැවි මැවී පෙනුණා.
පාර්ලිමේන්තුව දෙසට ගිය පා ගමන කදුළු ගෑස් , ජල ප්‍රහාර මැද්දෙ ඉවර වුණා. හිතේ පුංචි බයක් තිබුණත් සීනියර් අක්කලා අපිව බලාගත්තා . මේ සියල්ල ඉවරවෙලා අපි ආයෙත් කැම්පස් එන්න හදද්දි හැන්දෑවෙ 07 පමණ වෙලා. අමාරුවෙන් බසයට නැගගත්තු මට ඇඟ හිරිවැටිලා යන ඒ හිනාව දකින්න පුළුවන් වුණා. ඒත් එක්කම මහා දුකක් හිතේ ඇති පිරුණා. අනේ ඇත්තටම ඒ මෙයාම  තමයි. එහෙම හිතුව මම මදක් අතීතෙට ගියා. ඇත්තටම එදා ඒ මුහුණ දකිද්දි පිරිමි ළමයෙක්ගෙ තරම් කොන්ඩෙ තිබුනේ නෑ කියලා කල්පනා වුනේ ඒ වෙලාවෙදි . මොකද පිරිමි ළමයිනුත් කොන්ඩෙ ගොඩක් කොටට කපලා තිබුනු නිසා මට එදා එතරම් තේරුමක් නැති වුණා .
“පොඩි හාමුදුරුවෝ ”.....

මං හිමීට මිමිනුවා. ඒ වචන ඇහිලද මන්දා අර අහිංසක හිනාවෙන්ම මට සංග්‍රහ කළා. මමත් හිනාවෙලා විතරක් තරමක් පසුපසට වුණා.  අක්කලා අයියලා දැක්කොත් බනියි කියන දේටත් වඩා මගේ හිත ඇතුලෙන් වේදනා විදින නිසයි එහෙම කළේ . 

එදා රාත්‍රියෙ බණ්ඩාරනායක නේවාසිකාගාරයම මහා පාළුවකින් පිරිලා වගේ මට දැනුනේ. එතරම් ළමයි ඉඳලත් මගේ හිතේ පාළුව අවට හැම තැනින්ම මට දැනෙන්න ගත්තා .

“ඒයි වරෙන් බන් බත් කන්න. නිදාගන්න ඕනි”.

මුකුත් නොකියම බත් කටවල් දෙක තුනක් කාපු මට වෙනදා හැදෙන පපුවෙ කැක්කුම හැදුනා. සුපුරුදු පරිදි නදීගෙ සිද්ධාලේප එකෙන් සිද්ධාලේප ටිකක්  ගාගෙන මං ඇඳට වැටුණා. දවසම මහන්සි වුණු නිසාදෝ කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගිහින් උදේ ලෙක්චර් යන්න කියලා ඔෂී කතාකරනකම්ම මං නිදි.
මංජුසාව පළමු වසර අපි කරන කළා උළෙල. පා ගමනින් දවස් දෙකකට පස්සෙ වැඩ පටන් ගන්න කියලා ජිම් එකට ගියා. ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙ නිසාදෝ බැජ් එකේ ගොඩක් පිරිසක් මේ අත්දැකීම ලබාගන්න ඇවිත් හිටියා.

“නංගී , ඇයි උඹලා කොල්ලො වෙනම හාමුදුරුවො වෙනම උඹලා වෙනම ඉන්නෙ. උඹලා ඔක්කොම එකම බැජ් එකේ. හැමෝවම අඳුරගන්නවා ඒකටයි අපි මේවා කරන්නෙ. මේක කැම්පස් එක ගම නෙමෙයි , හාමුදුරුවො එක්කත් කතා කරනවලා ගිහින්. ගෞරවය තියෙන්න ඕනි. ඒත් එයාලත් උඹලගෙ සහෝදරයො වගේ තමයි මේ කැම්පස් එක ඇතුලෙදි හරිද ”. 

අක්කා කෙනෙක් එකපාරටම අපි ඉඳපු fටිබල් එක ළඟට ඇවිත් තරමක් සැරෙන් කියවන් ගියා. 
අපි කට්ටියක් පිරිමි ළමයි වැඩ කරන පැත්තට ත් මමත් තව දෙතුන් දෙනෙකුත් හාමුදුරුවො ඉන්න පැත්තටත් ගියා සැරසිලි කරන සමනල්ලු අතේ තියාගෙනම.

