හැඳින්වීම.
තම කුසින් බිහි කිරීමේදී කිසිදු බෙදීමක් නොකරන ස්ත්‍රියට ම සමාජය තුල විවිධ වූ බෙදීම් සිදු කිරීමට එම කුස තුළින් ම උපන් බොහෝ මනුෂ්‍යයන් පෙළඹී සිටින බව දෑස් මානයේ විද්‍යාමාන වන නොරහසකි . දියණිය ක්, ගැහැනියක් ,මවක් වන් කාන්තාව මෙලොව සිටින වටිනාම වස්තවු ක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එම වටිනාම වස්තුවට සැබෑ ලෙසම සමාජය තුළ වටිනාකමක් ලබා දෙන්නේ දැයි වත්මන් සමාජ වටපිටාව තුළ දෙවරක් සිතිය යුතු කාරණාවකි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ලෙස වැඩ බෙදා දැක්වීම මෙසේ වටිනාකමක් හිමි නොවීමට හේතුවක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙයට හේතුවී ඇත. සමාජය විසින් ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ඇති සමාජ සබඳතාව සරලව ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස අර්ථ දැක්විය හැකියි. ආසියානු කාන්තාව බොහෝවිට සංස්කෘතියට යට වුණ තැනැත්තියක ලෙස හඳුන්වා දීමට හැකිය. එය ලාංකීය සමාජය තුළ ද එලෙසම පවතී. මෙරට සිටින්නාවූ සිංහල කාන්තාව මෙන්ම මුස්ලිම් දමිළ කාන්තාවන්ද
සංස්කෘතියේ වහලුන් බවට පත්ව ඇත. විශේෂයෙන් ඇයට නිදහස යන්න හිමිව තිබෙන්නේ අසම්පූර්ණ ලෙසය. පූර්ණ නිදහසක් ඈට ලබා දීමට සමාජය පුද්ගලයා අකමැති වන අතර ඇයව තව තවත් පීඩාවට පත් කිරීමට සමාජය ක්‍රියා කරනු ලැබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මුස්ලිම් කාන්තාව ඉතා වැදගත් වේ.
තම සංස්කෘතිය හා බැඳුණු සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර ,නීතිවලට ඇය කොටුවී සිටින ආකාරය අනුව එය විග්‍රහ කළ හැකිය . ඒ පිළිබඳ ඉස්ලාම් දහම තුලින් දක්වන අදහස් හා සමාජ තත්ත්වයන් විමසා බැලීමද ඔවුන්ගේ සංස්කෘතිය තුල කාන්තාවට හිමි තත්වය විපරම් කිරීම ද මින් සිදුකෙරේ. මෙහිදී ඉස්ලාමීය පවුල සහ විවාහය , ෂරිආ නීතයි පිළිබඳ වැඩි අවධානය යොමු කරමි. මන්ද එතුලින් මුස්ලිම් කාන්තාව පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා වන බැවිනි. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය සමඟ බුර්කාව පිළිබඳ ඇතිවූ නීතිමය තත්වය ද මුස්ලිම් කාන්තාවට හිමි සමාජ තත්වය තව දුරටත් විග්‍රහ කරයි. ඒ පිළිබඳ පළවූ පුවත් පහක් ඔස්සේ එය විග්‍රහ කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ. එතුලින් සිංහල කාන්තාව සහ මුස්ලිම් කාන්තාව යන දෙදෙනා අතුරින් ආන්තීකරණයට ලක් වූයේ කව්රුන්ද යන්න විමසා බැලේ.
02. ඉස්ලාමීය සංස්කෘතිය
02. 1. ඉස්ලාමීය පවුල සහ විවාහය
ඉස්ලාම් සමාජයේ මුලික ඒකකය පවුල වන අතර, එහ ි පවුල් සාමාජිකයන්ගේ බැඳීම් හා නීතිමය අයිතීන් පැහැදිලි කර ඇත. පවුලක ආර්ථික වශයෙන් වගකිව යුත්තේ පියා වන අතර සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරා දීමට ඔහු බැඳී සිටි. කුරානයේ සඳහන් වන අන්දමට දායාද බෙදා දීමේදී වැඩි කොටසක් ආසන්නතම පවුලට ලැබෙන අතර ඉතිරිය ණය තුරුස් පියවීමටත්, අවසාන කැමැත්තක් ඉටු කිරීමටත් වෙන් කෙරේ. දායදයන්හි කාන්තා අයිතිය පුරුෂ අයිතියෙන් අඩක් වන අතර එයද පාරම්පරික අයිතිය වේ. ඉස්ලාම් විවාහය, සුදුසුකම් ලත් පාර්ශව දෙකක් අතර සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිට කරන සිවිල් ගිවිසුමකි. ගිවිසුම මඟින් ගිවිසගත් ආකාරයට මනාලයා විසින් මනාලයි ට අදාල මංගල තෑගි පිරිනැමිය යුතුය.
විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාමය ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙයි.
“පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් ප්‍රිය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”
(ශු. කුර්ආන් 4:19)
කරුණාව දයාව මෙන්ම සාධාරණය සහිත පවුලක් නඩත්තු කිරීම හා සිය බිරිය සමඟ දිවි ගෙවන ලෙස ඉස්ලාමය අණ කරන අතර, ඇතැම්විට අමනාපයක් සිදුවුවහොත් එය මුල්කරගෙන දික්කසාදයට නොඑළඹෙන ලෙස ඔහුට අවවාද කරයි.
“සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.
