Monday, July 22, 2019
පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග
හැඳින්වීම
සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. ඒ නිසා මේ සියල්ලම අතර එකිනෙකට අන්‍යෝන්‍ය වූ සම්බන්ධතාවයක් ඇත. පරිසරය හා සෞඛ්‍ය අතර ද එවැනිම සබධතාවක් ඇත. මා මෙම නිබන්දනය තුළින් බලාපොරොත්තු වන්නේ එම සම්බන්ධතාවය නොව වර්තමානයේ ඇති වී තිබෙන පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් පිළිබදවය.
පරිසරය පිළිබදව කතා කිරීමේදී පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධය කතා නොකරම බැරි ය. මන්ද එම සම්බන්ධතාවය නිසා මිනිසා ලබන ප්‍රයෝජන බොහෝ ය. ඒ නිසා මා මෙහිදී පළමුවෙන් ම ඒ පිළිබදව හඳුන්වා දී ඇති අතර ඉන් පසුව පරිසරයත් සෞඛ්‍යත් අතර ඇති සම්බන්ධය විග්‍රහ කරමින් ඇගයීමක් කර ඇත.
අප වර්තමානය පිළිබඳව කතා කරද්දී අතීතය පිළිබඳව අමතක කළ නොහැකි ය. ඒ නිසා අතීතය තුළ පාරිසරික ගැටලු ඇති වූ ආකාරය ලඑයට හේතු , එය වළක්වා ගත්තේ කෙසේ ද වගේම ඒකට ඇති වූ සෞඛ්‍ය අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබේ. රජ පරම්පරාවේ සිට සුනාමි තත්වයල කුරිරු යුද්ධය ආදී පාරිසරික ගැටලු මෙන් ම වසංගත රෝග :වසූරිය ,මැලේරියා * ව්‍යාප්තිය පිළිබඳව ද එහිදී විග්‍රහ කෙරේ.
මීළඟ පරිච්ඡේද තුළින් වර්තමානය තුළ මුහුණ දෙන එම පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයන් මොනවා ද රෑ ඒවාට මිනිසා මුහුණ දෙන්නේ කෙසේ ද? යන්න විග්‍රහ කෙරේ. නාය යාම්, ගං වතුර, කුණු කඳු ප්‍රශ්න , වන රක්ෂිත විනාශ කිරීම නිසා ඇති වූ ගැටලු, මෙන්ම වසංගත රෝගල සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රජයේ බලධාරින්ගේ ඇති දුර්වලතාල සෞඛ්‍ය ක්ෂේත්‍රය බිද වැටී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳවද භාවිතය, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීයකරණය ආදී ක්‍රමයන් අනුගමනය කරමින් ගැටලු අවම කරන්නේ කෙසේ ද යන්න පිළිබදවද විග්‍රහ කෙරේ .
මෙම ගැටලු අවම කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මා මෙහි සාකච්ඡා කරන්නෙමි. එහි දී නීතිල රෙගුලාසි ල විවිධ ප්‍රතිපත්තීන් ගැටලු අවම කිරීමට සකසා තිබෙන අයුරු දක්වා තිබේ.
අවසන් වශයෙන් මෙම ගැටලු අවම කිරීම තුළින් යහපත් සමාජ පරිසරයක් ගොඩනැගෙන ආකාරය පිළබඳව සාකච්ඡා කරන අතර නිඟමන මඟින් මෙහි ඇති දුර්වලතා මඟ හරවාගෙන ගත හැකි නව ක්‍රියාමාර්ග සඳහා මාගේ යෝජනා ද ඉදිරිපත් කරමින් සාර්ථක නිබන්දනයක් කිරීමට බලාපොරොත්තු වෙමි.
......................................................................................
පටුන
හැඳින්වීම
01.පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය
02.පරිසරය හා සෞඛ්‍ය අතර පවතින සම්බන්ධය
03.අතීතයේ ඇති වූ පරිසර ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග
04. වර්තමානය වන විට ඇති වී තිබෙන පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග
05. පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා වර්තමාන සමාජය මුහුණ දෙන්නේ කෙසේ දරෑ
06. එම ගැටලු අවම කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග
06ග01ග පාරිසරික ගැටලු ජය ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර
06ග02ගසෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති
පියවර
07. ගැටලු අවම කිරීම තුළින් මිනිසා ලබන ප්‍රයෝජන
01.පරිසරය හා මිනිසා අතර ඇති සම්බන්ධය
දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම ල වැලි කඳුළුවලින් පිරි සෑම වෙරලක්ම ල අඳුරු වන ගැබ තුළවන සෑම මීඳුම් වළාවක්ම ලසෑම එළිමහනක්ම ල ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන් ට නම් පූජනීය මතකය සහ අත්දැකීම වෙතිග තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයිග "සියැටල් 1854"
ජීව අජීව යන දෙකොටසින් සමන්විත වූ ලොව පවත්නා වස්තූන් අතරින් වැදගත්ම වස්තුව ලෙස පරිසරය දැක්වීමට පුළුවන . මිනිසා ලොව පහල වීමටත් ප්‍රථම ලොව තුළ පැවතුණි.මිනිසා උපත ලැබුවේ ද මේ පරිසරය තුළම ය. එසේනම් මේ පරිසරය යනු කුමක් ද රෑ මිනිසා වටා ඇති සියළුම භෞතික අභෞතික දෑ පරිසරය ලෙස සරලව හඳුන්වනු ලැබේ. ඒ අනුව මිනිසාගේ සෑම ක්‍රියාවක් සඳහාම පරිසරය බලපාන බව සඳහන් කළ හැකි ය.
මිනිසා පාරිසරික නිර්මාණයකිග එබැවින් අද වනවිට පරිසරය විනාශ වෙමින් පවතින අතර එය ආරක්ෂා කර ගැනීමට මිනිසා කටයුතු කළ යුතු යග මිනිසා මහ පොළවට අයිති වුව ත් මහ පොළව මිනිසාට අයිති නොවන බව සියැටල් ප්‍රකාශ කර ඇත ග භෞතික අභෞතික සියල්ල පරිසරය වනබව පෙර සඳහන් කළහ. ඒ අනුව, සමාජමය පරිසරය තුළ,
දේශගුණික පරිසරය
ආර්ථික පරිසරය
දේශපාලන පරිසරය
ආගමික පරිසරය
භූ විද්‍යාත්මක පරිසරය
සංස්කෘතික පරිසරය
ජීව විද්‍යාත්මක පරිසරය
වායුගෝලීය පරිසරය
ආදී වශයෙන් විවිධ වූ පරිසරයන් දැකගත හැකි යග මේ සෑම පරිසරයක් හා මිනිසා අනිවාර්ය වූ ලෙස බැඳී පවතීගඉන් වෙන්වීමට ඔවුන්ට නොහැක.
මෙලොව තුළ ජීවත්වන මිනිසා උපත ලැබීමේ සිට මරණය දක්වාත් ඉන් පසුවත් කරන සෑම ක්‍රියාවකටම පරිසරය බලපානු ලබයිග ඒ පරිසරය හා මිනිසා අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාවය නිසාවෙනිග මිනිසා ජීවත්වීම සඳහා කටයුතු කිරීමේදී පරිසරය හා ගැටීමට සිදු වේග වාසස්ථාන නිර්මාණය කර ගැනීමට, වාසස්ථාන නිර්මාණය කර ගැනීමට , ආහාරපාන ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමට ආදී කාලීන මිනිසා භාවිතා කර නු ලැබුවේ ස්වභාවික පරිසරයේ වස්තූන් ය.
ගස් වැල් ,ගල් ගුහා භාවිතා කරමින් වන සතුන්, ගස් වැල්, ගෙඩි කොළ, අතු ආදිය භාවිතයට ගනිමින් එකල මිනිසා පරිසරය හා බැඳී සිටියහ.විශේෂයෙන් මිනිසා ගංගා නිම්න ආශ්‍රිත වූ අලංකාරවත් පරිසර ආශ්‍රිතව ජීවත් වූ බව සඳහන් වේ. කාලයාගේ වර්ධනයත් සමඟ නව සොයා ගැනීම් හරහා නව තාක්ෂණය දියුණු වෙමින් ඒ හා බැඳුණු තනාගන්නා ලද කෘතිම පරිසරයක් නිර්මාණය විය. විද්‍යාත්මක වස්තූන් හා බැඳුණු භෞතික පරිසරය වැඩි වශයෙන් නිර්මාණය වන්නට වියග නමුත් එය සමඟද මිනිසා ගනුදෙනු කරන්නට වූයේ එය හා ඔවුන්ගේ ඇති සබඳතාවය නිසාවෙනිග එහෙත් එය ස්වභාවික පරිසරය තරම් සුන්දර වූවක් නොවේ.
ඉපඳුනු පරිසරය අනුව පුද්ගලයා වෙනස්වන බව අප දෙසවනට ඇසී ඇති වාර අනන්තයග ඒ අනුව එක් එක් පරිසර වටපිටාවන් අපට දැකගත හැකි යග මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවන් අනුව එම වටපිටාව වෙනස්වනු බොහෝදුරට අපට දැකගත හැකි යග මිනිසා සහ පරිසරය අතර ඉතා සමීප අන්තර් සබඳතාවක් පැවතියත් පරිසරය නොමැතිව පුද්ගලයාට ජීවත් විය නොහැකි වුවත් මිනිසා පරිසරය විනාශ කිරීම ද සිදු කරයිග කෙසේ නමුත් පරිසරය හා මිනිසා අතර ඉතා සමීප සබඳතාවක් පුද්ගල දිවිය පටන් ගත් දා සිටම පැවති බව සඳහන් කළ යුතුය.