 “ අනේ මටනම් බෑ මේ දේ කරන්න. ඇයි මගෙ හිත මේ තරම් බොළඳ , එයා හාමුදුරුවෝ කෙනෙක්නෙ.”
මං මගේ හිතත් එක්ක අමාරුවෙන් පොර බැදුවා. 
“මොකද මේ බයවෙලා වගේ”.         
නුහුරු කටහඬක් වුනත් ඒ වචන හදවතට ම කිඳා බැස්සා වගේ.
“පොඩි හාමුදුරුවනේ ”
“ම්ම්ම් මතකද මාව, එදා ආපු පළවෙනි දවසෙ කව්දෝ කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ.”
මට පොළව පලන් යන්න හිතුනා මේ මොන ලැජ්ජාවක් ද කියලා. ඒත් එක්කම මෙයා නම් හරිම කටකාරයෙක් වගේ කියලා හිතුනා. 
“අනේ එහෙම නෑ හාමුදුරුවනේ , එනවද සමනල්ලු හදන්න යන්න හාමුදුරුවොත් ”
“ආ.... යමුකෝ , අපිත් මේ කම්මැලි කමේ හිටියෙ. 

ටේබල් එකට ගිය අපි එකිනෙකාගෙ විස්තර කතා කළා . පොඩි හාමුදුරුවෝනම් ඇත්තටම හරිම කටකාරයි. මං නම ඇහුවම 

“පිපිඤ්ඤසාර”  කියලයි කිව්වෙ. අපි හැමෝටම හිනාව නවත්තගන්න බැරි වුණා. 

“අනේ පොඩි හාමුදුරුවනේ ඇත්තම නම මොකක් ද ? නැත්නම් අපි මේ නමින්ම තමයි කතා කරන්නෙ ”.
“ම්ම්ම්, මගෙ නම “ධම්මරතන.”

ඊට පස්සෙ අපිත් හාමුදුරුවරුන්ගෙ නම් ගම් විස්තර අහලා අපෙත් කාඞ් කියලා වැඩ ටික කළා. 
මෙහෙම කාලයක් ගතවෙද්දි දිනපතා ඒ ඇස් දෙක දකින්න මට අවස්ථාව උදා වුණා. පොඩි හාමුදුරුවො හරිම පින් පාටයි. බුදු දහමට ඉතාම ලැදියි. කතා බහේදි වුනත් විහිළු කරල හිටියත් ගොඩක් ධර්ම කරුණු අපට කියලා දුන්නා. 

“සමාවෙලා හදාගන්න මට මගේ හිත
 එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න”.....

“ආ...ලකීට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දන්නෙ අදනෙ”. 

මං මංජුසාවෙ සින්දු කියලා එද්දි මං ඉස්සරහට ආපු පොඩි හාමුදුරුවෝ කිව්වෙ මගේ හිතේ දාහක් දේවල් සිත්තම් කරමින් ය . 
“අනේ ඒක සින්දුවක් විතරක්ම නෙමෙයි මගේ හිතේම තියන දෙයක් ”




කියලා මං කොහොම ද කියන්නෙ දෙවියනේ.

මංජුසාව ඉවර වුණාම අපි ගොඩක්ම ඉගනීම් පැත්තට තමයි යොමු වුණේ . මේ අතරෙදි තමයි පොඩි හාමුදුරුවන්ට ්ිසටබපැබඑ එකකට පොතක් හදලා දෙන්න කිව්වෙ. එදා දවසම කැම්පස් එකේ පුස්තකාලෙ ඉඳන් ඒ පොතට අවශ්‍ය තොරතුරු හොයලා ලිව්වා. පොඩි හාමුදුරුවොත් සැරින් සැරේ ඇවිත් අඩුපාඩු බලලා තොරතුරු ගෙනත් දෙනවා. පුස්තකාලෙ ත් පෙම්වතුන් පෙම්වතියන් එකට ඇවිත් පාඩම් කරන තැනක් . ඒ සිතුවම් මැද්දෙ මගෙ අහිංසක ආදරේ ලොකු පව්රක් නිසා වළක්වගෙන සිතක් නැති කෙල්ලෙක් වගේ ආපු වැඬේ කරලා දීලා යන්න මං හිතා ගත්තා.

