පටලයට බැඳි සෙනෙහෙ
මෘදු ය , සියුමැලි ය. එහෙත් සැබෑම ශක්තිමත් බවින් යුක්තය .ඔව් ඒ ඇයයි . කාන්තාව , ගැහැනිය යන්නාවූ විවිධ නම්වලින් හඳුන්වාදුන් ඇය ඉතාමත් පහත් අන්දමින් හදුන්වනු ඔබ ඕනෑ තරම් අසා ඇත. බඩුව, ගණිකාව, නමින් ඇයව නම්කළ සමාජය ඇය තරම් වැරදි කාරියක් වෙනත් නොමැති තරම් ඇයව හිංසනයට ලක් කරයි.
පිරිමියකු නාගෙන ගෙට පැමිණි විට සියලු වැරදි සේදී ඇතැයි කියමනක් ඇත.එනම් කොපමණ වැරදි කළද ඔහුගේ එම වැරදි ක්ෂණිකව පහව යන බවය. නමුත් ගැහැනිය , ඇයට කෙතරම් නම් සීමාවන් ද? උපන්දා පටන්ම ඇය ඇයගේ නිදහස අහිමි අයකු බවට පත්ව ඇත.
අප කව්රුත් විවාහ දිවිය පිළිබඳ සිහින දකින්නේ ය. කාන්තාව තම පතිවත ආරක්ෂා කරමින් අනාගතය සඳහා පෙරමඟ තැනීමට සිහින දකියි . එහෙත් ඇයට ඒ සඳහා ඇති බාධකය නම් කන්‍යාබවය.විවාහ වූ පළමු දින සුදු රෙද්ද මත රතු පැල්ලම නොමැති වූයේ නම් ඇයගේ පවුල් දිවියට කණකොකා හඬයි. මෙතරම් විද්‍යාව දියුණු වූ සමාජය තුළ මෙවැනි දෑ කෙරෙහි තවමත් එල්බ සිටීම කනගාටුවට කරුණකි .නැන්දම්මා ලෙස ලේලිය පරීක්ෂා කරනුයේ ගැහැනියකි . ඇයද මෙවැනි දිනකට අපහසුවෙන් වුවද මුහුණ දුන් අයුරු ඇයට අමතක ව ගොසිනි .අනෙක් අතින් පුරුෂයා ඔහු කෙතරම් බුද්ධිමත් අයකු වුවද මෙහිදී ඇයව පීඩාවට පත් කරලීමට බොහෝදුරට පෙළඹී ඇත.( සියලු ගැහැණුන් හෝ පිරිමි පාරිශුද්ධ බව මා මෙහිදී නොපවසන බව සඳහන් කරමි ).
Digatama liynna middiyoo.., eka maru.., suba pathanawa hadawathinma.,
ReplyDeletethanks dr
Delete