එම සම්බන්ධය නිසාවෙන් මිනිසාට බොහෝ දෑ හිමි විය.තිරසර සංවර්ධනයක් ගොඩනැගීම සඳහා පරිසරය අත්‍යවශ්‍ය වේග තිරසර සංවර්ධනය යනු ආර්ථික සමාජීය හා විශේෂයෙන් පාරිසරික පැතිකඩක් අඩංගු සංවර්ධනයක් වේග තිරසර සංවර්ධනය උදෙසා පාරිසරික පැතිකඩ ඉතා වැදගත් වේග වර්තමානයේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කොට අනාගත පරපුර උදෙසා සම්පත් ලබා දිය යුතු වේග ඒ සඳහා පාරිසරික සම්පත් ඵලදායිතාවයකින් යුක්තව උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කළ යුතු වේ.
ආහාර, ඇඳුම් පැළඳුම්, ජලය, වාතය, වාසස්ථාන, ආදී වූ මිනිසාගේ මෙන් ම සත්වයින්ගේ ද අත්‍යවශ්‍ය මූලිකාංග ලබා දෙනුයේ පරිසරයයිග ගස් වැල් විනාශ කළහොත්ල ගංගා ඇළ දොළ අපවිත්‍ර කළහොත් ස්වභාවික පරිසරය මෙන් ම සත්ව පරිසරය ද විනාශයට පත්වන අතර පුද්ගලයා විවිධ වූ ආභාදයන්ට ගොදුරු වේග තමා වටා ඇති යහපත් පරිසරය නිසාවෙන් යහපත් මානසිකත්වයක් ඇති පුද්ගලයන් පිරිසක් ද බිහි වේග පෙර කියූ පරිදි ආර්ථික පරිසරය ශක්තිමත් වීමට මෙන් ම පුද්ගල ජීවිතය සාර්ථක වීමට ද පරිසරය බලපායි.විශේෂයෙන් පුද්ගල දිවිය ආරක්ෂා කරලීමට පරිසරික සාධක විශාල වශයෙන් හේතු වේග මේ ආකාරයට මූලික අවශ්‍යතාවයන් ඇතුළු බොහෝ දෑ පරිසරික සාධක නිසාවෙන් මිනිසාට හිමි විය.
02.පරිසරය හා සෞඛ්‍ය අතර පවතින සම්බන්ධය
පරිසරය මෙන් ම සෞඛ්‍ය ද අපට එක හා සමානව වැදගත් වේග
පරිසරය රැකේනම් සෞඛ්‍ය ද රැකෙන අතර පරිසරික ගැටලු නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද ගැටලු ඇති වේ.
පරිසරය තුළ කුමන හෝ විපර්යාසයක් සිදු වුවහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ද වෙනසක් ඇති කිරීමට සමත් වේ.තදබල වර්ෂාවක් ඇති වුවහොත් ඉන් ගම් බිම් විනාශ වී ජලය විවිධ ස්ථානවල රැදෙමින් විවිධ
රෝගාබාධ ඇති කරලීමට මූලික වේග එමෙන්ම සුළි සුළගක්ල භූමි කම්පාවක්ල නාය යාමක් ඇති වුවහොත්නි වාස භූමි අවතැන් වී එතුලින් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට පත් වේ.
විශේෂයෙන් පරිසරය තුළ පවතින බොහෝ ගස්වැල් තුළින්
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඖෂධ නිපදවීම සිදු කරනු ලැබේග එමෙන්ම දේශීය ආයුර්වේද ශාස්ත්‍රය තුළ ස්වභාවික පරිසරය තුළ පවතින බොහෝ සාධක උපයෝගී කර ගනිමින් ප්‍රතිකාර කිරීම් සිදු කරනු ලැබේග මිනිසා ඔක්සිජන් වායුව ලබාගන්නේත් ඒ තුළින් යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කර ගනු ලබන්නේත් මෙම පරිසරය හා සෞඛ්‍ය අතර පවතින සබඳතාවය නිසාවෙනිග නාගරීකරණයත් සමඟ පරිසරය හා සෞඛ්‍ය අතර පවතින සබඳතාවයක් පැවතියද එය අයහපත් තත්වයක් දැකගන්නට ලැබුණු බව ද සඳහන් කළ යුතු ය.
03.අතීතයේ ඇති වූ පරිසර ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග
පරිසරය මිනිසාට අත්‍යවශ්‍ය සම්පතක් වුව ද එහි විවිධ ගැටලු ඇති වී තිබේග එය අතීතයේ පටන් පැවති බව අපට අසන්නට දකින්නට ලැබී ඇතග අතීතයේ සිටි රජවරු සිටුවරු වැව් අමුණු සාදා රට ස්වයංපෝෂිත තත්වයට පත් කළ හග ඒ තුළින් පරිසරය ආරක්ෂා වී මිනිසාගේ සෞඛ්‍ය තත්වය ද ආරක්ෂාකාරී තත්වයට පත් කරනු ලැබී යග එහෙත් අප රට තුළ විවිධ වූ රෝගයන් පැතිරීම ද මෙකල දැකගත හැකි වියග වසූරියා රෝගයල මැලේරියා වසංගතය වගේම බැමිණිතියා නියං සාගතය ආදිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුළුල් අභියෝගයක් කරන්නට වියග එකල තිබූ පාරිසරික ගැටලු පුළුල් ලෙස මෙයට හේතු විය.
අතීතයේ ඇති වූ පාරිසරික ගැටලු අතර අප රජවරු තැනූ වැව් අමුණු විදේශීය ආක්‍රමණිකයන් විනාශ කර දැමීම නිසා ඇති වූ ගැටලු දැක්විය හැකි යග එමෙන්ම ඔවුන් මෙරට තිබූ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිද දමා වතු වගාවල රබර් වගාව ආදිය මෙරට තුළ ඇති කරන්නට වියග වතු වගාව තුළින් එම ප්‍රදේශයේ පස නිසරු වේග මන්ද තේ වගාව සඳහා පසෙහි සියලු පොහොර ලබා ගන්නා අතර එම පසෙහි වෙනත් කිසිඳු වගාවක් සිදු කළ නොහැකි වේග එමෙන්ම ඒ තුළින් පස බුරුල් වී ගොස් නාය යාම් වැනි පාරිසරික ගැටලු ඇති වේග ඉන් පසු මිනිසුන්ට විවිධ සෞඛ්‍ය අභියෝගයන්ට ද මුහුණ දීමට සිදු වේග එමෙන්ම ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ වැටීමට ලක් වීමත් සමඟ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වන්නට වියග එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය නිෂ්පාදන මෙරටට ගෙන්වන්නට වියග නාගරීකරණය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ මෙරට තිබූ ගස් කපා දමා පාරවල් ගොඩනගන්නට විය. වාහන නිෂ්පාදනයල විවිධ කර්මාන්ත බිහි වීම තුළින් වායුගෝලය දූෂණය වෙමින් අයහපත් පරිසර තත්වයන් නිර්මාණය වියග එයින් පුද්ගලයා ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයට විවිධ වායු එක් වී ඔවුන්ට සෞඛ්‍ය අභීයෝගයන් ට මුහුණ දීමට සිදු විය.
මෙම ඈත කාලීන අතීතය තුළ මෙන් ම මෑත කාලීන අතීතය එනම් 2004 වර්ෂයේ දී මුහුණ දීමට සිදු වූ දරුණුතම පාරිසරික ගැටලුව වූවේ සුනාමි ව්‍යසනයයිග ශ්‍රී ලාංකිකයන් 2 25 000කට අධික පිරිසකට ජීවිත අහිමි කළ අතර 20 000කට අධික පිරිසකට තුවාල සිදු වූ ව්‍යසනයක් වියග නිවාස 1 00 000ක් ද විනාශ වූ අතර විශාල පාරිසරික හානි රැසක් සිදු වියග මේ නිසා රට තුළ ඇති වූ වසංගත රෝගද බහුල වන්නට වියග රෝහල් ඇතුලු විවිධ වෛද්‍යායතන මෙන්ම ඖෂධ මේ නිසා විනාශයට පත් විය. එතුළින් විශාල සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීමට සිදු වියග මේ ආකාරයට අතීතයේ පාරිසරික ගැටලු මෙන් ම තිස් අවුරුදු යුද්ධය තුළින් ද විශාල පාරිසරික ගැටලු මෙන් ම සෞඛ්‍ය අභියෝගයන්ටද මුහුණ දීමට සිදු වියග වායු දූෂණලජල දූෂණ ආදිය දැකගත හැකි වියග මේ ආකාරයට අතීතයේ පාරිසරික ගැටලු මෙන්ම සෞඛ්‍ය අභියෝගයන්ටද මුහුණ දීමට සිදු වූ ආකාරය පෙන්වා දිය හැකි ය.
04වර්තමානය වනවිට ඇති වී තිබෙන පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග
"‘ ඔබ මේ අහස් තලයල පොළවෙන් නඟින උණුසුම මිලදී ගන්නේ කෙසේද මේ අදහස අපටනම් විකාරයකිග සුළගේ නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේනම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙස ද?