(අල්-කුර්ආන් 4: 18)
දික්කසාදයක් සඳහා ඉදිරිපත්වීමට පුරුෂයන්ට අවස්ථාවන් බහුලව තිබුන ද හිතුමතේට කටයුතු කිරීමට හෝ බිරියට හිරිහැර කිරීමට හෝ ඇය නිවසින් පිටමං කිරීමට හෝ කරදර වලට යොමු කිරීමට හෝ ඔහුට අයිතියක් නැත.පවුල් ජීවිතයේ අත්විය හැකි ගැටලු හා අනවබෝධය තුරන් කර සාමකාමී හා ස්ථිර තත්ත්වයට නැවත ගොඩනැංවීම සඳහා සැමියාගෙත්, බිරියගේත් සමීපතම ඥාතීන් සහභාගී කර ගැනීම පිළිබඳව ද ඉස්ලාමය සඳහන් කර ඇත. මෙමගින් දෙපලගේම ආත්ම ගරුත්වය හා පුද්ගලිකත්වය ආරක්ෂා වන අතර දෙදෙනා දික්කසාදයෙන් මුදා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයක් සමීපතමයන්ට තිබෙන නිසා
දික්කසාදයට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ. නමුත් අපහසුතා මධ්‍යයේ අප්‍රියජනක වූ විවාහ ජීවිතයකට සදාකල් කොටු නොවී බිරියගේ අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රායොග් ික විසඳුම් ගණනාවක් ද ඉස්ලාම ඉදිරිපත් කරයි. ඒ අනුව පහත දැක්වෙන ඕනෑම කරුණක් ඇතුළත් කර ගැනීමට බිරියකට අයිතිය තිබේ. “භාවමය නොගැළපුම, නඩත්තු නොසැපයීම ,අඩන්තේට්ටම් ,අනිසි ගමන් බිමන් සිය එකඟතාව
නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.”
මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය. එමෙන්ම අවුරුදු 12 වන දැරියක් විවාහ කර ගැනීමටද වත්කම් ඇතෙත් තවත් ස්ත්‍රීන් 7ක් දක්වා විවාහ කර ගැනීමටද ඉස්ලාමය තුල නිදහස ඇත.
ඉහත දක්වන ආකාරයට ඉස්ලාමීය නීතිය තුළ කාන්තා අයිතීන් ආරක්ෂා කර ඇති ආකාරය දැකගත හැකිය.එනමුත් මෙය ප්‍රායොග් ික අයුරින් ඉටුවන්නේදැයිසැකයකි. විශේෂයෙන්ම වයස අවුරුදු 12 ක් පමණ වූ බාල වයස්කාර දැරියන් විවාහ කර ගැනීමට යාම ඇයගේ මානව හිමිකම් සඳහා කරන්නාවූ බලපෑමක් නොවන්නේදැයි ඔවුන් සිතන්නේ නැත.
ඉස්ලාමීය සංස්කෘතිය තුල ආගම, චාරිත්‍ර වාරිත්‍ර , විවිහය, ආගම, මුස්ලිම් නීතිය යනාදිය තුලින් පුරුෂයාට තරම් කාන්තාවට අයිතීන් හිමිව නොමැති බව දැකගත හැකිය. එය මෙහි ශරියා නීතිය හමුවේ සහ පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධව විග්‍රහ කිරීමේදී වැඩි වශයෙන් විග්‍රහ කිරීම සිදුකෙරේ.
02.2. ෂරිආ නීතිය
ඉස්ලාමීය ජනයා අතර පවතින්නා වූ ප්‍රධානතම නීතයි වනුයේ ෂරිආ නීතියයි. මෙය ඉස්ලාමයේ කොඳු නාරටිය ලෙස හැඳින්විය හැකිය. මිනිස් ක්‍රියාකාරකම් පිලිබඳ සියලු අංශයන් කෙරෙහි විහිදෙන මෙහි අපරාධ දණ්ඩ නීතිය අඩංගු වන අතර එය 10% ක් පමණවේ. එනම් විවාහය, දරු උපත, පිරිසිදුකම, ආගන්තුක සත්කාර, නැමදුම, දුගීබද්ධ බෙදා දීම, ආගමික වතාවත් ඉටු කිරීම හා ප්‍රාණ භුක්තිය බෙදාදීම යනාදී සියලුම අංගයන් ෂරිආ මගින් ආවරණය වේ. ෂරිආ යන්න නිවැරැදි මග යන අර්ථයෙන් හඳුන්වා දිය හැකිය. මේ මුස්ලිම්වරයකුගේ පරිපූර්ණ ජීවන සැලැස්ම අඩංගු ඉතා පුලුල් සංකල්පයකි. නැමදුම ,සදාචාරය, පුද්ගල ආකල්ප හා කල්ක්‍රියාව මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්ෂේත්‍රයෙන් ද අපරාධ හා සිවිල් අංශයන්හි ද තනි පුද්ගල අයිතවි ාසිකම් හා සමාජයේ අයිතිවාසිකම්ද ද මෙන්ම ෂරිආ නීතියෙහි අන්තර්ගත වේ. දඬවු ම් දිය යුතු වැරදි හයක් ෂරිආ නීතිය තුළ පැවැත්වේ පවතී. එය “හදුු ද් ” නම් වේ. ඒ අනුව,
“මත්පැන් පානය, සොරකම් කිරීම සන්නද්ධ මං පැහැරීම්, ලිංගික අපචාරය, ද්වේශසහගත ලෙස දුරාචාරී චෝදනා නැගීම සහ දහම අතහැර යාම” එම වැරදි හය ලෙස දැක්විය හැකියි. මතත්පැන් පානය නම් වරද කළ බව ඔප්පු වුවහොත් දඬුවම වශයෙන් කසපහර හතළිහත් අසූවත් අතර ප්‍රමාණයක් ලබාදෙනු ලැබේ. සොරකම් කළ බව ඔප්පු වුවහොත් අතපය කපා දමන අතර මංපැහැරීම කළ බව ඔප්පු වුවහොත් බන්ධනාගාර ගත කිරීම හෝ අතපය කපා දැමීම කරනු ලැබේ. එමෙන්ම, අනාචාරයෙහි යෙදුනහොත් කසපහර සීයක් හෝ ගල් ගසා මරා දැමීම සිදුකිරීමද දුරාචාරී චෝදනා නැගීම සඳහා කසපහර සීයක දඬවු මක්ද දහම් හැර ගියහොත් මරණය ද හිමි වන බව එහි සඳහන් වේ. මෙම අසාධාරණ නීතිවලින් ආරක්ෂාව සැලසීම සඳහා අල්ලාහ් විසින් නියම කර ඇත්තේ මිනීමරුවාගේ හා මැරුම් කෑ අයගේ තරාතිරම හො ් ජාතිය කුමක් වුවත් මිනී මරුවාගේ ජීවිතය වන්දි වශයෙන් ගත යුතු බවයි. එනම් කවුරු හෝ කෙනකු සිතා මතාම මිනිස් ඝාතනයක් සිදුකල අවස්ථාවක එය ඔප්පුවූ විට
පහත පරිදි නීතිය ක්‍රියාත්මක වේ.
