Tuesday, June 11, 2019

චිත‍්‍ර කලා ඉතිහාසයේ ආරම්භක යුගය සහ ඉන් නිරූපිත සාම්ප‍්‍රදායික සන්නිවේදනය

Related image
Add caption
           
         
















  කලාව යන වචනය ඈත ඉතිහාසයක් උරුම කරගත්තා වූ වචනයකි. ඒ තුල චිත‍්‍ර කලාව සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. පැරැන්නන් ස්වභාව ධර්මය ජයගත් එක් අංගයක් ලෙස මෙම චිත‍්‍ර කලාව හඳුන්වා දිය හැකිය. විවිධ යුගයන්ට හිමිකම් කියන්නා වූ චිත‍්‍ර කලාව ඉතා සුවිශිෂ්ට වූ ඉතිහාසයකට උරුමකම් කියනා බැව් නොරහසකි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර , චිත‍්‍ර කලාවෙහි ආදිතම යුගය ලෙස හ`දුන්වයි. ප‍්‍රාග් මානවයාගේ භාෂාව , ලිවීම , කියවීම එතරම් දියුණු මට්ටමක නොතිබූ බව ඔබ අප දන්නා කරුණකි. එනිසාවෙන් , සන්නිවේදනයද දියුණු මට්ටමක නොතිබූ අතර අංග චලනයන් මගින් සන්නිවේදනය සිදුකරනු ලැබීය. දඩයම ජීවිකාව කරගනු ලැබූ ආදි මානවයා එම කාර්යය සිදු කිරීමට පිරිමි පාර්ශවය පමණක් උපයෝගී කරගනු ලැබීය. මොවුන් එයින් ලද අත්දැකීම් තම නිවසෙහි සිටිනා බිරින්දෑවරුන් හා ළමුන් අතරට සන්නිවේදනය කරනට වූ මාර්ගය වූයේ ජීවත් වූ ගල් ගුහා බිත්ති තුල කුරුටු ගා එම අත්දැකීම් පෙන්වා දීම ය. මෙම කුරුටු ගෑම් පසු කාලීනව අක්ෂර කලාව , නර්තන කලාව ඇතුලූ විවිධ කලාවන් බිහිවීමට හේතු වන්නට විය.

සමස්ත ලෝකය පුරා ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙම ක‍්‍රියාව සිදු කළ බවට පුරාවිද්‍යා සාධක කියාපායි. ඒ අනුව, අපි‍්‍රකාව,  ඕස්ටේ‍්‍රලියාව, ආසියාව මෙන්ම යුරෝපා රාජ්‍යයන් තුලින් මෙම ගුහා නිර්මාණ හමු වී ඇත.

උදාහරණ :
  •     උතුරු ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහා ( තප්පුලන ගවයා හා විවේක ගන්නා බයිසන් රුව* සහ කෝගුල් ගුහාව( නග්න පිරිමි දරුවකු වටා නටන කාන්තාවන් පිරිසකගේ රූ සටහන් *
  •    උතුරු ප‍්‍රංශයේ ලැස්කෝ ගුහා ( අඩි 17 ක් පමණ දික්වූ ගව රුව , ගව පෙල හා වේගයෙන් ඉදිරියට පනින ගව රුව) නියෝ ගුහාව ( හී පහර කාගෙන බිම ඇද වැටෙන බයිසන් රුව , තරබාරු මී හරක් දෙදෙනෙකු හා අන් සහිත පිනි මුවන්ගේ රූ සහ පොන් ඩි ගෝමි ගුහාව (මැමත් පෙරහැර)
  •   නැගෙනහිර ස්පාඤ්ඤයේ පිරනීස් හා සියේරා නොවායා දක්වා මුහුදුකරයේ ඇති ගුහා.

ශී‍්‍ර ලංකාව තුළ මෙසේ ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් හමුවන ගුහා අතර,
  •       තන්තිරිමලේ ගුහා චිත‍්‍ර

  •        බිල්ලෑව ගුහා චිත‍්‍ර

  •        නැව්ගල ගුහා චිත‍්‍ර

  •        කදුරුපොකුණ ගුහා චිත‍්‍ර

  •         ආ`ඩියාගල ගුහා චිත‍්‍ර

  •        කෑගල්ල දොරවක ලෙන

  •         දිඹුලාගල ගුහා චිත‍්‍ර
යනාදී ගුහාවන් වේ.

ප‍්‍රාග් මානවයන්හට මෙලෙස මෙම ගුහා තුළ සිතුවම් නිර්මාණයට ප‍්‍රධානතම සාධක දෙකක් හේතු වූ බව පැහැදිලි වේ. එනම්,
  •        දඩයම
  •         ඇදහිලි හා විශ්වාස
ඇ`දහිලි විශ්වාසයන් පිළිබ`ද විමසා බැලීමේදී,

      ඔවුනට නිතර නෙත ගැටෙන සතුන්ගේ රූ ගල් ගුහාවල සිත්තම් කල විට වැඩි වශයෙන් එම සතුන් දඩයමට හසු වේය”

යන විශ්වාසය වැදගත් වේ. එමෙන්ම ,

”      තමන්හට අනතුරුදායක සතුන් අ`දිනු ලැබීමෙන් එසේ සිදුවන අනතුරු අඩු වන බව”

 විශ්වාස කරමින් චිත‍්‍ර අ`දිනු ලැබීය. තවද

      සත්ත්වයින් මරා ලද ජයග‍්‍රණයන්හි සතුට සැමරීමට”

 ද මෙසේ සිත්තම් කළ බව අදහසකි.