සියැටල් මෙසේ විමසූයේ තම පරිසරය කුමණ හෝ දෙයක් සඳහා මිළට ගනු ලැබීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී යග අතීතයේදී මෙවන් පාරිසරික ගැටලු ද පැන නැඟුණු බව සාහිත්‍ය තුළින් අපට දැනගන්නට ලැබේග මේ ආකාරයට අතීතයේ මෙන්ම වර්තමානය තුළ ද පාරිසරික ගැටලු ඇති වී ඇතග එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයන් ද පැන නැඟිණි.
නාගරීකරණයල කාර්මීකරණයල නව තාක්ෂණයේ විවිධ සොයා ගැනීම් ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් ද ල විවිධ දේශගුණික හා භූගෝලීය සාධකයන් නිසාවෙන් ද පාරිසරික ගැටලු ඇතිවීම දැකගත හැකි යග පාරිසරික ගැටලු ඇති වීම කෙරෙහි,
වායු දූෂණය
ජල දූෂණය
ගොඩබිම් දූෂණය
ශබ්ද දූෂණය
සංස්කෘතික හා සමාජ දූෂණය
යනාදිය හේතුවන බව දැක්විය හැකි යග මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවට ජීවත්වීමට මෙන්ම අප අවට ඇති පරිසරයේ පැවැත්ම ද යහපත් වායු පරිසරයක් අවශ්‍යමයග අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයිග මෙම වායුගෝලය තුළ විවිධ වායු පවතින බව විද්‍යාත්මකව ඔප්පු වී ඇතග කාබන්ඩයොක්ඩ්, සල්පර් ඔක්සිජන්, වායු මේ අතර කිහිපයක් වේ. වායුගෝලීය තුල්‍යතාවය බිඳ වැටෙමින් ඝන අංශු වර්ග වායුගෝලයට නිදහස් වීම නිසා වායුගෝලය දූෂණයට පත් වේ.
කාබන්මොනොක්සයිඩ් දැව හා ඉන්ධන අර්ධ දහනය වීම නිසා සතුන්ගේ වායු සංසරණයට බාධා ඇති වේ.
කාබන්ඩයොක්සයිඩ් ඉන්ධන දහනයලපෙට්‍රල්ල භූමිතෙල්ල ගල් අඟුරුල හරිතාගාර වායුවක් නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යයි.
සල්ෆර්ඩයොක්සයිඩ් ඉන්ධන දහනයල ගල් අඟුරු දහනයවන විෂ වායුවක් වන අතර ඉන් ස්වසන ආබාධලඅධික දුර්ගන්ධයල අම්ල වර්ෂා ඇති කරනු ලබයි.
දූවිලි අංශුල රථවාහන ධාවනයල කලුගල් පිපිරවීම ස්වසන ආබාධ ඇති කරයි.
ඊයම් අංශුල ඊයම් සහිත පෙට්‍රල් දහනය පිළිකා ඇති කරනු ලබයි.
මීට අමතරවල අධික කාර්මීකරණයල රථවාහන භාවිතය අධික වීම නිසා වායුගෝලය දූෂණය වීම හරහා පාරිසරික ගැටලු ඇති වේ.
ජල දූෂණය තුළින්ද පාරිසරික ගැටලු ඇති වේ. එහිදී,
කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතු වීම.
නිදසුන් : පොළොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝග ව්‍යාප්ත වීම.
කර්මාන්තශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ගවලට යොමු කිරිම.
තෙත්බිම්වල කුණු කසල පිරවීම නිසා ජල දූෂණය වේ.
කාබනික අපද්‍රව්‍ය ජලයට එක්වීම.
පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එක්වීම.
රෝග කාරක විෂබීජ එකතු වීම
නිදසුන් ථයුධ සමයේ ජලයට විෂ මිශ්‍ර වීම.
කඳු හා උස්බිම් සෝදා පාලුව නිසා ජලය බොර වීම ඉහළ යාම.
හදිසි අනතුරු නිසා
නිදසුන් : වරායන් අවට තෙල් නැව්වලින් සිදුවන අනතුරු
මේ හේතූන් තුළින් ජල දූෂණය සිදු වේග ඒ හරහා ඇති වන සෞඛ්‍ය ගැටලු බොහොමයක් හඳුනාගත හැකිය.
නිසි ජල සැපයුමක් නොමැති වීමල පිරිසිදු පානීය ජලය නොමැති වීම.
ලෙඩ රෝග ඇති වීම.
මිනිසුන්ගේ අව්‍යතාවලට යොදා ගැනීමට නොහැකි වීම.
ගංගාවල අහිතකර ජලය නිසා උදරාබාධ රෝග ඇති වීම.
නිදසුන් ථ වසරකට මිලියන පහක් පමණ ජනතාවක් මිය යයි
මත්ස්‍යන් විනාශ වීම.
ජලාශවලින් ලැබෙන මත්ස්‍ය ආහාර භාවිතයට නුසුදුසු වීම.
පාරිසරික ගැටලු සඳහා ගොඩබිම් දූෂණය ද හේතු වේග මෙහිදී,
පාංශු ඛාදනය
දිරා නොයන කොටස් පරිසරයට එකතු වීමග
කැටායන හුවමාරුව බිඳ වැටීම.
විෂ රසායන පසේ එක්රැස් වීම.
පොලිතීන්ල ප්ලාස්ටික් වැනි දිරා නොයන කොටස් පසට එකතු වීම.
ආදී වූ හේතු නිසා ගොඩබිම් දූෂණය වන අතර
විෂ රසායනික ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම.
නියං කාලවලදී ජල උල්පත් සිඳී යාම නිසා ජල හිඟයක් ඇති වීම.
පස තුළට අපද්‍රව්‍ය එකතු වීම නිසා පාංශු ජීවීන් විනාශ වීම.
යනාදී පරිසර ගැටලු ඇති වේ.
වර්තමානය තුළ විශාල වශයෙන් ශබ්ද දූෂණය සිදු වේ.
කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරීත්වය.
වාහන අධික වීම.
යුධමය තත්වයන් තුළ දී ඇති වන්නා වූ ශබ්දය.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නිසා.
ඇති වන ශබ්ද දූෂණය පාරිසරික ගැටලු සඳහා හේතු වේ.
තවත් පාරිසරික ගැටලුවක් වනුයේ වෙරළ දූෂණය වීමයිග වෙරළ තීරයේ කුණු කසල බැහැර කිරීමල කොරල් පර විනාශ කිරීමල අනවසර ඉදිකිරීම් ඇති කිරීම ආදිය නිසා වෙරළ තීරය දූෂණය වේ. එසේම ,
විෂ හෝ අපද්‍රව්‍ය ප්‍රමතින් ඉක්මවා යාම නිසා ලෙඩ රෝග ඇති වීම.
ගංවතුර තර්ජන ඇති වීම.
මත්ස්‍යන්ට අනතුරු සිදු වීම හා එමඟින් මිනිසුන්ගේ ආහාරවලට වෂවිෂ එකතු වීම.
භූගත ජල සම්පත අඩු වීම.
නව ඇළ මර්ග තැනීම නිසා පසෙහි ලවණතාවය වැඩි වීම.
කොරල්පර විනාශ වීම තුළින් වෙරළ ඛාදනය ඉහල යාම මෙන්ම වෙරළේ ඇති සුන්දරත්වය නැති වී ඒ හරහා රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම.
ආදී පාරිසරික ගැටලු රැසක් ඇති වේගවත්මන් ශ්‍රී ලංකාව තුළ පාරිසරික ගැටලු මෙන්ම මුහුණපාන විශාතම ගැටලුවක් වනුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයන්යග එම අභියෝගයන් පහත ආකාරයෙන් දැක්විය හැකි ය.
01.වසංගත රෝග ව්‍යාප්ත වීමේ වර්ධනය ඉහළ යාම.
02.විශාල රාජ්‍ය පිරිවැයක් අපතේ යාම.
03. පිරිස් කළමනාකරණයේ පවතින දුර්වලතා.
04.ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොමැති වීම.
05.ජනගහනයට සරිලන ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති වීම.
06.රජයේ රෝහල්වලට වඩා පෞද්ගලික වෛද්‍යායතන පිහිටුවා ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කිරීම.
07. වෛද්‍ය සේවාවේ සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ග.
08.වෛද්‍ය සේවයේ පිරිස් අතර සිදුවන මත ගැටුම්.
09.වෛද්‍ය සේවයට වන දේශපාලන බලපෑම.
10.රටට ප්‍රමාණවත් තරම් රෝහල් පද්ධතියක් නොමැති වීම.
11.රජයේ සෞඛ්‍ය සේවය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම.
1.පැවැත්ම පිළිබඳ අභියෝග.
13. ශිෂ්ඨසම්පන්න භාවයේ පවතින අභියෝග.
14.ආර්ථික අභියෝග.
05.පරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා වර්තමාන සමාජය මුහුණ දෙන්නේ කෙසේ ද?
පසුගිය දිනවල පුවත්පත් රූපවාහිනී ඇතුළු නව මාධ්‍ය තුළ අසන්නට දකින්නට ලැබුනේ පාරිසරික ගැටලු නිසා මිනිසා මුහුණ දුන් අකරතැබ්බයන් පිළිබඳවයග රටේ එක් පලාතක් ගං වතුර ආපදාවට ලක් වන විට තවත් පලාතක් නියඟයෙන් විපාක විඳීග ඒ අනුව මෑත කාලිනව ඇති වූ පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයන්ට සමාජය මුහුණ දෙන්නේ කෙසේ ද යන්න මෙහිදී විමසා බලනු ලැබේ.