1. මරණ දඬුවම. (ප්‍රාණයට ප්‍රාණය)
2. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී වන්දි මුදලක් ලබා දී නිදහස් වීම. (ස්වාමි පුරුෂයා ඝාතනයට ලක්වූ කල බිරිඳගේ කැමැත්ත අනුව ඝාතකයා ගෙන් වන්දි මුදලක් ලබා සමාව ලබා දීම)
3. කිට්ටුම පවුලේ අයගේ කැමැත්ත පරිදී සමාව ලබා දීම.
එනමුත් මෙම නීතයි රිෂානා හමුවේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේ නම් ඇය අදටත් සුන්දර
දිවියක් ගත කරනා තරුණියකි.( ඇය මිය යාමට පෙර ලියන ලද ලිපියක අන්තර්ගත උපුටා ගත් කොටසක් පහතින් දක්වමි.)
(මා වෙනුවෙන් ශෝකවන අයට මගේ නිදහස වෙනුවෙන් කටයුතු කරපු අය දෙස බලා “නුඹලා ඇයි ඉස්ලාමීය ෂරිආ නීතයි ට විරුද්ධව හඩ නගන්නේ” යනුවෙන් මගේ සවනට ඇසුනු අවස්තාවේ, ෂරිආ අධිකරනයේ මගේ පැත්තෙන් සාධරණය ඉදිරිපත් කර මා වෙනුවෙන් වාද කිරීමට නීතිඥවරු පත්කිරීම සදහා විශාල මුදලක් අවශ්‍යවු අවස්තාවේ එයට අවශ්‍ය නීති සකස් කිරීමත් මුදල් වෙන් කිරීමත් නොමැති බවට දැනුම් දෙන අවස්තාවේදි මෙම ෂරිආ මග පෙන්වීම දන්නා සමහරෙක් හෝ හඬ නොනැංවීම මා වැනි අසරණයන්ට අවාසනාවකි. මගේ සත්‍ය වයස ඔප්පු කිරීම සඳහා කිසිම ලියකියවිල්ලක් ශරිආ අධිකරණය ඉදිරියේ අවසාන මිනිත්තුව දක්වාත් මගේ ගමන් බලපත්‍රයත් උප්පැන්න සහතිකයත් ව්‍යාජ ඒවා බව ඔප්පු කිරීමට ශක්තිමත් නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කලේ නැත. මා වෙනුවෙන් සවාරියේ යෙදුනු අයගෙන්ද ඉදිරිපත් වූයේ නැත. අන් රටක අසරණ වු කාන්තාව වන මම අනතුරක පැටලී සිටින විට මා වෙනුවෙන් අත දීමට මුහ්තසම් බිල්ලාහ් (අතීතයේ සිටි යහපත් පාලකයෙකුගේ නමක්) කෙනෙක් හෝ සිටියේ නැත. එසේ සිටියා නම් නුඔලා පවසන එම ෂරිආ නීතිය අනුව මට නිදහස ලැබීමට තිබිනි. අරාබි බස නොදන්නා මාව දෙමළ බස හරියාකාරව නොදන්නා මලයාලි පරිවර්ථකයා පොලිස් කාරයන්ගෙත් ස්වාමි දුවගේත් පහරදීම් ඉදිරියේ කට උත්තර ගත් අවස්තාවේ මා වෙනුවෙන් වාද කිරීමට හා හඩ නැගීමට ඉස්ලාමිය ෂරිආ හැදෑරු එක යහපත් කෙනෙකුවත් ඉදිරිපත් නොවුනේ ඇයි? මන්දයත් අසනීපෙන් පසුවන තාත්තාටත් අන්ත ප්‍රපාතයේ වැටී සිටින අම්මාටත් ෂරිආ නීතිය සම්බන්ධව කතා කිරීමට අධ්‍යාපනයක් හෝ අධ්‍යාපනය ලත් අයගේ සේවය මුදල් දී ලබා ගැනීමට තරම් සුදුසු කමක් හෝ නැතිවීම සත්‍යයක් නේද?)