මොවුන් මෙම සිතුවම් නිර්මාණය කිරීමේදී යම් ක‍්‍රමවේදයක් අනුගමනය කරනු ලැබිණි. එහිදී ගල් ගුහා බිත්ති පුරා ගස් , කොළ, පොතු හා ගෙඩිවල යුෂ ගෙන චිත‍්‍ර ඇ`ද ඇති අතර සත්ව ලේ තවරමින් ද චිත‍්‍ර නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි.

මේ ආකාරයෙන් අ`දින ලද චිත‍්‍ර නිර්මාණ තුලින් සාම්ප‍්‍රදායික සන්නිවේදනය වූ ආකාරයක් දැකගත හැකිය. ”ප‍්‍රධානවම ආදි මානවයාගේ සමාජ පැවැත්ම පිළිබ`ද සන්නිවේදනයක් මෙම සිත්තම් තුලින් නිරූපණය කෙරේ.”




ආදි මානවයා දඩයමේ යෙදුනු අයුරු දැක්වෙන රූප , සතුන්ට ඊතල විදින ආකාරය, සතුන් සම`ග පොර බදින ආකාරයඇ`ද ඇති සිතුවම් ඊට කදිම නිදසුන් වේ. විශේෂයෙන් ඔවුන් ආහාර සපයා ගනුයේ කෙසේද? , ඒ ස`දහා යොදන උපක‍්‍රම මොනවාද ? ආහාරයට ගනුයේ කුමන වර්ගයන්හි සත්ත්වයන්ද ? සතුන් ආහාරයට ගනුයේ අමුවෙන්ද නැතිනම් පුළුස්සා ද ? යන්න සත්ත්වයින් මැරීම ස`දහා යොදා ගන්නා ආයුධ වර්ගයන්හි සිතුවම් මේවායෙහි සිත්තම් කිරීම තුළින් තම සමාජ ජීවිකාව කෙසේ සකසා ගත්තේදැයි පැහැදිලි වේ.

”      මොවුන්ගේ ආගමික පිළිවෙත් පිළිබ`ද සන්නිවේදනයක් ” මෙම චිත‍්‍ර තුලින් නිරූපිතය. නිදසුන් ලෙස,ගිණිගොඩවල් වටේ නටනා මිනිසුන් දක්වමින් අදින ලද චිත‍්‍රය පෙන්වාදිය හැකිය.

තවද, චලනය පිළිබ`ද සන්නිවේදනය කළ බවට අල්ටමීරා ගුහා චිත‍්‍රයක් සාක්ෂි දරයි. ඒ අනුව , ඇතැම් සත්ත්වයන්ගේ පාද 08 ක් දක්වමින් ඇ`ද ඇති සිතුවම නිදසුන් ලෙස පෙන්වාදීමට පුලූවන. වර්තමානය තුලදී චලනය යන සංකල්පය ඉස්මතු කරලීමට මෙම ගුහා චිත‍්‍ර හේතු වූ බව පැවසේ.

    සාම්ප‍්‍රදායික සන්නිවේදනාර්ථයන් අතර ප‍්‍රාග් ඓතිහාසික මානවයා සත්ත්වයින් මරා අනුභවයට ගත්තද ඔවුන් ද මිනිසුන් බව සන්නිවේදනය කරන්නා වූ සන්නිවේදනාර්ථයන් ලෙස චිත‍්‍රය භාවිතා කර ඇත. තවද කණ්ඩායම් හැ`ගීම මිනිසුන් වශයෙන් ඔවුන් තුල පැවති බවට ද එම චිත‍්‍රයන් සාක්ෂි දරයි.

නිද: විවිධ ඉරියව්වලින් හා තනි මිනිසුන් හා රංචු ගැසී සිටින මිනිසුන් දැක්වෙන සිතුවම් ( බිල්ලෑව සිතුවම් අතර ඇ`දි මිනිසුන් කණ්ඩායමක් ලෙස සිටින සිතුවම)

 ඔවුන් තුල කෙළෙහි ගුණ සැලකීම, ආදරය කරුණාව ද පැවති බවට වන සන්නිවේදනාර්තයන්ද මෙම චිත‍්‍ර තුල අඩංගු වේ.

නිද: බිල්ලෑව, කදුරු පොකුණ , පිහිල්ලගොඩගල්ලේ, තන්තිරිමලේ ආදී ගුහාවන්හි ද සතුන් සම`ග සිටින මිනිසුන් ඇ`ද ඇති සිතුවම්.

         මේ ආකාරයෙන් ප‍්‍රාග් මානවයා සිත්තම් කරනු ලැබූ චිත‍්‍ර තුලින් ඔවුන්ගේ ජීවන රටා ,සමාජ පරිසරය, ආගමික ඇදහිලි විශ්වාස පිළිබ`ද සන්නිවේදනය කර ඇති බව පැහැදිලි වේ. විශේෂයෙන් ස`දහන් කල යුතු කාරණය නම් ඔවුන් හට නිශ්චිත භාෂාවක් නොතිබූ හෙයින් ඒ සදහා විවිධ සංකේත භාවිත කළ බවයි. මෙය පසුකාලීනව අක්ෂර කලාව වර්ධනය වීමට හේතු වූ බවද ස`දහන් කල යුතුය.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දැනුමට වැදගත්..ස්තූතියි..උදාහරණ රූප සහිතව ලිව්වා නම් තවත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ..idiriyta e adahasa watinawa mata

      Delete