මෑත කාලීනව ඇති වූ පාරිසරික ගැටලුවක් ලෙස කුණු කසල ගැටලු දැක්විය හැකි ය. විශේෂයෙන් මීතොටමුල්ල කුණු කන්ද නිසා ගොඩනැඟුණු ප්‍රශ්ණ ඉතාමත් ඛේදජනක වේග 1989 කාලයේ සිට මීතොටමුල්ලට කුණු දැමීම ආරම්භ කළ හග එහෙත් එම ප්‍රදේශය කැළණි ගංගා නිම්නයේ ජල ගැලීම් පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල් යායකිගමේ ආකාරයෙන් ආරම්භ වූ මෙය 2009 වසරේ මහා පරිමාණයෙන් සිදු කරන්නට වූයේ බ්ලූමැන්ඩල්හි කුණු දැමීම තහනම් වූ නිසාවෙනිග අක්කර දෙකකින් කුණු දැමීම ආරම්භ කළ මෙහි 2015 වසරවන විට අක්කර 19ක් පුරා පැතිර ගිය මීටර් 300කට වඩා උස විශාල කුණු කන්දක් බවට පත් වියග දිනකට කුණු ටොන් 1250කට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ අවටින් ගෙනවිත් දමනු ලබයි. මේ හේතුවෙන් භූ ගත ජලය දූෂණය වීමේ සිට නොයෙක් පරිසර ගැටලු මේ ප්‍රදේශයේ ඇති වන්නට වියග තවද කොළඹ නගර සභාවට පමණක් කුණු දැමීමට අවසර ලැබුනත් බියගමල කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල විෂ සහිත කුණු කප්පම් ගෙවා මේ ස්ථානයට බහාලීය.
මේ විෂ නිසා තවත් හානි සිදු වියග මීතොටමුල්ල පමණක් නොව කිරිඳිවෙලල මුතුරාජවෙලල කරදියාන යන ප්‍රදේශ ද කුණු දමා රට පුරා ජනතාව කුණු කඳුවලට බිලි දෙන ආකාරයේ පාරිසරික ගැටලු ඇති කිරීම සිදු කෙරෙණිග විශේෂයෙන් මෙහිදි කරදියාන කුණු කන්ද බස්නාහිර පලාතේ විශාලම කසළ අංගනය වේග අක්කර තිස්හතක භූමියක පැතිර පවතින මෙයට සාමාන්‍යයෙන් දිනකට නඟර සභා සහ ප්‍රාදේශීය සභා අටකින් මුදා හරින කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සියයක් පමණ වේග මීතොටමුල්ලේ කසළ මෙට්‍රික් ටොන් තුන්සිය පනහ රැඟෙන ඒමත් සමඟ කරදියානට මුදාහැරෙන මුළු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් අටසිය පනහක් පමණ වේග මේ නිසා හඳුනා නොලත් විෂබීජ ඇති පාරිසරික ගැටලු රැසක් ඇති කර අක්කර තිස් හතක් පුරා පැතිරුණු කුණු කන්දක් බවට කරදියාන පත් වී හමාරය.
මෙම කුණු කඳු නිසාවෙන් නායයාම් තත්ව මෙන්ම ගං වතුර තත්වයන් ද ඇති වීම වළක්වාගත නොහැකි වී ඇතගතවද වර්තමානය වන විට ඇති වී තිබෙන තවත් පාරිසරික ගැටලුවක් වන්නේ ගංවතුර තත්වයයිග පසුගිය කාලය පුරාම සමස්ත රට පුරා ගං වතුර තත්වයන් ඇති වියග මේ නිසා මිනිසුන්ට නිවාසල වගාබිම් ඇතුළු දේපළ රථ වාහන ආදී සියළු වස්තූන් අහිමි වී යයිග එමෙන්ම පාරිසරික දූෂණ තත්වයන් ඇති වී පාරිසරික ගැටලු ඇති වේ.
තවත් පාරිසරික ගැටලුවක් වන්නේ නාය යාම් ඇති වීමයිග අරණායක සාමස්තර කන්ද නායයාමල අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදු වූ නායයාම උදාහරණ ලෙස දැක්විය හැකි යග තවද ශාලාව අවි ගබඩාව පුපුරා යාම නිසා අක්කර ගණනාවක් විනාශ විය.
උමා ඔය ජල ව්‍යාපෘතිය තුළින්ද සිදු වූ පාරිසරික බලපෑම අතති විශාලයග පැවති රජය තුළින් ගෙන ආ මෙම යෝජනාව නවත්වන්නට මිනිසුන් විවිධ අවස්ථාවල උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වියග මෙම නිසාවෙන් දැනට නිවාස 7000ක් පමණ ඉරිතලා පුපුරා ගිලා බැස ඇති අතර ලිංල පෝෂක උල්පත්ල දිය කඳුරු 3500ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇතග ඒ වගේම මෙම උමං මාර්ගය නිසාවෙන් විශාල ජලස්කන්දයක් දිනකට අපතේ යයිග ඒ තුළින් නාය යාම් මෙන්ම ගං වතුර තත්වයන්ට මුහුණ දීමට මිනිසාට සිදු වී ඇත.
එමෙන්ම තම ජල ලිං සිඳී යාම නිසා ජල හිඟයකට ද මිනිසුන් මුහුණ දී ඇතග ලංකා ඉතිහාසයේ වැඩිම ලිඛිත විරෝධතා ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබියදීත් මෙම ව්‍යාපෘතිය සඳහා 2012දී රජය පරිසර වාර්ථාවට අනුමැතිය ලබා දී ඇතග එක් ප්‍රදේශයකට ජලය නැතැයි කියා අනෙක් පෙදෙසේ ජලය ගෙන ගිය මුත් ඉන් වන පාරිසරික බලපෑම හා පසු බලපෑම් පිළිබඳව අවධානය යොමු කිරීමට තරම් නූගත් බලධාරීන් කොට්ඨාසයක් මෙරට පාරිසරික ආරක්ෂණ ක්‍රියාවලියේ සිටිත් නම් පාරිසරික හානි වර්ධනය වීම ඉහළ යාම පිළිබඳව තවත් කුමණ කතා දරෑ තම පසුම්බිය පුරවා ගැනීමට තම බලය යොදා ජන ජීවිත බිලිදෙන පාලන ක්‍රමයන් පවත්වා ගැනීමට තව තවත් ක්‍රියා කරන සාමාන්‍ය වැසියන්ට මේ කරුණු හොඳ පාඩමක් කියා දේ.
උමා ඔය මෙන් ම වරාය නගර :ඡදරඑ ක්‍සඑහ * සංවර්ධන ව්‍යාපෘතිය ද මිනිසා ජය ගත යුතු යග එමෙන්ම රජය විසින් පොලිතින් භාවිතය සඳහා විවිධ නීති ප්‍රකාරයක් නිර්මාණය කළ ද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා කසළ කළමණාකරණයේදී ගැටලු ඇති වේග මිනිසා තම භාවිතය නිසි පරිදි කරන්නේ නම් මෙම ගැටලු අවම කරගත හැකියග දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම මෙන් ම නැවත භාවිතා කළ හැකි ද්‍රව්‍ය භාවිතය මෙහි දී වැදගත් වේග අතීතයේ මිනිසා ගමනක් යන විට වතුර බෝතල් ආදිය නිවසේ සිට රැගෙන යයිග නමුත් වර්තමානය තුළ බෝතල් කළ පානීය ජලය තිබෙන නිසා මිනිසුන් ඒ කරා යොමු වී ඇතග බෝතල් නිෂ්පාදනය කරන සමාගම් තම ආර්ථික වාසිය බලනු විනා පරිසර හෝ ජීවිත ආරක්ෂාව ගැන නොසිතයිග එම නිසා ඔවුන් තම නිෂ්පාදනයන් සිදු කිරීමට ඔවුන් තම නිෂ්පාදන සිදු කිරීමට රජයට මුදල් දී හෝ තම කර්මාන්තය සිදු කරගෙන යයිග ලේඛනගත කර්මාන්ත හා කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් පැවතිය ද ඇතැම් කර්මාන්ත එය කිසිදු තැකීමකට ලක් නොකොට රජයට මුදල් දී පරිසරය විනාශ කරනු ලබයි.
උදාහරණථ ඩිප්ඩි ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරිය පිහිටි වෙනිග්‍රොස් සහ තුන්තාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායන ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂණය කළ ජනතාවටඑල්ල කළ පොලිස් මිළිටරි ප්‍රහාරය.
පාරිසරික ගැටලු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා අපද්‍රව්‍ය අවම කිරීම ල අපද්‍රව්‍ය යළි භාවිතය :ඍැමිැ* හා ප්‍රතිචක්‍රීයකරණය යන සංකල්පය ප්‍රතිපත්තියක් ලෙස 2007 වසරේදී පරිසර අමාත්‍යාංශය මඟින් හඳුන්වා දෙනු ලැබීයග මේ ආකාරයට මෙම ක්‍රියා අනුගමනය කිරීම තුළින් පරිසර ගැටලු අවම කරගත හැකි යග එමෙන්නම බලධාරීන්ද තම වගකීම් නිසි පරිදි ඉටු කළ යුතු යග මෙරට සම්පත් චීනයට පවරා දීමක් සිදු කෙරෙන ඡදරඑ ක්‍සඑහ ව්‍යාපෘතිය තුළින් පාරිසරික හානි රැසක් සිදු වේග වෙරළ ඛාදනය මෙන්ම සාගරය ගොඩකිරීම සිදු කරන අතර ඒ සඳහා ගෙන එන විශාල ගල් කුට්ටි බලපත්‍රය ලබා ගැනීමකින් තොරව ගෙන එන බවට සොයා ගෙන ඇතග එමඟින් එම ප්‍රදේශයන් තුළ ජීවත්වීමට ඇති යහපත් පරිසරය විනාශ වී යයි.