        මගේ හිතේ පොඩි හාමුදුරුවො ගැන ලොකු ආදරයක් තිබුනට මම ඒක පෙන්නන්න ගියේ නෑ කවදාවත් ම. මොකද උන්වහන්සේ බැල්මකින්වත් එහෙම දෙයකට මග පාදන්න උත්සාහ කලේ නැති උතුම් බුද්ධ පුත්‍රයෙක් නිසා. මමත් ගමේ ඉඳලා ආපු බෞද්ධ කෙල්ලෙක්. මං පිං පව් ගැන දන්නවා. ඒත් ඒ හිනාවට ඒ බැල්මට හිත ගියේ එයා හාමුදුරු කෙනෙක් බව නොදැන යි. ඉතින් වැරදි නෑ නේද මම. හිත කියන්නෙ අල්ලලා නතර කරන්න බැරි දෙයක්. ඒත් මං මගෙ හිත ගොඩක් පාලනය කරගත්තා. 
මට මතකයි පොඩි හාමුදුරුවෝ මගෙන් වයස අහලා

“හු හූ දැක්කනේ මං මල්ලි කෙනෙක්-------ඔන්න අද ඉදන් ඔයා මගෙ අක්කා” 

කියලා කිව්ව දවස. එදා මට දුකක් වගේම සතුටකුත් ඇති වුණා. මල්ලි විදියට හරි එයා ඉන්නවනෙ කියලා. 
කැම්පස් ඇවිත් අවුරුදු 03 ක් ම ගෙවිලා ගියත් මගේ හිතේ ආපු දවසෙම ඇඳුණු මුහුණ නම් මැකිලා ගියේ නෑ මගෙ හදවතින්. ලෙක්චර් හෝල් එක , න-14 බිල්ඩින් එක , ජිම් කැන්ටින් එක වගේම ෘැච්රඑපැබඑ  එකේ අධ්‍යාපන වැඩ වලට ගිය ඊඵෂක්‍්‍ය එක ලඟ, මතකයන් ගොඩක් මං ලඟ සැඟවිලා තියනවා මේ අවුරුදු හතරටම. 

ඔයාට තේරෙනව ද මහා මෙරක් තරම් ආදරයක් හිතේ තියන් බැල්මකින්වත් ඒ ආදරේ අඟවන්නෙ නැතිව කතා බහ කරලා උදේ හවා මුණ ගැහිලා ඉදිද්දි හදවතට කොයි තරම් නම් වේදනාවක් ද කියලා. ඒත් මං කොහොම ආදරේ කරන්න ද? බෙන්ච්වල, තල් වැටේ , සයිබෙ, නා ගහ යට, මී අඔ සෙවනෙ, සරුංගලේ, ජිම් එකේ බැම්මෙ පෙම්වතුන් පෙම්වතියන් රැයක් දවාලක් නැතිව කුරුලු කිරිල්ලියන් වගේ ඉදිද්දි , අත් අල්ලන් කැළණි කන්ද පිය මනිද්දි හිතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බැරි තරම්. බෞද්ධයෙක් වුණු නිසාම මට බෑ ඒ පව පුරවා ගන්න. ගොඩක් සෙනෙහසින් එයාගෙම අක්කට වගේ  “අක්කෝ” කියලා කතා කරද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා. 

අපි කැම්පස් එකේ ඉන්න අන්තිම අවුරුද්ද අනිත් හතර දෙනාටම කොක්කක් හිටියත් මට තාමත් කොක්කක් නැහැ.පොඩි හාමුදුරුවො ත් හැම වෙලාවෙම, 
“අක්කෝ තනියම ඉන්නෙ.. අනිත් හතර දෙනා වගේ කවුරුහරි හොයාගන්නකෝ.. අනිත් අය වගේ ඔයත් කොල්ලෙක් එක්ක මේ කැම්පස් එකේ ඉන්නවා මට බලන්න ඕනි. ඔන්න එයාව බැඳලා ළමයි එක්ක එන්න ඕනි මාව බලන්න පන්සලට හොදද..?”

කියලා කියනවා. ඒ වචන ඇහෙද්දි මගේ හිත විදුලියක් වැදුණ වගේ වුනත් හිනාවෙලා “බලමුකෝ බලමුකෝ” කියලා වෙන මෙනවාහරි ඇදලා කතාව වෙන පැත්තකට හරවනවා.