මේ අයුරින් බලන කල ෂරිආ නීතිය නිසි අයුරින් ඉටුවන්නේදැයි පැහැදිලි වේ. තවද , ස්ත්‍රියටද පුරුෂයාටද එකම අයුරින් නීතිය ක්‍රියාත්මක වන්නේ යැයි පැවසුවද උසාවි තුල සාක්ෂි විමසීමේ ක්‍රමය අනුව එය සමාන නොවන බව පෙන්වා දිය හැකිය. මන්දයත් යම් වරදකට එක් පුරුෂයකුගෙන් සාක්ෂි විමසුවද ඒ සඳහා ස්ත්‍රියක් සාක්ෂි දෙන්නේ නම් ස්ත්‍රීන් දෙදෙනෙකු සාක්ෂි ලබා දිය යුතයු . එමෙන්ම දඬුවම් ලබා දීමේදී ඇයට පුරුෂයාට වඩා දැඩි දඩුවම් ලබා දීම සිදු කරනු ලැබේ. නීතිය ස්ත්‍රියටත් පුරුෂයාටත් එක හා සමාන නොවන බව මෙයින්ම පෙනී යයි.
ප්‍රහාරය සහ කාන්තාව
2019 අප්‍රේල් 21 වන දින අයිඑස්අයිඑස් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසාවෙන් ලෝකයම කම්පාවට පත් වන්නට විය. ශ්‍රී ලංකාව තුළ බෝම්බ පිපිරීම් රාශියක් සිදුකළ මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් වූයේ මුස්ලිම් ජාතිකයන් පිරිසකි. තවුහිද් ජමාද් නමින් ඔවුන් හඳුන්වනු ලැබේ. මිලේච්ඡ කණ්ඩායමක මෙම නොමනා ක්‍රියාව නිසා සමස්ථ මුස්ලිීම් ප්‍රජාවට මේ සඳහා වග කීමට සිදු වූයේ තමා ලබා සිටි නිදහස සීමා කර ගනිමිනි. මුසල්මානුවන් සමාජය ඉදිරියේ කොන් කිරීමකට ලක්වීම මෙනිසා සිදුවිය. විශේෂයෙන්ම මේ නිසා මුස්ලිම් පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට පීඩාවට ලක් වන්නට විය. ඒ ඇගේ අනන්‍යතාවය හෙළි කිරීමට ඇයගේ ඇඳුම් බාධාවක් වූ බැවිනි. ඉස්ලාමීය ආගමිකයකු වීම නිසා ඇය සැකයට භාජනය විය. ගැවසෙන සෑම තැනකදීම සිංහල කාන්තාවට වඩා ඇයව පරීක්ෂා කිරීමට ලක්ව විය. එක් දිනක් වාර්තා වූයේ බුර්කාව පැළඳ ගිය කාන්තාවක් බසයෙන් බැස් වූ බවය. මෙතුළින් එම් කාන්තාව කෙතරම් නම් අපහසුතාවයට පත්වන්නට ඇති ද (?) තවද (පමිැ) මුස්ලිම් කාන්තාවන් ගැබ් ගැවසෙන දුටුවහොත් ඇය පිළිබඳ විමසිල්ලෙන් සිටීම මහ ජාතිය අමතක කළේ නැත විශේෂයෙන්ම රට තුළ බුර්ුකාව රාවය හිජාබය, නිකාබය යන හිස් වැසුම් මුහුණු ආවරණ තහනම් කරන ලදී. විශ්වවිද්‍යාල, රෝහල් තුළ ද එය තහනම් කරන ලදී. ඇය තුළින් සංස්කෘතියට බැහැර වීමකි. කුඩා කල සිට පැවත ආ සංස්කෘතික අංගයක් බිඳ දැමීමකි.
එහෙත් සඳහන් කළ යුතු කාරණා වනුයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර කාන්තාවන් ද සිටි බව ය මීට ඉහතදීද සොරකම් කිරීමට අනියම් සබඳතා පැවැත්වීමට හා විභාග අක්‍රමිතා සිදු කිරීමට ද යේමනයේ පිරිමි පුද්ගලයකු බුර්කාව පැළඳ ගෙන ආයුධ ළඟ ලබාගැනීමටද බුර්කාව සහ හබාය යන මුසල්මානු ඇදුම් භාවිතා කළ බව සඳහන් කළ යුතුය. මේ අනුව බලන කළ එසේ ගත් පියවරයන් සාධාරණත්වයක් ඇති බව හැඟී ගියද ඉන් මුස්ලිම් කාන්තාව දැඩි ආන්තීකරණයට ලක් වී ඇති බව සඳහන් කළ යුතුය.
04. මුස්ලිම් කාන්තාව තම සංස්කෘතීය ඇඳුම නිසාවෙන් ලද හිංසනය
(පාස්කු ප්‍රහාරය ආශ්‍රයෙන්)
04. 1. ඉස්ලාම් දහම තුල කාන්තා ඇ`ඳුම පිළිබඳ දක්වන අදහස
ඉස්ලාමය පවසන කාන්තා ඇඳුම කෙබඳු විය යුතුද යන්න අල් කුර්ආනය තුළින්ද මුහම්මද් තුමාගේ
ඉගැන්වීම් තුළින්ද අපට දැන ගැනීමට හැකිය.