මෙම පාරිසරික ගැටලු ඉස්මතු වී ඇත්තේ රජය විසින් විවිධ කාලවලදී ගනු ලැබූ තීරණ නිසාවෙනිග මේ නිසා පීඩා විඳිනුයේ අහිංසක ජනතාවයිග එමෙන්ම සත්ව වර්ගයාටද මින් බරපතල හානි සිදු වේග එමෙන්ම මෙම අභියෝගයන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසාද වන හානිය බොහෝමය.
රජයක් විසින් ගන්නා ලද මෙවන් තීරණ නිසාවෙන් පරිසර හානි සිදු වී ජනතාව පීඩාවට පත් වන්නා සේම ජනතාවට ගත හැකි පියවරයන් නොගන්නා නිසාද පාරිසරික ගැටලු මෙන්ම සෞඛ්‍ය අභියෝගයන් ඇති වේ. විශේෂයෙන් භාවිතය හා ප්‍රතිචක්‍රීයකරණය මඟින් වන හානි වළක්වා ගැනීමට අවකාශ ඇතග මිනිසාගේ ක්‍රියාකාරකම් උදෙසා ගස් වැල් කපා දමා පරිසරය විනාශ කරනු ලබයිග ජනගහනයේ වර්ධනයත් සමඟ ඉහල යන මිනිස් අවශ්‍යතා නිසාත් කාර්මීකරණයේ වර්ධනය නිසාත් මේ පරිසර හානි හා සෞඛ්‍ය ගැටලු ඇති වේ. පසුකාලීනව අපට අසන්නට ලැබුණු කාරණය වූයේ වල්ලපට්ට නම් ගස් විශේෂය සීඝ්‍රයෙන් කපා දැමීම හා හූනන් වර්ගයක් ආලේප කර විදේශයට යවා මුදල් උපයා ගැනීමක් සම්බන්ධවයි.
පාරිසරික ගැටලු සඳහා සමාජය මේ ආකාරයට මුහුණ දෙද්දී අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග සඳහාද සමජය මුහුණ දේග විවිධ ආසාදනල මන්ද පෝෂණය ඇතුළු අතීතයේ සිට පැවත එන රෝගාබාධවලට අමතරව මෑතකදී එකතු වූ ඩෙංගුල උතුරුමැද වකුගඩු රෝගයල දියවැඩියාව, අධි රුධිර පීඩනයල කොලෙස්ටරෝල්හෘදයාබාධ, මානසික ආබාධ, ආසාදනය,පිළිකා, හදිසි අනතුරුල විෂ වීම්ස්වසන ආබාධ, මත්පැන්දුම්වැටි ආදී මත්ද්‍රව්‍ය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, ස්ථුලතාව සහ මන්ද පෝෂණය ඇතුළු පෝෂණ විෂමතා මෙන්ම අන්තර් පුද්ගල ගැටුම් ල විවිධ වෘත්තීන්වල නිරත වන්නන් මුහුණ දෙන වෘත්තීය සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දහස් ගණනක් රෝගී බවට පත් වේ.
වර්තමානය තුළ විශාලම සෞඛ්‍ය අභියෝගය වී ඇත්තේ ඩෙංගු උවදුරයිගඅදවන විට එය අධි වසංගතයක් බවට පත් වීමෙන් ඒ බව මොනවට පැහැදිළි වේග මුල් කාලීනව පිරිසිදු ජලයේ පමණක් ප්‍රාණය ලබන බව පැවසු ඩෙංගු මදුරු කීටයා වර්තමානයවන විට ඕනෑම ජලයක ප්‍රාණය ලබන බව සඳහන් වේග මීට වසර 60කට පෙර ඩෙංගු රෝගය වාර්ථා වී ඇත්තේ රටවල් 09කින් පමණිග එහෙත් 2013වන විට එය රටවල් 100කට අධිකව ව්‍යාප් වී මිලියන 390ක ජනතාවක් එයට ගොදුරු කරගත් බව ලෝක රතු කුරුස වාර්ථාවල සඳහන් වේග ලංකාවේ ඩෙංගු රෝගය විද්‍යාත්මකව තහවුරු කළ වසර ලෙස සඳහන් වන්නේ 1962 වර්ෂයයිග එහෙත් ඩෙංගු වසංගතයක් ලෙස පැතිරුණ යුගය ලෙස සැලකිය හැක්කේ අසූව දශකයේ අග භාගයයි. මුල් කාලීනව නාගරික ප්‍රදේශවල පමණක් ව්‍යාප්ත වූ ඩෙංගු වසංගතය පසුව අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලටත් ව්‍යාප්ත වූහග පසුගිය දිනවල රටේ ඇති වූ වැසිල ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන් මෙම ඩෙංගු මදුරුවන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතු වී ඇත.
සංඛ්‍යා ලේඛනවලට අනුව ,
2013දී ඩෙංගු රෝගීන් 31 860ක් රෝහල් ගත කර ඇති අතර ඉන් 70දෙනෙකුට මරණය උරුම වී ඇතග 2013 වර්ෂයෙන් පසුවද ඩෙංගු ව්‍යාප්තියේ අඩු වීමක් නම් සිදුවනු දැකගත නොහැකි වියග එය පැහැදිළි වනුයේ 2007 වර්ෂයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ දත්ත සටහන් අනුවයග ඒ අනුව මේවන විටල 2017 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් රෝහල්ගත වී ඇති ප්‍රමාණය 70 000 ඉක්මවා ඇති අතර ඉන් 215 දෙනෙකු මරණයට පත් වී ඇති බව වාර්ථා වේග විශේෂයෙන් මෙම වාර්ථා අනුව 2013 වර්ෂයට සාපේක්ෂව ඩෙංගු මරණ 300්‍රකින් ඉහළ ගොස් ඇති බව වාර්ථා වේ.
මේ ආකාරයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා දේශගුණික සාධකයන් මෙන්ම පාරිසරික සාධකද හේතු වේග වර්ෂාවල ගංවතුර තත්වයන් තුළින් හානි ඇතිවන පරිසර තත්වයන් නිසාවෙන්ද මිනිසා පරිසරය පිරිසිදුව තබා නොගැනීම හේතුවෙන්ද ඩෙංගු මදුරුවන් බෝ වීම වර්ධනය වී ඇතගනිවෙස්වල මෙන්ම කර්මාන්තවල කුණු කසළ නිසි පරිදි බැහැර නොකිරීම නිසා මෙම තත්වයන් ඇති වී ඇතග එමෙන්ම නාගරික මිනිසුන් තමන්ගේ නිවසින් එළියට කුණු දමා නිවසේ පිරිසිදුව පමණක් සිතන නිසාවෙන්ද මෙය සිදුවන බව වටහා ගත හැකි යග මේ විවිධ වූ හේතූන් නිසා අදවන විටත් ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දැකගත හැකි ය.
වර්තමානය තුළ මිනිසා මුහුණපාන තවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගයක් වන්නේ තැලසීමියා රෝගය හා වකුගඩු රෝගයයිග තැලසීමියා රෝගය මධ්‍යධරණී ප්‍රදේශයෙන් ආරම්භ වී උතුරු අප්‍රිකාව හරහා මැද පෙරදිගට ව්‍යාප්ත වී ඉන්දියානු අර්ධද්වීපයටත් අනතුරුව ආසියාතික රටවලටත් ඒ අතරින් ලංකාවටත් ව්‍යාප්ත වී ඇතග ශ්‍රී ලංකාවේ සෑම පලාතකින්ම වාගේ මෙම රෝගීන් වාර්ථා වන නමුත් වයඹල උතුරු මැද හා ඌව යන පලාත්වල වැඩි වශයෙන් රෝගීන් සිටින බව වාර්තා වේ.වාරෂිකව රෝගීන් 1 00 000ක් මෙම පිරිසට එකතු වන අතර එම තත්වයන් පාලනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ.
මෙම රෝගය නිසා ශරීර වර්ධනය මද වීමල හිසේ හැඩය අසමාන ලෙස වෙනස් වීමග අස්ථි තුනී වී ශක්තිය අඩුවීමල දරුවන්ගේ අත් පා සිහින් වී ඇවිදීම ද අපහසු වීමග අස්ථි ඉක්මනින් බිඳී යාමල අග්න්‍යාශය මහත් වීම නිසා උදරය අසාමාන්‍ය ලෙස මහත් වීම යනා දී රෝගී තත්වයක් පුද්ගලයන්ට ඇති වේග අද වන විට මේ සඳහා ප්‍රතිකාර කිරීම මහත් වූ අභියෝගයක් වී ඇත.
ශ්‍රී ලංකාව තුළ අනෙක් සෞඛ්‍ය අභියෝගය වී ඇත්තේ වකුගඩු රෝගයට මුහුණ දීමයිග ශ්‍රී ලංකාවේ පලාත් කිහිපයක් පුරා පැතිර ඇති වකුගඩු රෝගය රජරට ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තව ඇතග1993 වර්ෂයේදී වකුගඩු රෝගියෙක් පළමු වතාවට සොයා ගත් අතර මුල් දශකය තුළ ප්‍රදේශයේ ජනතාවගෙන් 02්‍රකට පමණක් වැළඳුනමුත් ඊලඟ දශකය තුළ 15්‍රක් වූ පිරිසකට වැළඳී තිබුණු බව වෛද්‍ය අනුරුද්ධ හෑදෙනිය මහතා ප්‍රකාශ කර ඇතග මෙයට හේතුව වී ඇත්තේ ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන මහතා අවධාරණය කරයිග මෙම සොයා ගැනීමට ප්‍රථම පරීක්ෂකවරයකු පවසා ඇත්තේ මේ සඳහා කැඩ්මියම් හේතුවන බවයි.