  මේ මතකයන් සියල්ල එක්ක කැම්පස් එකෙන් අවුට් වෙන දවස ලං වුණා. කැම්පස් එකේ මතකයන් පමණක් ඉතිරි කරන් අද හවස ඨදසබටාදඅබ එකට යන්න මේ දවස කොහොම ගෙවාගන්න ද කියලා හිතාගන්න බැරි වුණා. ඒ මදිවට පොඩි හාමුදුරුවොත් දවස් දෙක තුනකින් කෝල් එකක් ගත්තෙ නැහැ.

 යාළුවො එක්ක කියව කියව ඉන්න අතරෙම මට නින්ද ගියා.ඉක්මනින් නැගිටලා මූණ කට සෝදගෙන පොඩි මේකප් එකකුත් දාගෙන නිල් පාට පබළු අල්ලපු සාරියෙන් සැරසිලා යාළුවො ත් එක්කම ජිම් එක පැත්තට එන්න ආවා. අභ්‍යන්තරේ ගේට් එක පහු වෙලා පාර ලඟ තියන ප්‍රධාන ගේට් එක ලඟින් එද්දිම ලස්සන අළු පාට සපත්තු දෙකක් දාපු නිල් ඩෙනිමට අළු පාටට ඉරි වැටුණු අත් දිග සර්ට් එක යට කරලා ඇදලා ආව ඒ සුදු මූණ දැක්කම මට නෙත් අදහගන්න බැරි වුණා.

“පො ...... පො...... පොඩි හාමුදුරුවො... මොකක්ද මේ කරගෙන තියෙන්නෙ දෙවියනේ ”. 

මට උන් හිටි තැන් අමතකව කියවගෙන ගියා. යාළුවන්ටත් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව පොඩි හාමුදුරුවන්ගෙයි මගෙයි මූණු බල බලා ඉන්නවා. 

“ඇයි අක්කො, මේ මම. මං තවත් පොඩි හාමුදුරුවො නෙමෙයි. අපෙ තාත්තා ලෙඩ ඇදටම වැටුණා. ඉතින් මං ගොඩක් කල්පනා කලා අක්කො මේ දවස් දෙක තුනේම. ඔයාට කෝල් ගත්තෙත් නැත්තෙ ඒකයි. මට හිතුනා අම්මයි නංගියි විතරක් ගෙදර ඉන්න නිසා මං එයාලව බලාගන්න ඕනි කියලා.”

මගෙ ඇස් දෙකටම එබිලා මේ වචන ටික කියන ගමන් මගේ ඇස්වල පිරිලා තිබුණ කඳුළු පිහදලා යමු අක්කෙ කියලා මගෙ අතින් අල්ලගෙන ජිම් එක පැත්තට යන්න ගියා. 
මට තවමත් සිහි නෑ වගේ. මේ මොනාද මේ වෙන්නෙ. මං ආපු දවසෙ දැකපු ඒ මූණ මගේ වෙලා ද මේ....

“ලකී , ලකී , නැගිටපන් බන් , උඔ යන්නැද්ද අද . අපි භාගෙට ඇදගෙනත් ඉවරයි.” 
සදාගෙයි චාමිගෙයි කෑගැහිල්ලට මං උඩ ගියා. ඇස් ඇරලා බැලුවෙ කෝ ඒ මූණ කියලා. 

“මොකද බන් මේ තුස්නිම් බූත වෙලා වගේ. ඉක්මන් කරපන් පරක්කුවෙලා හොදටම.”

අනේ දෙවියනේ ඒක හීනයක් . මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. කොට්ටෙ බදාගෙන කෑ ගහලා අඩන්න හිතුනත් යාළුවො හේතුවක් අහන නිසා මට අඩන්නත් තහනම්. මං ඉක්මනින් වොෂ් රූම් එකට රිංගගත්තා. ඇතිවෙනකම් කඳුළු fබිරෙන්න දීලා මං සවර් එකට ඔලුව අල්ලන් හිටියා. 

“අයියෝ ඇයි දැන් නෑවෙ. ඇස් දෙකත් රතු වෙලා. අර පියෝ ලඟට ගිහින් කොණ්ඩෙ fවිලගෙන වරෙන් ඉක්මනට.” 
ඔෂී අනිත් අයට සාරිය අන්දවන ගමන් කෑ ගැහුවා.
පුළුවන් තරම් ඉක්මනින් සූදානම් වෙලා ජිම් එකේ ගේට් එක ලඟට එද්දි මට මැවි මැවි පෙනුනෙ ඒ හීනෙ. 
“ඒයි ඒයි කට්ටියම එනවා.පොටෝ ගන්න ඕනි”.