“ආදම්ගේ දරුවනි, සැබැවින්ම නුඹගේ රහස්‍ය අවයව වසා ගැනීමටද අලංකාරයක් ලෙසද සළු පිළි ප්‍රදානය කළෙමු. නමුත් (දෙවිඳුන් කෙරෙහි) බිය භක්තිමත් බව නම් වූ සළු පිළි (එයට වඩා) උතුම්ය” (7:26)
“එක් එක් දහමකටම අයත් සදාචාරාත්මක පිළිවෙත් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජා බය (අල් හයා) මත සකස් වී ඇත.” (නබි වදනක්-ග්‍රන්ථය: අල් හාකිම්)
“ලැජ්ජා බය (අල් හයා) ඊමානයේ කොටසකි. ඊමානය ස්වර්ගයට මග පෙන්වයි” (නබි වදනක්)
“තවද, (නබිවරයාණනි) විශ්වාස කරන ස්ත්‍රීන්ට, තමන්ගේ බැල්ම පහත හෙළන්නටද, තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරගන්නටද, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්වන ලෙසටද තමන්ගේ ළැම පෙදෙස සළුවකින් ආවරණය කරගන්නටද පවසවූ.” (24:31)
“නබිවරයාණෙනි, නුඹගේ භාර්යාවන්ටද, නුඹගේ දියණියන්ටද, විශ්වාසවන්තයින්ගේ ස්ත්‍රීන්ටද, ඔවුන් තමන්ගේ ජිල්බාබය (නිවසින් බැහැර යනවිට ශරීරය වැසෙන පරිදි අඳින කබාය) ඔවුන් වැසෙන පරිදි අඳින ලෙස පවසවූ. මෙය ඔවුන් (ගෞරවනීය අය යැයි) හඳුනා ගැනීමට ද හිංසනයෙන් සුරක්ෂිත වීමට ද ඉතාමත් යෝග්‍ය වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලීය, අති කරුණාභරිතය.” (අල් කුර්ආනය 33:59)
“තවද, නුඹගේ නිවෙස්හි රැඳී සිටින්න. (අල් කුර්ආනය පහළ කිරීමට) පෙර වූ අඥාන යුගයේ මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නො ඇවිදින්න.” (33:33)
“ දිනක් අබු බක්කර් ගේ දියණිය අස්මා, සිහින් ඇඳුමෙන් සැරසී දේවදුතයානන් වෙත පැමිණි කල, ඔහු ඇය කරා ගොස්, “අහෝ අස්මා! ගැහැණු දරුවෙකු වැඩිවියට පාත්‍ර වු පසු එය නිරාවරණය වීම නුසුදුසුයි නමුත් මෙය සහ මෙය හැර.” ඔහු ඇයගේ මුහුණට සහ අත්වලට ඇඟිල්ල දික්කර පෙන්වුහ.”
“කාන්තාවන් වස්ත්‍රව සිටියත් නිර්වස්ත්‍රව පෙනේ. ඔවුන්ගේ හිස මත ඔටුවන්ගේ මොල්ලි මෙන් දිස් වේ.
ශාපය ඔවුන් මතයි නියත වශයෙන්ම ඔවුන් ශාපලද්දෝය.” එනම් කාන්තාවක් තමන්ගේ රමණීයත්වය සහ අලංකාරය අන්‍ය පුද්ගලයින්ට නොපෙන්විය යුතුයි. නමුත් නොවැලැක්විය හැකි කාරණා මත නිරාවරණය වන දෑ හැර එනම් සුළං හැමීම මඟින් නිරාවරණය වන දෑ හැර, හිස් වැස්ම ඇයගේ හිසකෙස්, ගෙල සහ පපු පෙදෙස වසන් කළ යුතුයි. මෙම හිජාබයට යම් විශේෂ වර්ණයකින් තිබිය යුතුයි යැයිද යම් විශේෂ ක්‍රමයකින් තිබිය යුතුයි යැයිද කිසිම නීතියක් නැහැ. අවශ්‍යකරනුයේ මුහුණ හා මැණික් කටුව දක්වා අත් දෙක හැරෙන්න අනෙකුත් ශරීර අවයව ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමය. මීට අමතරව කාන්තාවකගේ ශරීරයේ හැඩය නොපෙනෙන ලෙස බුරුල් ලෙස හිජාබය තිබීමද අනිවාර්ය වේ. ශරීරයේ හැඩය වසන් කිරීමට කදිම මඟ තමන්ගේ ඇඳුම් වලට පිටතින් කබායක් වැනි දැයක් හැඳීමයි. නමුත් තමන්ගේ වස්ත්‍රයන් ලිහිල් නම් පිටතින් වෙනත් කබායක් පැළදීම අවශ්‍ය වන්නේ නැහැ. ඇඳුමෙහි ඝනකම එහි තෙවන අවශ්‍යතාවයයි. සමෙහි වර්ණය සහ සිරුරෙහි හැඩය නොපෙනෙන තරම් ඝනකමින් යුක්ත විය යුතුයි. අවයවයන් පෙනෙන ආකාරයේ සිහින් රෙදිවලින් ඇඳුම් ඇඳීමද ඉස්ලාමය අනුමත නොකරයි. තවත් එක් අවශ්‍යතාවයක් නම් මුළුමනින් එය ගෞරවයට පාත්‍රවන සුළු දර්ශනයක් වීමයි. වස්ත්‍රයන් පිරිමියාගේ ආකර්ෂණයට භාජණය නොවිය යුතුයි. එය දිලිසෙන බාහිරාලංකාරයෙන් යුත් වස්ත්‍රයන් නොවිය යුතුයි. ඒ වගේම වස්ත්‍රයන් විනීත විය යුතුයි, ඉතා අලංකාර නොවිය යුතුයි, එමෙන්ම එවා ඉතා වැරහැලි වැනි අනුන්ගේ අනුකම්පාවට තුඩු දෙන ඒවා නොවිය යුතුයි. මුස්ලිම්වරුන් අතර මූලික වශයෙන් මත දෙකක් තිබේ. මුස්ලිම් ස්ත්‍රිය තම මුහුණ හා අතෙහි මැණික් කටුවේ සිට ඇඟිලි දක්වා වූ කොටස වැසීම අනිවාර්ය නොවන අතර ඉතිරි කොටස් සියල්ල