එහෙත් නව සොයා ගැනීම් අනුව කැඩ්මියම් වකුගඩු රෝගය සඳහා මූලික හේතු කාරකය නොවන බවත් එය සාමාන්‍ය වශයෙන් මේ විෂ රසායන හා සම්බන්ධවන බවත් සොයා ගෙන ඇතග ග්ලයිෆොසෙට් වල් නාශක කිවුල් වතුර තියෙන ප්‍රදේශවල පොළවේ කිවුලත් සමඟ එකතු වී තැනන්පත්වීමෙන් අවසාන වශයෙන් ශරීරගත වීම මෙයට ප්‍රධාන හේතුව බවත් වියළි කලාපයේ පැතිර යන වගුකඩු රෝගයට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් වල් නාශකය බවත් අවධාරණය කර ඇතග තවද ආසනික්ල කැඩ්මියම් හා පළිබෝධනාශක මේ සඳහා අමතර සාධක වන බවද මොවුන් පෙන්වා දේ.
මේ තුළින් වකුගඩු රෝගයට අමතරව වෙනත් රෝගයන්ද පැතිර යන බව වර්තමානය වන විට සොයාගෙන ඇතග ඒ අනුව පිළිකා රෝගල රක්තහීනතාවය මෙන්ම අඩු වයසේ දියවැඩියා රෝගීන් ද දැකගත හැකි බවට වාර්ථා වේග පොළොන්නරුවලඅනුරාධපුර හා මොනරාගල යන ප්‍රදේශවල පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව අනෙක් පලාත්වලට වඩා අසාමාන්‍ය ලෙස වැඩි වී යමින් පවතින අතර කෘෂි රසායනික ද්‍රව්‍යවල විෂ ඒ සඳහා හේතු වී ඇතග පසුගිය වසර විස්ස පුරා රට පුරාම පිළිකාවල වැඩි වීමක් වාර්ථා වුවද ගොවිතැන් කරන ප්‍රදේශවල පියයුරු පිළිකාලපුරස්ථි ග්‍රන්ථිවල පිළිකාල අක්මාවේ පිළිකා හා පෙනහළු පිළිකා දැකගත හැකි වූ බව වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටීග තවද රටේ අනෙකුත් පලාත්වල පිළිකා රෝගය අවුරුදු 50-60 වයස්වල පුද්ගලයන්ට වැළදී ඇතිමුත් ගොවිතැන් කරන ප්‍රදේශවල අවුරුදු 30-50 අතර පුද්ගලයන්ට පිළිකා වැළදීමේ අවධානම වැඩිය.
ළදරුවන්ට ලේ පිළිකා වැළඳීමද ල බොහෝ ළමුන් රක්තහීනතාවයෙන් පෙළෙන බවත් මොහු වැඩි දුරටත් පෙන්වා දේග සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව රෝගීන් 1 80 000ක් ශ්‍රී ලංකාවේ වකුගඩු සායන සඳහා ලියාපදිංචි වී ඇති අතර ඉන් 17්‍රක් අනුරාධපුරල පොළොන්නරුව සහ කුරුණෑගල ප්‍රදේශවල පුද්ගලයන් යග මේ අනුව පැහැදිලි වන්නේ ගොවිතැන් සඳහා යොදාගන්නා විෂ රසායනික ද්‍රව්‍ය වකුගඩු රෝගය සඳහා හේතු කාරක වන බවයිග එමෙන්ම ඒ නිසා තවත් රෝගයන් පුද්ගලයන්ට ඇතිවන බවත් ඉන් ලංකාව සෞඛ්‍ය අභියෝග රැසකට මුහුණපාන බවත් පැහැදිලි වේ.
වසංගත රෝගයන්ට මුහුණ දෙන ජනතාව තම පරිසරය අවට පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් යග විශේෂයෙන් ඩෙංගු මදුරුවා සෑම ජලයකම බෝවන බැවින් වඩාත් සැලකිළිමත් විය යුතු යග සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව අත වැසෙන්නට ඇඳුම් ඇඳීමල මදුරු දැල් දැමීමල විවිධ ප්‍රතික්‍රියා කරන ආලේපන :පැඟිරි තෙල් වැනි * භාවිතය යන ක්‍රියා තුළින් ද ඩෙංගු රෝගය වැළඳුණු පිරිස අඩු කරගත හැකියග ඒ නිසා අපද්‍රව්‍ය කළමනාකරණය මෙහිදී ද වැදගත් වේ.
එමෙන්ම රට තුළ බලධාරීන් කියූ පමණින් තීරණ නොගෙන පුද්ගලයන්ගේ වැඩි තීරණ අනුව ක්‍රියා කිරීමද වැදගත් වේග වකුගඩු රෝග ව්‍යාප්තිය සඳහා රජයේ ක්‍රියා කලාපය වැඩි වශයෙන් බලපානු ලබයිග හරිත සංකල්පය එයට උදාහරණ ලෙස දැක්විය හැකි ය.
අවතැන් වූවන් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කළහග එහෙත් එය ප්‍රමාණවත් නොවීම නිසා මිනිසා විවිධ ගැටලුවලට මුහුණ දුන්හග එමෙන්ම විශිෂ්ඨ වෛද්‍ය සේවාවක් නොමැති වීමත්ල රජයේ රෝහල් තුළ ප්‍රමාණවත් ඖෂධ මාෆියාකරුවන් වර්ධනය වීමත් මිනිසා මුහුණපාන තවත් ගැටළුවකිග පෞද්ගලික අංශයෙන් බෙහෙත් ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වේග එහෙත් රජයේ රෝහල් තුළ නිසි සැලකිල්ලක් රෝගීන් සඳහා නොදක්වන නිසාවෙන් මිය යාමට නොහැකිව කෙසේ හෝ පෞද්ගලික අංශයෙන් ඖෂධ ලබා ගනී.
ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් මෙන්ම ප්‍රමිතියෙන් තොර වෛද්‍යාතන බිහිවීමද ගැටලුවකිග නෙවිල් ප්‍රනාන්දු රෝහල එසේ තිබී පුද්ගලයන් කළ දැවැන්ත සටන් නිසාවෙන් එය රජයට පවරා ගන්නා ලදීග එහෙත් එය රජයට වසර 10කට බදු වශයෙන් දුන් බවට කරුණු අනාවරණය වෙමින් පවතීග සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා දේශපාලඥයන්ගේ ඇති බලපෑම නිසාද සමාජය ගැටලුවලට මුහුණ පායිග නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට ලැබිය යුතු අවස්ථාව මේ නිසා මඟහැරී යයිග ඉන් පීඩා විඳිනුයේ ජනතාවයග එමෙන්ම වෛද්‍යවරුන් ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාර නිසාද සමාජය පීඩා විඳී.
නවින යන්ත්‍ර සූත්‍ර භාවිතය අද වන විට දක්නට ලැබුණද ඒවායෙහි භාවිතය පිළිබඳව අප රටේ නිලධාරීන්ට ප්‍රමාණවත් දැනුමක් නොමැතිකම මහත් ගැටලුවකිග එමෙන්ම නිසි ඖෂධ ගෙන ඒම සඳහා රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් යොදා ගන්නා වූ මුදල් හිඟකම නිසාද පීඩා විඳිනුයේ ජනතාවය.
ජාතියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ පුළුල් අරමුණ සඳහා සෞඛ්‍ය සේවාව මෙහෙය වීමේ භූමිකාව සෞඛ්‍ය පරිපාලනය විසින් දැරිය යුතුයග අදවන විට සෞඛ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවී ඇතග නඩත්තු කටයුතු පවත්වාගෙන යාමට ල බෝ නොවන රෝග මැඩ පැවැත් වීමටල පෞද්ගලික අංශ අධීක්ෂණයටල ඖෂධ ප්‍රතිපත්තියක් අනුමත කර ගැනීමටල සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය සඳහා විධිමත් වැඩපිළවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇතග එමෙන්ම සෞඛ්‍ය වෘතිකයන් ලබන ඉතා අඩු වැටුපට අමතරව ලැබිය යුතු නිල නිවාසල ආපදා ණයල නිවාස ණය ඇතුළු ජීවිකාව පවත්වාගෙන යාමට හා වෘත්තීය තෘප්තිය ලැබීමට හේතුවන පහසුකම් ලබා දීමට අපොහොසත් වී ඇතග රෝහල් තුළ විවේක කාමර පවා ප්‍රමාණවත් නොවේ.
විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සේවය ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා ඖෂධ නොලැබීමත් වර්තමාන සමාජය මුහුණපාන ගැටලුවකිග විශේෂයෙන් ගොඩනැගිලි අලුත්වැඩියාව ඇතුලු ඇතැම් නඩත්තු කටයුතු සඳහා ප්‍රදේශවාසීන්ගෙන් හා කාර්ය මණ්ඩලයෙන් ආධාර හා මුදල් එකතු කිරීමට ඇතැම් රෝහල් බලධාරීන්ට සිදුව තිබේග මෑතකදී මත්පැන් හේතුවෙන් රෝගීවන පුද්ගලයන්ට ලබා දෙන ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමල ළමා රෝහලෙන් ලබා දෙන ප්‍රතිකාර සඳහා බිල් පතක් ලබා දීමල රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම ඇති කිරීම රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පිහිටුවීම පිළිබඳවද වරින් වර යෝජනා ඉදිරිපත් විය.