කොල්ලොන්ගෙන් බේරෙන්නම බැරි වුණා . මං ඒවට හිනාවුණාද කියලාවත් මට මතක නෑ . 

“අම්මෝ අක්කගෙ අද ලස්සන...”

තැඹිලි පාට සිවුරෙන් සැරසිලා පුන් සඳක් වගේ මං ඉස්සරහට ආවෙ පොඩි හාමුදුරුවො.

මං මුකුත්ම සිද්ධ වුනේ නැති ගානට වෙනදා වගෙම හිනාවුණා. 

“මොකද මේ පහු ගිය දවස් ටිකේම අතුරුදන් වෙලා හිටියෙ.”

“අනේ සහෝදරයගේ උපසම්පදාව තිබුණනෙ අක්කෙ, එහෙ ගිහින් හිටියා. ීදරරහ වැඩ තිබුණනෙ ඉතිම්ම්ම්. ඒකයි ීඵී  එකක්වත් එවන්න බැරි වුණේ. යන්නෙ නැද්ද ඇතුලට”.

“ම්ම්ම් යමුකො මන් එන්නම්කෝ ටිකකින්.”

විවිධ තෑගි දීම්, විශේෂාංග වලින් පස්සෙ ෘන්‍ එක පටන් ගත්තා.

“පොඩි හාමුදුරුවො යන්න ද”
යන්න හදනවා දැකලා මං ලගට ගියා.
“ඔව් අක්කො දැන් ඉන්න බෑනෙ.”
“කවද්ද පන්සල් යන්නෙ”
“දවස් දෙකකින් වගේ යනවා.” 
“මාව අමතකම වෙයි නේද පන්සල් ගියාම. පහු ගිය දවස්වල අමතක වුණා වගේ.”

“එහෙමත් අමතක වෙනවද අනේ මගෙම අක්කා වෙලා ලෙඩ වුණාම, බඩගිනි වුණාම හැම දුකේදිම සැපේදිම ලග ඉදපු අක්කව. මං කොල් කරන්නම්කො. හැබැයි මං කියපු විදියට මහත්තයා එක්ක මගෙ පන්සලට එන්න ඕනි හොදේ.” මං එහෙනම් යනවා අක්කෝ. බුදුසරණයි” !

ඒ වචන ඇහෙද්දිම කවදාවත් නැතුව මං පොඩි හාමුදුරුවන්ගෙ කකුල් දෙක මුල වැද වැටිලා.

“අනේ මොකද අක්කෙ, නැගිටින්න නැගිටින්න. අර ළමයි ත් බලන් ඉන්නවා. අනේ... අඩනවත් එක්ක. කෝ කෝ අක්කා මල්ලිට සමුදෙන්නෙ ඔහොම ද ආ... බෑ බෑ කෝ ඊ කියන්න.... ඔහොම බෑ , තව හොඳට තව හොඳට.”

“ඒ හුරතල් කතාවට හිනා නොවී ඉන්න මට බැරි වුණා. පොඩි එකෙක් වගේ ඊඊඊ කියාගෙන මාත් හිනා වුණා.”
“ඔන්න එහෙම හිනාවෙලා ඉන්න ඕනි හොඳද. මං එහෙනම් ගිහින් එන්නම් අක්කෙ. යද්දි කියන්නකෝ.”
“හ්ම් හ්ම් බුදුසරණයි එහෙනම්. පරිස්සමින් හොදේ.”

කට්ටියම ෘන්‍ එකේ සතුටු වෙද්දි මං ජිම් එකේ ගල් පඩියෙ වාඩි වෙලා හඳ දිහා බලාගෙන කල්පනා කර කර හිටියා.
..................................................................................................................................................
කැම්පස් එකෙන් අවුට් වෙලා ගෙදර ගියත් එච් එස් කේ ප්‍රතිපල එන්න තිබුන නිසා අවධානයෙන් තමා හිටියෙ. ගෙදර ඇවිත් සතියකින් වගේ දැනගන්න ලැබුනා මට රට යන්න අවස්ථාව ලැබිලා කියලා. තව මාසයකින් හරියටම යන්න තියෙන්නෙ කියලා කැම්පස් එකට එන්න දැනුම් දීලා තිබුණා.
    