ආවරණය කළ යුතුය යන්න ඉන් එක් මතයකි. මුහණු හා මැණික් කටුවේ සිට ඇඟිලි දක්වා වූ කොටස ඇතුළුව අනෙකුත් සියලුම කොටස් ආවරණය කළ යුතයු යන්න අනෙක් මතයි. මින් නිවැරදි මතය වන්නේ පළමු වැන්නයි. මෙම දෙවන මතය සනාත කරන බොහෝ ඉගැන්වීම් ඉස්ලාමීය මූලාශව්‍ර ල තිබෙනවා. කෙසේ නමුත් බිරින්දෑවරුන්ට ඔවුන්ගේ මුහුණු ආවරණය කිරීම අනිවාර්ය වූ දෙයකි, මන්දයත් ඔවුන් අන්‍ය පිරිමින්ගේ කාමුක සිතුවිලි තුලට ග්‍රහනය නොවී සිටීමටයි. ඇතැම් මුස්ලිම්නොවන්නන් සිතන්නේ මුස්ලිම් කාන්තාවන් නිවස තුළ සිටින්නේද හජි ාබය ඇඳගෙන බවයි. නමුත් මුස්ලිම් කාන්තාවන් නිවසේ සිටින්නේ මෙම හිජාබය හැඳගෙන නොවේ. මුස්ලිම් කාන්තාවක් තම අලංකාරය පෙන්විය හැක්කේ කාටද යන්න පහත කුර්ආන් වැකිය මගින් පැහැදිලි කෙරේ. “ ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු) පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතයු . (ශු.කු.24:31)
එනම් තමාගේ ස්වාමි පුරුෂයා, තමාගේ පියා, තමාගේ ස්වාමි පුරුෂයාගේ පියා, තමාගේ පිරිමි දරුවන්, තමාගේ ස්වාමි පුරුෂයාගේ පිරිමි දරුවන් (එනම්, ස්වාමි පුරුෂයාගේ තවත් විවාහයක් හේතුවෙන් ලැබුන පිරිමි දරුවන්) , තමාගේ සහෝදරයින්, තමාගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන්, තමාගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන්, තමාගේ ගැහැණුන්, තමාගේ වහලුන්, ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති එමෙන්ම ඔවුන්ට සමීපව ජීවත් වන මහලු පිරිමින්, ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හමුවෙහි හැර අන් අය හමුවෙහි තමාගේ අලංකාරය පෙන්වීම මුස්ලිම් ස්ත්‍රියකට තහනම්. කෙසේනමුත් මෙහි අදහස මෙම වැකියේ සඳහන් පුද්ගලයින් සියලුදෙන ඉදිරියේ තමා හිතන අන්දමේ ඇඳුම් ඇඳගෙන සිටීමට පුළුවන් යන්න නොවේ. මෙහිදී වැරදි සිතවිු ලි ඇති නොකරන චාම් ඇඳුමක් ඇඳීමට මුස්ලිම් කාන්තාවන් වග බලා ගතයුතුයි. නමුත් අඹු සැමි දෙදෙනා තනිව සිටින විට මෙවන් කිසිඳු සීමාවක් මුස්ලිම් කාන්තාවන්ට නොමැති බව සඳහන් කල යුතුය.
04. 2. බුර්කාව , හිජාබය , නිකාබය
මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ ඇඳුම වනුයේ “හබාය” ය. කාන්තාවක් තම මුහුණ හා මැණික් කටුව දක්වා අත් හැරෙන්න අනෙකුත් සියලු ශරීර අවයව නොපෙනන පරිදි ලිහලි ් ඇඳුමක් ඇඳිය යුතු බව ඉස්ලාම් දහම පවසනවා. බුර්කාව යනු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය නොවන ලෙස පමණක් ආවරණය වන පැළඳීමකි. නිකාබ් යනු මුහුණ ආවරණයය වන අතර දෑස් පිටතට පෙනෙන ආවරණයකි. හිජාබය යනු හිස් සහ ගෙල පමණක් ආවරණය වන්නකි. “හිජාබ්” යන වචනය සෑදෙන්නේ අරාබි වචනයක් වන “හජාබා” නම් පදයෙනුයි. එහි අදහස යමක් පෙනීමෙන් සැගවීම හෝ වසං කිරීමයි. නමුත් පවත්නා වු වකවානුවේ හිජාබ් හී සන්දර්හය වනුයේ එය මුස්ලිම් කාන්තාවකගේ විනීත වහන්තරාව යන්නයි. හිජාබය යනු හුදෙක් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරන වස්ත්‍රයක් පමණක් ම නොවන නමුදු එය ඊටත් වඩා වැදගත් වන චර්යාව, හැසිරීම, කථාබහ සහ පොඳු ස්ථානයන් හී පෙනී සිටින ලීලාව යන්නද තේරුම් ගත හැකිය. වස්ත්‍රය එහි එක් මුහණු ුවරක් පමණය .අතීතයේ කළු පැහැය පමණක්ම භාවිතා කළද වර්තමානයේ දී ඒ ඒ රටවල දේශගුණික හා සමාජ වෙනස් වීම් නිසාවෙන් විවිධ වර්ණයෙන් යුක්තව අදිනු දැකිය හැකි වේ. විශේෂයෙන් මුස්ලිම් සංස්කෘතිය ව්‍යාප්ත වූ මැද පෙරදිග රටක් වන සෞදි අරාබි සංස්කෘතිය තුලින් අනෙකුත් රටවලට මෙම සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත. බුර්කාව , හිජාබය සහ නිකාබය හදුනා ගැනීමට පහත ඡායාරූප පෙළ උපයෝගී කරගත හැකිය.