මින්ද පැහැදිලි වන්නේ යෝග්‍ය වූ ප්‍රතිපාදන නොමැති බවයිග වෛද්‍යවරුන් පෞද්ගලික අංශය තුළ වැඩි වෙලාවක් ඖෂධ නිකුත් කිරීමට හේතු වන්නේද මෙම කාරණාවන්යගමේ වන විටත් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගීන් රජයේ රෝහල් සායන කරා යොමු වෙමින් සිටින අතර ඒ තුළින් රාජ්‍ය සෞඛ්‍ය සේවාව බිඳ වැටීමට ලක් වේග ඉන් පීඩා විඳිනුයේ අහිංසක ජනතාවයග මේ ආකාරයේ ගැටලු රාශියකට අද වන විට සමාජය මුහුණ දේ.
06පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර
06.01. පාරිසරික ගැටලු ජය ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර
රජය විසින් පරිසරික ගැටලු අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේග එහිදී මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට කටයුතු කර ඇතග ඒ අනුව විවිධ ව්‍යාපෘතිල ප්‍රතිපත්ති හා රෙගුලාසි පනවමින් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
2013-09-23 ථ ශ්‍රී ලංකාවේ රසායනික අනතුරු වැළැක්වීම සහ පෙර සූදානම් වැඩ සටහන් ව්‍යාපෘතිය.
2013-09-11 ථ දොම්පේ මාලිගාවත්ත ප්‍රදේශයේ ඒකාබද්ධ කසළ කළමනාකරණ පද්ධතිය ඉදි කිරීම
පනත්
1980 අංක 47 දරන ජාතික පරිසර පනත
1988 අංක 56 හා 2000 අංක 53 දරන ජාතික පරිසර :සංශෝධිත * පනත
රෙගුලාසි
පරිසර ආරක්ෂණය
2003-01-25 අංක 1533රැ16 දරන ගැසට් නිවේදනය යටතේ ලේඛනගත කර්මාන්ත හා කර්මාන්ත
ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය.
2008-02-01 අංක 1534රැ18 දරන ගැසට් නිවේදනය
ජාතික පරිසර ආරක්ෂණය හා ගුණාත්මය සඳහා වන රෙගුලාසි
වායු තත්වය
2003-06-30 අංක 1295රැ11 දරන ගැසට් නිවේදනය
වායු විමෝචනල ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන්
2003-10-10 අංක 1309රැ20 දරන ගැසට් නිවේදනය
ඕසෝන් ඝනත්වය අඩු කරන රසායනික සංයෝග භාවිතය තහනම් කිරීම
2008-07-09 අංක 1557රැ14 දරන ගැසට් නිවේදනය
රථ වාහන වලින් විමෝචනය කරන ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතීන් ලේඛන
2008-08-15 අංක 1562රැ22 දරන ගැසට් නිවේදනය
වායු දූෂක වර්ගය අනුව අනුමත කළහැකි සංසරණ වායුගෝලීය ගුණාත්මක ප්‍රමිතීන්
2014-11-05 අංක 1887රැ20 දරන ගැසට් නිවේදනය යටතේ කරන ලද රෙගුලාසි සහ එහි සංශෝධිත ගැසට් නිවේදනය
2015-01-02 අංක 1895රැ43 වායු විමෝචනල ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් ශබ්දය
1996-05-23 දින අංක 924රැ12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාවල
කර්මාන්ත මඟින් කෙරෙන ශබ්ද දූෂණය
2011-12-29 දින අංක 1738රැ37 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාවල
ජාතික පාරිසරික : රථ වාහන නළා හැඩවීම * රෙගුලාසි
අපද්‍රව්‍ය කළමාකරණය
2006-10-10 අංක 1466රැ5 දරන ගැසට් නිවේදනය
මයික්‍රෝන 20ට අඩු පොලිතින් හෝ පොලිතින් නිෂ්පාදන භාවිතය තහනම් කිරීම.
2008-02-01 අංක 1534රැ18 දරන ගැසට් නිවේදනය
කසළ සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමණාකරණයේදී බැහැර කිරීමල විමෝචනය සහ විනාශ කිරීම සඳහා බලපත්‍ර ලබා දීම.
2009-11-10 අංක 1627රැ19 දරන ගැසට් නිවේදනය
නගර සභා ඝන අපද්‍රව්‍ය
පාරිසරික ගැටලු තක්සේරු කරන රෙගුලාසි
1993-06-24 දින අංක 772රැ22 දරන ගැසට් නිවේදනය
ව්‍යාපෘති සහ ලේඛනගත ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියා පිළිවෙළ
2003-04-10 අංක 1283රැ19 දරන ගැසට් නිවේදනය
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය
එමෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා බලපත්‍ර නිකුත් කර පරිසරයට වන හානිය වැළැක්වීමට කටයුතු කර ඇති අතර එම බලපත්‍ර හා ඒ සම්බන්ධ විෂයානුබද්ධ අරමුණු මෙසේ දැක්විය හැකිය.
ජාතික ප්‍රමිති හා උපමානවලට අනුකූලව බාහිර පරිසරයට අපද්‍රව්‍ය හා විමෝචනයන් මුදා හැරීම මඟින් කර්මාන්ත නියමිත කටයුතු නිසා සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීම සහ පාලනය කිරීම.
කර්මාන්ත නියමිත කටයුතු මඟින් වාතයල ජලය සහ භූමිය යන මාධ්‍යන්ට මුදාහරිණ ද්‍රව ද්‍රව්‍ය මඟින් පරිසරයට සිදුවන බලපෑම ආශ්‍රයෙන් පරිසර දූෂණ පාලනයට ප්‍රවේශයක් ලබා දීම.
දූෂකාරක නිකුත්වන ක්‍රියාවලි සම්බන්ධව පරිසර දූෂණ පාලක මාර්ගෝපදේශන සැපයිම මඟින් කර්මාන්ත සඳහා පහසුකම් සැලසීම.
පරිසර දූෂණ තත්වයන් වළක්වා ගැනීමේ තාක්ෂණය සහ අපිරිසිදු නිෂ්පාදන තාක්ෂණයල අපද්‍රව්‍ය අවම කර ගැනීම වැනි පාරිසරික දූෂණය වැළැක්වීමේ රැ අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායන්ල හඳුන්වා දීම.
එමෙන්ම වෙරළ ආරක්ෂණය සඳහාද විවිධ ප්‍රඥප්ති ක්‍රියාවට නැංවීමට මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාකොට ඇතග සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් සමුද්‍ර දූෂණය වැළැක්වීමල පාලනය සහ කළමනාකරණය කිරීමේ පූර්ණ වගකීම සහිතව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ස්ථාපනය කරන ලදීග එමෙන්ම විවිධ ප්‍රඥප්ති පනවමින් වෙරළ ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
01 .නැව් මඟින් සිදුවන දූෂණ වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය
02. තෙල් ඉහිරුම සඳහා සූදානමල ප්‍රතිචාරය සහ ඒ ගැන සහයෝගයෙන් කටයුතු කිරීම :ධඡඍක්-1990 *
03ගබංකර් තෙල් දූෂණය නිසා සිදුවන හානිය පිළිබඳ සිවිල් ආධීනතාව පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය :2001 *
04ග නැව්වල හානිකර දූෂණ විරෝධී පද්ධති පාලනය කිරීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය.
තවද
ි හරිත විප්ලවය ඇති කිරීමද පරිසර ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් විය.
පාරිසරික හානි සිදු කරන්නන්ට විවිධ දඩුවම් පැමිණවීමල නඩු දැමීම හා දඩ ගැසීම.
පාරිසරික හානිවලින් විපතට පත් වූවන්ට ණය සහ ආධාර ලබා දීම.
සෞඛ්‍ය පහසුකම් ලබා දීම හා ප්‍රවර්ධනය කිරීම.
නිවාසල දේපල හානි වූවන්ට නිවාස ලබා දීම.
දුවා දරුවන්ට පාසල් අධ්‍යාපනය නැවත ලබා දීමට කටයුතු කිරීම.
විවිධ ආයතන ඇති කිරීම මඟින් පරිසර ආරක්ෂණය සඳහා කටයුතු කිරීම.