 “කොයිතරම් දෙයක්ද අක්කෙ. අඩුපාඩුවක් තියේනම් කියන්න මං උදව් කරන්නම්කො”

දැනගත්තු ගමන් පොඩි හාමුදුරුවන්ට කිව්වම එයාට ගොඩක් සතුටු හිතිලා එහෙම කිව්වා කියපු ගමන් .
මං මාසයකින් දෙමාපියන්ගෙ ත් පොඩි හාමුදුරුවන්ගෙ ත් ආශිර්වාදය මැද රට ගියා. මාස හයකට ගිය මම හොඳින් ඉගනීම් කළ නිසා එහෙ රැකියාවක් කරන්නත් අවස්ථාව මට ලැබුණා. ගෙදරටත් පොඩි හාමුදුරුවන්ටත් වරින් වර තෑගි බෝග ත් එවමින් මගේ වැඩ කටයුතු කරන අතරෙ ගෙදරින් බල කරනවා බදින්න කියලා දැන් 30ත් පහු වෙලා කියලා. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. මොනවා වුනත් මගේ හිතේ තාමත් ඉන්නෙ ඒ සුදු මූණම තමයි. 

තුන් වරක්ම ගෙදර ඇවිත් ගිය මම දැන් රට ඇවිත් අවුරුදු 03ක් වෙන්නත් එනවා. මේ කාලෙදි අර කැම්පස් කාලෙ සමහර දවස් වලදි හැදුන පපුවෙ කැක්කුම පස් වතාවක් වගේ මට හැදුනා. ඒත් මම ඒ ගැන කාටවත් ම කියන්න ගියේ නම් නැහැ. නිවාඩුවක් දාලා නැවතත් ටික කාලෙකට ලංකාවට එන්න මම තීරණය කළා.

“ආහ් අක්කව දැන් අදුර ගන්නත් බැරි තරමට හැඩ වෙලානෙ. ඒත් ඉතින් මම කිව්ව දේ නම් තවම වුණේ නෑ හොඳද.”

මට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ කියන්නෙ කියලා.

“මොකක්ද අනේ”...
බැඳලා මහත්තයයි ළමයි එක්කන් මාව බලන්න එන්න කිව්වට ඔයා බැන්දෙ නෑනෙ තාම. මොකද බූට් එකක් කාපු වගේ නොබැඳ ඉන්නද කල්පනාව”.

“ඔව් මං ඉතින් ආදරේ කලේ ඔයාටනෙ. හාමුදුරු කෙනෙක් කොහොම බදින්නද. ඉතින් මං නොබැදම ඉන්නවා.”

මං හිතින් මටම කියාගත්තා.

“බැන්දත් ආයෙ ආයෙ බැඳීම් එකතු කරගන්න එකනෙ. මං නොබැඳම ඉන්න තීරණයක් ගත්තා ඉතින්. ගෙදරින් බල කරන නිසා මං මගෙ හදහන බලන මාමට කරුණු තේරුම් කරලා දුන්නම එයා මට උදව් කළා ගෙදරට පොඩි බොරුවක් කියලා.”
“ඇයි අක්කෙ බොරු කියලා පව් පුරවා ගන්නෙ.”

“පවක් වෙන්නෙ අනුන්ට එයින් අයහපතක් වෙනවනම්නෙ. මෙයින් කාටවත් අයහපතක් වෙන් නෑනෙ නේද ?” 
“අක්කනම් කියල හදන්න පුළුවන් කෙනෙක් නෙමෙයි”

“ඒක නෙමෙයි අක්කෙ කොහොමද දැන් ළමා නිවාසෙට උදව් කරන වැඩ ටික.”

“ඒ ටික කරගෙන යනවා. මට එයාලා එක්ක ඉන්න වෙන්නෙ ටික කාලයයිනෙ. ඔන්ලයින් කතා කරත් මට හරි පාළුයි එයාලා නැතිව.”

“හිතේ සතුට තමයි වැදගත් අක්කෙ. ඔයාට මේ කරන පිං තමයි ඉතිරි වෙන්නෙ”.

“පොඩි හාමුදුරුවන්ට මතකද මං අර කිව්ව පොඩි පුතා ගැන මධුශංක කියලා”

“ආහ් අර මහණ වෙන්න අහන කෙනා නේද?”.

“ආ.. ඔව් එයා තමා. එයාට දැන් අවුරුදු 12 ත් වෙලා. හාමුදුරුවන්ට පුළුවන් ද මට උදව් කරන්න”.