04. 3. මුස්ලිම් කාන්තා ඇඳුම පිළිබඳ මුස්ලිම් නීතියෙන් ගත් පියවර
පාස්කු ප්‍රහාරය නිසාවෙන් රටේ ආරක්ෂාවට දැඩි තර්ජන එල්ලවූ නිසාවෙන් බුර්කාව සහ නිකාබය ඇඳීම තහනම් කිරීමට රජය මගින් නියෝග කෙරිණි. නමුත් ඉස්ලාමිය නායකයන් තම නීති වලට කිසිවෙකුත් අත තබනවාට කැමති වූයේ නැත. එහෙත් රටේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ගයන් හමුවේ ඔවුන්ට තම නීති යම් ලිහිල් කිරීමකට ලක් කිරීමට සිදුවිය. ජාතික සමස්ත උළමා සංවිධානය පවසන ආකාරයට මුස්ලිම් ජනතාව බුර්කාව සහ නිකාබය ඇඳීම නවතා දමා ඇත්තේ ඔවුන් කළ ඉල්ලීමට අනුවය. මේ අනුව ත්‍රස්ත ප්‍රහාරය නිසාවෙන් මුස්ලිම් කාන්තාවන් සඳහා ගනු ලැබූ පියවර වනයේ බුර්කාව තහනම් කිරීමය. මේ නිසා පීඩාවට පත් මුස්ලිම් කාන්තාවන් බුර්කාව අත්හැර මුඛ ආවරණයක් පැලදවීමට ක්‍රියාමාර්ග ගත්හ. නමුත් මේ නිසා බොහෝ අවස්ථාවන්හිදී මුස්ලිම් කාන්තාවන් අපහසුතාවයන්ට පත් වන්නට සිදුව ඇති බව පුවත් මගින් දැනගන්නට ලැබිණි. සමහර මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනයට, නිවසින් එළියට යන්න යම් නිදහසක් තිබුණේ මේ ඇඳුමෙන් තිබුණ ආවරණය නිසාවෙනි. නමුත් මෙම තත්ත්වය මත ඇයට ශෝචනීය තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. ඒ නිසා අද ගොඩක් මුස්ලිම් කාන්තාවෝ එළියට එන්නෙ නැති තත්ත්වයක් තිබේ. මේ ඇති වූ තත්ත්වය සමඟ ඇතැම් කාන්තාවන් එළියට යන්නේ අතින් මූණ වසාගෙනය. මේ නිසා සමහර මුස්ලිම් කාන්තාවන් යම් මානසික පීඩනයකට ලක්ව තිබීම කණගාටුදායකය. මේ පිළිබඳ පීඩනයට ලක් වූ මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ අදහස උදාහරණයක් ලෙස පහතින්
දක්වමු.
“මොරටුව සරසවියේ වාසත් ු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. මා මෙම ලිපිය ලිවීමට සිතුවේ සිදුවීම සම්බන්ධයෙන් කතාවේ එක් පැත්තක් පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරණය වන නිසාත්, සිදුවීමේ අනෙක් පස සැඟවී ඇති නිසාත්ය. සිදුවීම සම්භන්ධයෙන් වාර්තා පල කල මාධ්‍ය ආයතන, අපෙන් කිසිවක් නො විමසු අතර, විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් පමණක් කරුණු විමසා ඇත. අපගේ මුහුණු දැකීමට බලවත් අවශ්‍යතාවයක් දැක්වූ බලධාරීන්ට පවා අපගේ අදහස් වලට සවන් දීම අවශ්‍ය නොවුනි. ඔවුහු නිකාබය තහනම් කිරීමට පෙර අපගෙන් අදහස් විමසීමක් හෝ සාකච්ඡාවක් නොකළහ. මෙම තීරණයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ආරක්ෂක හේතු ය. මුලදී නම් ඔවුන් කියා සිටියේ මෙය විනය සහ ඇඳුම සම්බන්ධ දෙයක් බවයි. නිකාබය තහනම් කිරීමෙන් සරසවිය තිබුනට වඩා ආරක්ෂාකාරී වුනේ නැත. වුනේ පීඩනය සහ හිරිහැරය වැඩි වීම පමණයි. “ආරක්ෂක හේතු” හේතුවක් ලෙස ගෙන හැර පෑම අර්ථ විරහිත වනවා පමණක් නොව ව්‍යාජ ක්‍රියාවකි. අපේ සරසවි තුල (අවාසනාවන්ත ලෙස) ප්‍රචන්ඩ ක්‍රියා නිතර දකින්නට ලැබෙන වාතාවරණය තුල නිකාබය පළඳින ගැහැණු ළමුන් තිදෙනෙක්ගෙන් ආරක්ෂාවට වන හානියක් නැත.”
මේ අනුව මෙම නීතයි ඇතැම් කාන්තාවන් තම නිදහස සේ පිළිගත්ත ද බොහෝ කාන්තාවන් එනිසා පීඩාවට පත්ව ඇති බව සඳහන් කල යුතුය.
නිගමනය
පාස්කු ඉරුදින ප්‍රහාරය සමඟ මුස්ලිම් ජනතාව පිළිබඳ දැඩි කතා කතාබහකට මුළු රටම යොමු විය. මෙහිදී මුස්ලිම් කාන්තාව තම වස්ත්‍ර ලෙස පළඳින බුර්කාව හිජාබය සහ නිකාබය පිළිබඳ කතා කරන්නට විය. ඉහත දක්වන ලද පුවත්පත් තුළින් ඒ පිළිබඳ ඉදිරිපත් වූ විවිධ අදහස් දක්වා ඇත. එමගින් එය කළ යුතුම දෙයක් බව ඇතමුන් පවසන අතර තවත් අයෙක් එය මුසල්මානු කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමක් ලෙස අදහස් දක්වා ඇත.