නිදසුන් ලෙසථ
■ පරිසර අමාත්‍යාංශය
■ මධ්‍යම පරිසර අධිකාරිය
■ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව
■ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
■ භූ විද්‍යා හා පතල් කාර්යංශය
■ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
■ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
■ රාජ්‍ය දැව සංස්ථාව
■ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
■ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
■ ඉන්දියානු වෙරළාරක්ෂක සේවය
■ ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ප්‍රතිපත්ති සැකසීම තුළින් පාරිසරික ගැටලු අවම කිරීමට කටයුතු කර ඇතග
පිවිතුරු නිෂ්පාදන ප්‍රතිපත්තිය - 2004
පරිසර දිනය
06.02. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර
ඩෙංගු ඇතුළු වසංගත රෝග මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමග
මීට වසර පහකට පෙර සංඛ්‍යා ලේඛන සමඟ සැසදීමේදී රෝගයේ පැතිරීමට සාපේක්ෂව මරණ ප්‍රතිශතය අඩු වී ඇතග එම ප්‍රතිශතය 1්‍ර සිට 0ග3්‍ර දක්වා අඩු වී ඇතග ඩෙංගු ප්‍රතිකාර සඳහා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීම සහ ප්‍රතිකාරවල ගුණාත්මක මට්ටම ඉහළ යාම එයට හේතු විය හැකි යග
දුම්වැටි සඳහා විවිධ නීති සම්පාදනය
නව තාක්ෂණය භාවිතා කරමින් වසංගත රෝග මර්ධනයට ක්‍රියා කිරීම :ඩෙංගු මර්ධනයට පරිගණක මෘදුකාංගයක් හරහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම *
විශේෂඥ වෛද්‍ය සේවා ආරම්භ කිරීමග
නූතන තාක්ෂණික උපකරණ භාවිතය තුළින් සෞඛ්‍ය කටයුතු පුළුල් කිරීමග
සෞඛ්‍ය සායන ප්‍රදේශයෙන් ප්‍රදේශයට පැවැත්වීම ඇතුළු ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමග
ී සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියට පත් කරන්නන්ට දඩුවම් දීමට නීති රෙගුලාසි ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමග
විදේශීය වෛද්‍ය සේවා මෙරටට ගෙන්වා ස්වදේශිකයන්ට සෞඛ්‍ය සහන ලබා දීමග
රජයේ වෛද්‍ය ආයතන තුළින් නොමිලයේ ඖෂධ ලබා දීමට කටයුතු කිරීමග
දුම්කොළ පනතල ඖෂධ පනත නම් පනත් ක්‍රියාත්මක කිරීමග
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වංචා දූෂණයන්ට එරෙහිව ක්‍රියා කිරීමග
07.ගැටලු අවම කිරීම තුළින් මිනිසා ලබන ප්‍රයෝජන
පාරිසරික හෝ සෞඛ්‍ය හෝ වේවා මේ සියළු ගැටලු තුළින් පීඩා විඳිනුයේ ජනතාවයග ඒ නිසා මෙම ගැටලු අවම කිරීම ඉතාම ප්‍රයෝජනකාරී වේග රජය විසින් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කරමින් පරිසරය හා සෞඛ්‍ය රැක ගැනිමට කටයුතු කරන්නේ නම් ජනතාවද එයට නොමද වූ සහයෝගය දක්වන බව නොඅනුමානයග මේ නිසා,
■ මිනිසා පරිසරය අවට ආරක්ෂා වීම
■ ඒ තුළින් පිරිසිදු වාතාශ්‍රය සහිත සමාජ වටපිටාවක් නිර්මාණය වීමග
■ රජ කාලේ පටන් පැවති ස්වභාවධර්මයා ඒ ආකාරයෙන්ම ආරක්ෂා වීම.
■ වන සතුන්ගේ වන දහන නැවත ලැබීම තුළින් සත්ව ජීවිතයද ආරක්ෂා වීම.
■ එතුළින් මෙරට සංචාරක කර්මාන්ත දියුණු වී රටේ ආර්ථිකය විධිමත් වීම.
■ රජය හා පුද්ගලයා අතර පවත්නා වූ දුරස්ථ සම්බන්ධය අඩු වීම
■ රෝගවලින් තොර වූ සමාජයක් බිහි වීම
වැනි ප්‍රයෝජන කිහිපයක් හඳුනාගත හැකි අතර වෛද්‍යවරුන්ගේ ප්‍රතිපාදන ඇතුළු සෞඛ්‍ය ප්‍රතිපාදන නිසි අයුරින් ලබා දීමේදී ඔවුන් තෘප්තිමත්ව රෝගීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයිග එමෙන්ම මෙරට වෛද්‍ය පහසුකම් වර්ධනය කිරීම තුළින් විදේශයන්ට ඖෂධ ගැනීමට යොදන මුදල්ද ඉතිරි වේ.
විශේෂයෙන් ගැටලු අවම කිරීම තුළින් යහපත් පරිසරයක් හා යහපත් සෞඛ්‍යයක් රට තුළ ඇති වී ඉතා නීරෝගීමත් ජන ජීවිත දැකගන්නට හැකිවනු ඇතග මානසික තෘප්තියක් ඇති මිනිසුන් කොට්ඨාසයක් ඇති වීමද ඒ තුළින් රටේ පාලනය ශක්තිමත් වීමද දැකගත හැකි යග මේ අනුව පරිසරය හා සෞඛ්‍ය යනු එක කාසියේ දෙපැත්ත සේ එකිනෙකට වෙන් කළ නොහැකි දෙයක් ලෙස පැහැදිලි කරගත හැකි යග ඉන් එක් අංශයක් හෝ බිඳ වැටීම අනෙක් අංශයට සෘජුවම බලපාන බව දක්නට ලැබේග මේ නිසා පරිසරයේ මෙන්ම සෞඛ්‍යයේ යහපත් පැවැත්ම රඳාපවතින්නේ හුදෙක්ම මිනිසා මත බැවින් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු අවම කිරීම තුළින් ඉහත සඳහන් කළ ප්‍රයෝජන ප්‍රායෝගිකව අත් විඳීමට ක්‍රියා කළ යුතු යග එවිට අලංකාරවත් පරිසරයකුත් නීරෝගීමත් සමාජයකුත් නිර්මාණය වනු ඇත.
...................................................................................................................................................................
නිගමනය
මිනිසා මහපොළවට අයත් මිස මහපොළව මිනිසාට අයත් නොවේග මිනිසා මහපොළවට අයත් නිසාවෙන්ම එය රැකගත යුතුයග මහපොළව මත තිබෙන සම්පත් මිනිසා උපරිමයෙන් පරිහරණය කරනු ලබයි.එහෙත් එම පරිහරණයේදී නොයෙකුත් වැරදිද මිනිසා විසින්ම කරනු ලබයි. අප කළ යුත්තේ එම වැරදි මඟ හරවා ගනිමින් මහපොළව ආරක්ෂා කර ගැනීමයි.
පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා රජය විසින් විවිධ නීතිල රෙගුලාසි ගෙන ඇතග ඒවා කොළයකට සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තුළින් ආරක්ෂා විධි විධාන සකසා ගත හැකියග එමෙන්ම මිනිසා මිනිසාගේ යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතුයග ද්‍රව්‍ය හා භාණ්ඩ භාවිතය නිසි ආකාරව සිදු කිරීමත් ල ඒවා නැවත භාවිතා කළහැකි තත්වයට අවශ්‍ය කටයුතු සැලසීමත් තුළින් විශාල ප්‍රශ්න රැසක් විසදේග අපද්‍රව්‍ය කළමණාකරණය කිරීම තුළින් පරිසර ගැටලු මෙන්ම සෞඛ්‍ය අභියෝගයන් ද ජයගත හැකියග එක් ගසක් කැපුවොත් ඒ වෙනුවෙන් පැළ දෙකක් සිටුවීමේ සංකල්පයක් නැවත ක්‍රියාත්මක කිරීමද අපට ගතහැකි පියවරකිග නව තාක්ෂණය අප භාවිතා කළ යුතුයග අපට ලෝකයේ හුදකලාව සිටිය නොහැකග එහෙත් එය අප රටට ගැලපෙන ආකාරයට සිදු කරන්නේ නම් ගැටලු ඇති නොවේ.
එමෙන්ම මිනිසාගේ මානසික මට්ටම ද මෙහිදී ඉතා වැදගත් වේග මන්ද මිනිසා සැමවිටම අනුන් පරදවා නැඟී සිටීමටල තම බලය රඳවා ගැනීමට ක්‍රියා කරයිග එහෙත් එය වරෙකට පිටුපසට තබා සමස්ථ සමාජය පිළිබඳ සිතන්නේ නම් මෙම ගැටලු අවම කරගත හැකි යග අපල අප ළඟම වැරදි අඩුපාඩු තබා ගනිමින් තවකෙකුට දොස් නැඟීම ප්‍රායෝගික නොවේග රජය විසින් ක්‍රියාමාර්ග නොගන්නේ නම් මිනිසා විසින් පත් කරනු ලබන ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම අප සතු වගකීමකිග එමෙන්ම අපට හැකි අයුරින් අප ද ගැටලු විසඳීමට මැදිහත් විය යුතු යග තම නිවස අවට ආරක්ෂාව පමණක් නොව සමස්ත රටම ආරක්ෂා කර ගැනීමට සිතා කටයුතු කළ යුතු යග කසළ කළමනාකරණය තුළින් බොහෝ ගැටලු විසඳීමට හැකියග එතුළින් පාරිසරික ගැටලු අවම වනවා සේම වසංගත රෝග පැතිරීම ද පාලනය කළ හැකි ය.
එමෙන්ම වෛද්‍යවරුන්ට ඔවුන්ට හිමි විය යුතු නියම ස්ථානය ලබා දිය යුතුයග ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළ යුතු යග ඖෂධ නිසි ලෙස ප්‍රමිතියෙන් යුක්තව ගබඩා කළ යුතු යග රාජ්‍ය රෝහල් තුළ ක්‍රියාකාරීත්වය වගකීම් සහිතව සිදු කළ යුතු යග එසේ නොකරන පිරිසට දඩුවම් ලබා දීම තුළින් ඔවුන් එය නැවත නොකිරීමට වගකියනු ඇත.
මේ ආකාරයට මාගේ යෝජනා වන්නේ තම වගකීම තමා උපරිම ආකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටලු අවම කර ගනිමින් අභියෝගයන් ජය ගනිමින් ලොව දීප්තිමත් රටක් ලෙස අපට සැරිසරිය හැකි බවයි.
Subscribe to:
Post Comments (Atom)
👍👍👍👍👍👍
ReplyDelete❤
ReplyDelete