“ඔව්. අක්කා ලියකියවිලි සූදානම් කරන්නකො. ඉතිරිය මන් බලලා කරන්නම්”.

“ඒත් එයාව තමා මං ලඟින්ම ඇසුරු කළේ. දුකයි මහණ කරන්නත්”.

“මහණ වෙන එක පිනක් අක්කෙ.තව කෙනෙක්ට සත්‍ය වටහලා දෙන්න පුළුවන්නෙ”

“ඒක ඇත්ත තමා. මං එහෙනම් ඒ වැඩ ටික කරලා එන්නම්. මං එහෙනම් ගිහින් එන්නම් පොඩි හාමුදුරුවනේ. අම්මත් කතා කලා රෑ වෙන්න කලින් එන්න කියලා”.

“හොඳයි එහෙනම්. බුදුසරණයි ! පරිස්සමින් ගිහින් එන්න අක්කේ”.

නිවාඩුවත් ඉක්මනින් ඉවර වෙන නිසා මං සතියක් ඇතුලත ලියකියවිලි සකස් කර දෙවෙනි සතියෙදි මහණ පිංකම සූදානම් කළා. මධු ත් පොඩි හාමුදුරුවො වගේමයි. ඒකයි මං එයාට ගොඩක් ම ආදරේ කලේ. ඒත් එයා වගේම හින්දද මන්ද එයාටත් මහණ වෙන්න ඕනි වුණා. මං මගෙ හිත හදාගෙන එයාව මහණ කරන්න තීරණය කළා.

“දැන් ධම්මරතන පොඩි හාමුදුරුවො ලොකු හාමුදුරුවො වෙලා , ආනන්ද හාමුදුරුවො පොඩි හාමුදුරුවො වෙලා. නේද අක්කෙ”.

“ඒකනෙ මං දැන් කොහොම කතා කරන්න ද කියලා තේරෙන්නෙ නෑ . මං පොඩි හාමුදුරුවනේ කියලම කියන්නම්කො . මහණ පිංකමේ වැඩ ටිකත් හිතුවටත් වඩා හොඳින් කරගන්න පුළුවන් වුන එක ගැන කල්පනා වෙද්දි නම් හිතට ලොකු සහනයක්  මට දැනෙන්නෙ”.

“අක්කට දැන් සතුටුයිනෙ , නේද?”

“ඔව් පොඩි හාමුදුරුවන්ටත් ගොඩක් පින් හැමදේටම. මං දැන් යන්නත් ඕනි , රෑ වෙන්නත් ඇවිත්.”

“අද ත් අපේ ගෙදර නතර වෙලා හෙට උදේම යන්න අක්කෙ රෑ යන්නෙ නැතිව. වාහනේ යද්දි නිදිමතවත් ආවොත්”.

පොඩි හාමුදුරුවො කියපු දේ අහලා මං රෑ එයාලගෙ ගෙදර නතරවෙන්න තීරණය කළා. දෙනමටම වැඳලා මං යන්න පිටත් වුණා.කාර් එකට නැගලා ඒ දෙන්නා දිහා මඳක් බලන් හිටිය මට ලොකු හුස්මක් පිටවුණේ ඉබේටම. ආදරේ කරන දේවල් මොනතරම් ඉක්මනින් ඈත් වෙනවද කියලා හිතුනා. ළමා නිවාසෙට ගියපු දවසෙ ඉඳන් මධුශංක පුතා මට ගොඩක් ලංවුණ නිසා මගෙ ජීවිතේ හැමදේම වගේ මං එයාට කිව්වා. තනියම ආදරේ කළ බව කිව්වත් ඒ පොඩි හාමුදුරුවන් බවනම් එයා දන්නෙ නැහැ.

කල්පනාවෙන් කල්පනාව ගෙදරටම ඇවිත්. අම්මයි නංගියි තාත්තයි එයාලගේම ගෙදර කෙනෙක් වගේ මාව පිළිගත්තා. ඇඟ සෝදගෙන ඇවිත් රෑ වෙලා නිසා නිදාගන්න කියලා ටිකකින් කාමරයට ගියා. පුංචි ළමයෙක්ගෙ පිංතූරයක් නෙත ගැටුනෙ මේ වෙලාවෙ. දැක්ක ගමන් මං අදුර ගත්තා ඒක පොඩි හාමුදුරුවන්ගෙ කියලා.ඇස් දෙකට කඳුළු ඉනුවෙ ඉබේටම වගේ. පිංතූරෙ පපුවට තුරුළු කරගත්ත මට කැම්පස් ජීවිතේම මතක් වෙන්න ගත්තා හරියට චිත්‍ර කතාවක් වගේ.
.................................................................................................................................................................
“දුව..දුව.. බලන්න අක්ක තව නිදිද කියලා උදේම යන්න ඕනි කතාවක් කිව්වා ඊයෙ”.