මුස්ලිම් කාන්තාව යනු පුරුෂ ග්‍රහණයට නතුව සංස්කෘතිය තුළින් දැඩි පීඩනයකට ලක්ව සිටින්නියක් ලෙස සමාජය නොයෙකුත් ලෙස සාකච්ඡා කරයි. ඉස්ලාමිකයන් පෙන්වාදෙන පරිදි ඇයට නිදහසේ ජීවිතය විදින්නට හැකි පරිසරයක් ඔවුන් ගොඩනඟා ඇත. එහෙත් මැදපෙරදිග රටවල් මෙන්ම බොහෝ මුසල්මානුවන් කාන්තාවන් වෙත දැඩි පීඩනයක් එල්ල කරනු ලැබේ. චර්මඡේදනය, අවුරුදු 12ක වැඩිමහලු පුද්ගලයෙකු සමග විවාහය, ආගමික නිදහස නොලැබීම, කැමති අයුරින් වස්ත්‍රාභරණ ඇඳීමේ පැළඳීමේ අයිතිය අහිමිවීම ඇය පාස්කු ප්‍රහාරයට පෙර ද උපන්දා සිට අත්විඳින්නා වූ පීඩාවන්ය. ඉහත දක්වන ලද පුවත්පත් තුළින් ඒ පිළිබඳ ඉදිරිපත් වූ විවිධ අදහස් දක්වා ඇත. එමගින් එය කළ යුතුම දෙයක් බව ඇතැමුන් පවසන අතර තවත් අයෙක් එය මුසල්මානු කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමක් ලෙස අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත් බුර්කාව තහනම් කළ යුතු බව දැක්වීමේ දී නිකාබය හිජාබය තහනම් කළ යුතු බව දක්වා නොමැත. බුර්කාව තුළින් සම්පූර්ණ මුහුණ සහ ශරීරයම වැසෙන අතර නිකාබය මගින් මුහුණ ආවරණය වන අතර දෑස් පමණක් පෙනේ. මෙහිදී තම අනන්‍යතාව ඔප්පු කිරීම්ට නම් මුහුනෙන් බුර්කාව හෝ නිකාබය ඉවත් කර පෙන්විය යුතුය. නමුත් හිජාබය තුලින් කෙනෙකුගේ මුහුණ ආවරණය වී පවතී. එතුළින් අනන්‍යතාව ඔප්පු කිරීමට එය ගැලවිය යුතු නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වනුයේ බුරුකාව මෙන්ම චදෝර් යන ඔවුන්ගේ ඇඳුම ද එසේ නම් තහනම් කළ යුතු බවය. මන්ද එයින් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන බැවිනි . මේ ආකාරයෙන් බලන විට ලංකා රජයේ නිවැරදිව බුර්ුකාව ,හිජාබය හා නිකාබය අතර වෙනස දන්නේ දැයි සැකයකි. එමෙන්ම ඔවුන්ගේ අනෙකුත් ඇඳුම් අංගයන් පිළිබඳව ඔවුන් අවධානය යොමු කර නොමැති බවද පෙනේ. තවද මොවුන් මෙසේ ඇඳුමක් නිසා ක්‍රියාත්මක වන්නට පෙර නිවැරදිව රාජ්‍ය සේවය ඉටු කලේ නම් අද දින ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්නේද නැත. ආයුධ රැගෙන ගුවන් තොටුපලින් මෙරටට පැමිණීමට කළහකාරී පිරිසට හැකි වූයේ රාජ්‍ය සේවය නිසි ලෙස ඉටු නොකරනා නිසාවෙනි. එවැනි පාලනයක් ගෙන යන පාලකයන් නිකරුනේ සිටිනා මුස්ලිම් කාන්තාවන් හට කරනු ලැබූ මෙම ක්‍රියාව නිසාවෙන් ඔවුන්හට දැඩි අපහසුතාවයන්වලට මුහුණ දීමට සිදුවිය. රටේ ආරක්ෂක තත්වය හේතුවෙන් මෙසේ ගනු ලැබූ තීරණයේ දී ඇය කුඩා කල පටන් පැවත ආ එය එක්වරම අත්හැරිය හැකි දැයි විමසා බැලිය යුතු කාරණාවකි. රටේ ආරක්ෂාව මෙන්ම මානව අයිතනී ් ආරක්ෂා කිරීම පිළිබඳව ද පාලකයා සිතිය යුතුය .කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය නිසාවෙන් ගනු ලැබූ නීතිරීත ි මගින් මුසල්මානු කාන්තාවන් දැඩි පීඩනයට ලක් වූ බව සඳහන් කළ යුතුය.
එහෙත් අරාබි කුමාරයන් ද ඉස්ලාමිය නීති ලිහිල් කරමින් කාන්තාවන්ට නිදහසේ අඳින්නට ඉඩ ලබා දී ඇති මෙවන් කලෙක ශ්‍රී ලාංකීය සමාජය තුළ පමණක් මෙලෙස බුර්කාව හෝ හිජාබය නිසාවෙන් මෙතරම් කාන්තාවන් අපහසුතාවයට පත් කරන්නේ මන්ද යන්න විමසා බැලිය යුතු කරුණකි. අධ්‍යයනය කරන ලද පුවත්පතක මුසල්මානුවකුම දක්වන ලද අදහසක් වුයේ මෙම ඇඳුම මෙරට වැසියන් මැද පෙරදිග රැකියාවන් සඳහා යාමෙන් පසු මෙරට මුස්ලිම් සංස්කෘතියට පැමිණි බවයි. එසේනම් බුර්කාව ඉවත් කිරීමෙන් එතරම් හානියක් නොවන අතර ඔවුනට වසර ගණනකට පෙර සිටියා සේ නිදහස්ව ඇඳිය හැකි වේ. කෙසේ වුවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය දෙස බැලීමේදී මුස්ලිම් කාන්තාව බොහෝ ලෙස විවිධ අවස්ථාවන්හිදී ආන්තීකරණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.
No comments:
Post a Comment