“අක්කේ මං එනවා.”

කියාගෙන මං ලඟට කිට්ටු වුණු නංගි පිංතූරෙත් තියාගෙන නිදාගෙන ඉන්න මාව දැකල ඇඟට අත තියලම කතා කලා. ඒත් හෙලවෙන්නෙවත් නැති නිසා බයවුණු නංගි

“අම්මෙ..අම්මෙ..ඉක්මනට එන්නකො ” 

කියලා කෑ ගැහුවා.

“මං නංගිගෙ කදුළු පිසදමන්නට වුණත් එය සිදු වූයේ නැත.”

“ඇයි දරුවෝ කෑ ගහන්නෙ.” 

කියාගෙන අම්මා පැමිණියේ එවිටමය. නංගිගේ කඳුළු දැකපු අම්මා තවත් බය වුණා

 “අම්මෙ...අක්කා”...

 මගේ අතෙහි මැණීක් කටුව අල්ලලා බලපු අම්මව එහෙමම ඇඳ මතට ඇද වැටුණා.

“අනේ අම්මෙ අක්කා...”

නංගි ඉක්මනින්ම පොඩි හාමුදුරුවන්ටත් විස්තරය කියලා ගෙදර එන ලෙස දැන්වූවා. මං මගේ නිසල සිරුරත් අම්මාත්, නංගීත් දෙසත් බලා සිටියේ මොවුන් මෙපමණ මට ආදරේද කියා ය. විනාඩි 10 ක් පමණ ගත වෙත්ම ඒ සුදු මුණ ත් දැකගන්නට මට හැකි විය. එහෙත් ඒ හිනාව අද නැත. මා වෙනුවෙන් ඒ මුහුණ මැලවී ගොසින් ය. 

“මට සමාවෙන්න මගෙ පොඩි හාමුදුරුවනේ ඔයාටවත් ඇත්ත කියලා තිබුණෙ නැති නිසා”.

හොස්පිටල් එකට ගෙන යාමෙන් පසු අවසන් මරණ පරීක්ෂණවලින් හෙළිවුණා මගේ පපුවේ කාලයක පටන් පැවති සිදුර නිසා මා මිය ගොස් ඇති බව.ආනන්ද පොඩි හාමුදුරුවෝ හඬමින් මගේ දේහය අසලට වී සිටි අතර ධම්මරතන හාමුදුරුවන්  මෙය පිළිබඳ මටවත් අක්කා කියා තිබුණානම් මං අක්කව බේර ගන්නවනෙ කියා ඉතාමත් කනගාටු වෙමින්  මගෙ දෙමාපියන්ට කතා කර දේහය නිවසට රැගෙන යාමට වැඩ කටයුතු සූදානම් කරමින් තම යුතුකම් ලෙස සියල්ල සොයා බලමින් කටයුතු කළහ.

“මා ජීවත්වන කාලයේදී මා සිතුවේම පපුවෙ සිදුරක් තියෙන මේ ලෙfඩි හැදෙන්නට ඇත්තෙ මං පොඩි හාමුදුරුවන්ට ආදරේ කළ වරදට වෙන්නට ඇති කියා ය . එහෙත් කෙදිනකවත් ඒ ආදරය පොඩි හාමුදුරුවන්ට දැනගන්නට ඉඩක් නැති බව මා දැන සිටියෙමි”.

මගේ ආදරය මගේ සිරුරත් සමඟම මියැදුන ද මගේ ආදරය පිළිබඳ දන්නා එක් අයකු සිටී. ඒ ධම්මරතන හිමියන් ළඟම සිටිනා ආනන්ද හිමියන් ය . ආදරය කලේ ධම්මරතන හිමිට බව නොදැන ගත්තත් ඔහු දන්නා කරුණු කෙදිනක හෝ උන් වහන්සේ හා පැවසුවහොත් එම සිදුවීම් හමුවේ ඒ අනෙකෙකු නොව තමාම බව පැහැදිලි වනු නොඅනුමානය........................ 


6 comments: