Monday, July 22, 2019

හඳයාගේ වෙනස




“ඒයි නංගි , මෙහෙ වරෙන්. උඹ මොකද හැමදාම අරුත් එක්ක එන්නෙ.උඹගෙ කොක්ක ද? ආ”

මෙහෙම තමයි කැම්පස් ආවම පළවෙනි අවුරුද්දෙ මුල ගෙවන්නෙ. ඒ කාලෙ හරිම සුන්දරයි- මතකයන් ගොඩයි.
මම කැම්පස් ආවෙ මාතර ඉදන්
 මිද්දි කියලා කාඞ් එක වැටුනෙත් ඒ නිසාම යි.මගේ හොඳම යාළුවො ටිකත් මාතරයි හම්බන්තොටයි අයම තමයි. අපේ ගොඩක් යාළුවොන්ගෙ වැමෙ අපි කියන දේවල් වලට නෝන්ඩි දාන එක- මොකද අපි මාතර නෙ- දවසක් , 
        
“ආ මිද්දී ඔහේලා කෑවයි--”

කියාගෙන නෝක්කාඩුවට හිනා වෙමින් අපි ලඟට ආවෙ හඳයා- එයා අපි එක්ක හිටිය ටිකක් වෙනස් යාළුවෙක්- එයාට අපි කියන්නෙ පොෂ් හඳයා කියලා- හාවෙක්ගෙ වගේ සුදු බෝල මූණක් තිබුණ නිසා තමයි එයාට එහෙම කිව්වෙ- හඳයගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්- ඩොක්ටර් කෙනෙක් කිව්වට ඇත්තටම එයා මනෝ වෛද්‍ය වරයෙක්- කොළඹ හැදී වැඩුන  හඳයට තමන්ගෙ තාත්තගෙන් පොඩි කාලෙ ඉදන්ම අහන්න දකින්න ලැබුණු දේවල් සහ කොළඹ පරිසරයත් එක්ක තමා හඳයගෙ මේ හැසිරීම් ගොඩ නැගිලා තියෙන්නෙ- දවසක් අපට මාතර කපක් සෙට් වුණා- මං කිව්වෙ නෑ නේද කපක් කියන්නෙ මෙකක්ද කියලා- කපක් කියන්නෙ මළගෙයක් වෙලා කියන එක- අපේ යාළුවෙක්ගෙ අම්මා කෙනෙක් මැරිලා අපි හාමෝම එහෙ යන්න සෙට් වුණා- එදා සොබාදහමත් අපිත් එක්ක තරහා වෙලා වගේ පරිසරයම අඳුරු කරගත්ත මහා වැස්සක් ඇද හැලුවා- මහ සද්දෙන් අකුණු ගහන, ගිණි පුපුරන විදුලි කොටන මේ රෑ අපෙත් මාතෘකාව වුණේ හොල්මන්, භූත දෝෂ, අනිවිණ කොඩිවිණ ගැන තමයි- මොකද අපි යන්නෙ මේවට ගොඩක්ම ප්‍රසිද්ධ අපේ මාතරනෙ- සමහර අය නම් හොල්මන් කියන නම ඇහෙද්දිත් බය වෙන නිසාම කොල්ලන්ගෙ වැඬේම කෙල්ලො ටික භය කරන එක- ඔය අතරෙ අපේ නිකිණි කිව්ව කතාවට හැමෝම තවත් ගල් ගැහුණා.

පාරිසරික ගැටලු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග

         
හැඳින්වීම


                                                             සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. ඒ නිසා මේ සියල්ලම අතර එකිනෙකට අන්‍යෝන්‍ය වූ සම්බන්ධතාවයක් ඇත. පරිසරය හා සෞඛ්‍ය අතර ද එවැනිම සබධතාවක් ඇත. මා මෙම නිබන්දනය තුළින් බලාපොරොත්තු වන්නේ එම සම්බන්ධතාවය නොව වර්තමානයේ ඇති වී තිබෙන පාරිසරික ගැටලු හා සෞඛ්‍ය  ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් පිළිබදවය.
                                         පරිසරය පිළිබදව කතා කිරීමේදී පරිසරය හා මිනිසා අතර පවතින සම්බන්ධය කතා නොකරම බැරි ය. මන්ද එම සම්බන්ධතාවය නිසා මිනිසා ලබන ප්‍රයෝජන බොහෝ ය. ඒ නිසා මා මෙහිදී පළමුවෙන් ම ඒ පිළිබදව හඳුන්වා දී ඇති අතර ඉන් පසුව පරිසරයත් සෞඛ්‍යත් අතර ඇති සම්බන්ධය විග්‍රහ කරමින් ඇගයීමක් කර ඇත.
                                                             අප වර්තමානය පිළිබඳව කතා කරද්දී අතීතය පිළිබඳව අමතක කළ නොහැකි ය. ඒ නිසා අතීතය තුළ පාරිසරික ගැටලු ඇති වූ ආකාරය ලඑයට හේතු , එය වළක්වා ගත්තේ කෙසේ ද වගේම ඒකට ඇති වූ සෞඛ්‍ය  අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබේ. රජ පරම්පරාවේ සිට සුනාමි තත්වයල කුරිරු යුද්ධය ආදී පාරිසරික ගැටලු මෙන් ම වසංගත රෝග  :වසූරිය ,මැලේරියා * ව්‍යාප්තිය පිළිබඳව ද එහිදී විග්‍රහ කෙරේ.

Wednesday, July 3, 2019

කතකට පමණක් සීමාවුණු සංස්කෘතිය

       









බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළා යැයි ප්‍රචලිත ලංකදීපය වැදගත් ම වූ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ රටකි. ශ්‍රී ලාංකීය ජනයා සංස්කෘතිය හා කෙතරම් නම් බැදී ඇත්දැයි  විමසා බැලුවහොත් ඒ තරම් සංස්කෘතික අගය දන්නා වෙනත් ජන කොටසක් මෙලොව තවත් නැති තරම් ය. එතරම්ම ඔවුන් තම සංස්කෘතිකාංග ආරක්ෂා කරනු ලැබේ . සිනහවට කරුණ නම් එයම වේ. කොහිද , කොතැනද , කෙදිනකද මෙම සංස්කෘතිය ආරක්ෂා වූයේ. ඔබ දුටුවෙහිද එය රැකෙනා තැනක්. අද වන විට කිනම් සංස්කෘතියක් අපට හිමිද යන්න විමසීමට භාජනය කළ යුතු කරුණකි .

   සමාජයක පවතින්නා වූ මූලික අවශ්‍යතායන්වල සිට ආගම දහම , කෑම බීම , හැසිරීම් රටා යනාදී සියල්ලම මෙම සංස්කෘතිය යන රාමුවට කොටු වී ඇති බව සැබෑය. එහෙත් එසේ කොටු වුනු සංස්කෘතිකාංග සැබවින්ම ලාංකිකයන්ගේ ද යන්න ගැටලුවකි. සංස්කෘතිය යනු කාලයෙක් කාලයට වෙනස් වන්නකි . පවතින දේවල් ගිලිහෙමින් , නව දේ එක් වෙමින් සංස්කෘතිය සැමදා පවතී. එය කෙසේ හෝ සැමදා පැවතියද ලාංකීය සමාජය තුල පෙර පැවති සංස්කෘතිය අද වන විට දැකගත නොහැකි ය. මන්ද එය කාලයෙන් කාලයට වෙනස් ව්න බැවිනි.එසේනම් එවැනි සංස්කෘතියක් අප කෙසේ නම් ආරක්ෂාව කරගන්නේ ද .

   වත්මන තුල ශ්‍රී ලාංකික සමාජයට පවත්නා විශාලතම ගැටලුවක්  නම් කාන්තාවන් නිසාවෙන් සංස්කෘතිය විනාශ වන බවයි . කාන්තාව පිළිබඳ සැමදා බැලුවේ පිරිමි ඇසකිනි. අදහස් ලියුවේ පිරිමි ඇසකිනි . ඔවුන් කෙදිනක කාන්තාවකගේ වැරැද්දක් නොදැක සිටීදැයි මා හටනම් සැකයකි. කෙසේ හෝ සංස්කෘතිය යන්නට ජනප්‍රිය අංග එක් වී ඇතැයි යන්න පිළිගත යුතුම කරුණකි . එහෙත් ඒ සදහා කාන්තාවන් අදින පළදින ආකාරය මූලික හේතුව නොවේ . විවෘත ආර්ථික ක්‍රමය සමග ආරම්භ වූ පෞද්ගලිකරණය සමග පැමිණි ජනප්‍රිය සංස්කෘතික  ලක්ෂණයන්ට ගැහැනු ,, පිරිමි දෙපාර්ශවයම ඇද බැදගත් හ. ඒයට වගකිව යුත්තේ එකල සිටි දේශපාලකවරු ය. පෘතග්ජන මිනිසා යනු  පහසුවෙන් රැවටිය හැකි පද්ගලයෙකි. තමාට සැපක් සතුටක් ලැබේ නම් ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම් ය. මෙනිසා ජනප්‍රිය සංස්කෘතිකාංගයන්ට මිනිසා ඇබ්බැහි වීම නොවැලැක්විය හැකි කාරණාවක් වේ.

Friday, June 28, 2019

ලක්බිම කැළැඹූ මාතර හදි හූනියම්




 " ලොකු උන්නැහේලවෙලාව කීයෙයි. ම්ම්ම්ම....මහත්තයා  මේ පලාතෙ
කෙනෙක් නෙමේ වගේ. ඔව් ලමයි මන්  මාතර ඉදල එන ගමන් . අප්පහ්. මාතරද? අහද්දිත් ඇඟ සීතල වෙනව..."
              මෙවැනි කතා මාතරට නුදුරින් කොළඔ ඇතුළු නාගරික ප්‍රදේශ වලින් අසන්නට ලැබෙන බව මාගේ දෙසවනටම ඇසී තිබේ.එයින් පැහැදිලි වන්නේ මාතර පවතින්නා වු කුමන හෝ දෙයකට මිනිසුන්ගේ සිත්තුල යම් තැතිගැන්මක් ඇති වී ඇති බවයි. Diwaneth” තුලින් අද මා අනාවරණය කරනුයේ එයයි.
       "මාතර ගුරුකම් ” මාතර පිළිබඳ කතාබහ කරන්නාවූ ඕනෑම අයකුගේ කතා බහට යොමුවන කරුණකි.මාතර ගුරුකම් කී විට එහි යහපත් තත්ත්වයන් මෙන්ම අයහපත් තත්ත්වයන්ද වේ.එහි දී  ර්‍ණ හදි හූනියම් ” යනු මාතර ගුරුකම්හි අයහපත් තත්වයයි. මෙය මෑත කාලීනව ආරම්භ වූ ‍දෙයක් නොවන බවත් පරම්පරා ගනණාවක අතීතයක් පවතින බවත් මාතර කරුනු දත් ජනතාව ප්‍රකාශ කරයි.
          බුදු රදුන්ගේ කාලය තුලදී මෙම හදි හූනියම් වලින් දොළොස් අවුරුද්දක් මුළුල්ලේ දුක් විඳි දහම් මස්ත රජ්ජුරුවන්ගේ පුතු සුව කිරීමට සක්‍ර දෙවියන් මිහිපිටට පැමිණි බව මාතර වෛද්‍යාචාරීන් පවසයි. එමෙන්ම අප කව්රුත් අසා ඇති ආකාරයට ආනන්ද හිමියන්ට රොඞී ගුරුකමක් කර උන්වහන්සේ බන්ධනය කර ගනු ලැබීය.
මේ ආකාරයට ඈත ඉතිහාසයකට හිමිකම් කියන හදි හූනියම් ලංකාවේ මාතර ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තව පවතී. එමෙන්ම ල වස්තුවලට ආශා‍වෙන් අනාගතේ මිනිසුන් සිදු කළහැකි ගුරුකම් කිහිපයක් බුදුරදුන් පෙන්වා දී තියනව කියල අප සාකච්ඡා කළ ඇදුරුතුමා කීවා.ඒ අනුව
ඔඩ්ඩි විනය , ගුවන් සූනියම් විනය, දුනු සූනියම් විනය, කටු සූනියම් විනය, අට සූනියම් විනය, ගල් සූනියම් විනය, මල් සූනියම් විනය, වල් සූනියම් විනය, අන්ධ සූනියම් විනය, මන්ධ සූනියම් විනය, ගොළු සූනියම් විනය, කෑම සූනියම් විනය, සොඩ්ඩු සූනියම් විනය, යන ගුරුකම් වේ.

හදි හූනියම් ආරූඪයෙන් නේද කරනව කියන්නෙ ඇදුරුතුමනි.

  හදි හූනියම් වලින් කරනව තමයි. ඒ වගේම මන්ත්‍ර මඟිනුත් කරනවා.
ආරූඪෙන් කරද්දි සොහොන් කාලි මෑණියන්ගෙයි , ගම්භාර සූනියම් දෙවියන්ගෙයි ප්‍රධානත්වයෙන්  ආරූඪයෙන් හදි හූනියම් කරන්නෙ. මන්ත්‍ර මඟින් හදි හූනියම් කරද්දි එක එක ක්‍රම වලට කරනව. වැල් පැන්නුම්, ඉරි පැන්නුම්   රුක්කටු ගැසීම් ,පැතිලි ගිණියම්බිත්තරේ ගුරුකම , පැළඉනි ඇටේ ගුරුකම වගේ ගුරුකම් තමා කරන්නෙ. විජ්ජපාළුවෙන් මතුරලා දැම්මම කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෑ. ඒ වගේම ලෙඩ වුනු කෙනෙක්ගෙ කොන්ද හරි වෙන ශරීර අවයවයක් හරි අත ගෑවොත් ඒ ලෙඩ වැඩි කරන්නත් විජ්ජපාළුවට පුළුවන්.

         එතකොට ‍නෝනෙ තිරිසන් සත්තුන්ටත් වින කරන මිනිස්සු ඉන්නවා.

හොඳයි ,දැන් මට කියනවද මේ ගුරුකම් කරද්දි මොන වගේ ද්‍රව්‍යද ගන්නෙ කියල.
කොඩිවින කරද්දිනම්  ගොඩක් දේවල් ගන්නවා. විනේ කරන පුද්ගලයගෙ කිළුටු ඇදුම් කෑලි, කෙස්ස ,නියපොතු, නූල් පොටවල් හෙමත් ගන්නව. මේව ජීවම් කරද්දි නම් බිත්තරයක්,  රත් මල් , දිවි කදුරු ,රත් නෙටොල් , මිනී අළු, හුඹස් දළු , ගෙරි පස් ප්‍රධානවම ගන්නව.

Saturday, June 22, 2019

"පුරුෂාධිපත්‍යයේ වහලිය ?

                                                                   
                                                     

පුරුෂාධිපත්‍යය මුල් බැසගත් සමාජයක අතීතයේ ද වර්තමානයේ ද එය ඒ ආකාරයෙන්ම පැවතෙනුයේ කාන්තාව ඔවුන්ගේ වහලුන් මෙන් සිතීමේ ප්‍රවනතාව වැඩි කරමින් ය. සැමවිට පීඩාවට හංසනයට පත් වන්නියක ලෙස කාන්තාව ලොව ප්‍රචලිතය. ඇය කුඩා දියණියක වන වයසේදී වුව එම හිංසනයන්ට මුහුණ දේ. සේයා ,සදෙව්මි කුරිරු ඝාතන ඊට හොඳම නිදසුන්ය. සම්බුද්වීපය ලෙස ලොව ප්‍රචලිත වුවද ශ්‍රී ලංකාව තුළ කාන්තා හිංසනයන් මහත් සේ දැකගත හැකිය. එය කායික හෝ මානසික වේවා ඒ එකදු ආකාරයකට සිදු වීම අද වන විට ද නවත්වාලිය නොහැකි කාර්යක් වී ඇත.

ස්ත්‍රී දූෂණය තවමත් සිදුවන ලෝකය තුළ එය තනි පුද්ගලයකු විසින් හෝ සමූහයක් විසින් කරනු ලබන්නක් ලෙස විවිධ වේ. කෙලෙසක දූෂනයට ලක් වුවද එමඟින් එම කාන්තාව ගැබ් ගත්තේ නම් පියෙකුගේ නිසි උරුමයක් නොමැති වුව ද එම දරු ගැබ ආරක්ෂා කරගැනීමේ වගකීම ඇයට හිමිය. නීකියෙන්ම කීරණය කර ඇති එයට කාන්තාව විසින් ම දඩුවම් විදිනවා විනා එකදු පිරිමියකු වරැකිව යුත්තේ නොfවි.සමූහ දූෂනයකට ලක් වූ කාන්තාවකට හිමි වූ කළලයට කිනම් පුරුෂයකු තම නාමය ලබා දේද? එය එසේ සිදුවනවාද නැතිනම් පිරිමින්ට කිසිඳු දඬුවමක් ලබා දෙන්නේ ද යන්න ගැටලුවකි. දඬුවම් දීම කෙසේ වෙතත් කාන්තාව කුමන බාධා මධ්‍යයේ වුව ද කළලය විනාශ නොකර රැකගත යුතුය. දූෂනයට ලක් වූ ඇය කුඩා දියණියක් ද කරුණියක් ද යන්න සමාජයට අදාළ නොවන අතර කෙසේ හෝ ගර්භාෂය තුළ වැඩෙනා එම කළලය ආරක්ෂා කර ගැනීම ඇය කළ යුතුය. කළලය විනාශ කළහොත් එය ජීවිතයක් නැති කිරීමේ වරද යටතේ දඬුවමක් විඳීමට සිදුවන කාරණයක් වේ.

මවක වීමට සුදුසුකම් ලබනා කාන්තාවගේ ගර්භාෂයට හිමිකරුවකු සිටීද යනුවෙන් මා ප්‍රශ්ණ කරමි. ඇය ගැබ් ගන්නා තත්වයට පත් කරලීමට කෙතරම් පුරුෂයින් සිටීය ද එම ගැබට හිමිකම් කීමට කරම් එකදු පුරුෂයකු හට පිරිමිකමක් නැති වී ගොස්ය. එමෙන්ම රට තුළ පවත්නා නීතිමය තත්වයන් ද කාන්තාවට විෂම බෙදීමක් තර ඇති බව මාගේ මතයයි. කාන්තා ශබ්රය තුළ ගර්භාෂය පිහිටා තිබුන ද එයට කිසිඳු හානියක් කරලීමට කාන්තාවට අවසරයක් නොමැත. සත්‍යයකි. මෙලොව එළිය දකින්නට සිටින බිළිඳකු මෙම විෂම ලොව සිදුවන්නා වූ වැරදි වලට වගකිව යුතු නැත. එහෙත් එම දරුවාද මෙලොව එළිය දැක මෙවැනිම වරදක් කරනුයේ නම් ඔහුට උප්පත්තිය ලබා දීමෙන් ද පලක් නොවේ.
සෑම කාන්තාවක්ම ඔබේ මව මෙන් සහෝදරියන් මෙන් සිතන්න යැයි නොයෙකුත් තැන්වලදී අප අසා ඇත්තෙමු. නමුත් එසේ සිතනුයේ කව්රුන් ද සියලු පිරිමින් කාන්තාව මතම වරද පැටවීමට යනවා විනා තම වරද හදුනා ගන්නේ නැත. පිරිමින්ට කාන්තාවන් සෙල්ලම් බඩු ගානය. තම ලිංගික අවශ්‍යතාවන් ඉටු කර ගත් පසු ඇය පරවුණු මලක් සේ විසිකර ඇත. එහෙත් ඔහු විවාහ පත් වීමට හෝ නාවතත් ආලය කිරීමට තරුණියක සොයන්නේ නම් ඇය ඉතා පිරිසිදු විය යුතු බව අනිවාර්ය ය. කාන්තාවගේ පිරිසිදුකම සෙව්වා විනා කෙදිනක හෝ පිරිමියකුගේ පිරිමිකම සෙව්වේ ද? නැත. කිසිවෙකුට එය ගැටලුවක් නොවේ.

කොල්ලා ද බල්ලා ද කොහේ ගියත් නහවා ගෙට ගත් පසු සියල්ල හරි ”

යැයි ඕනෑ තරම් අසා ඇති කරුණකි. එසේ නම් කාන්තාවට පමණක් මෙවන් නීති රීති මන් ද . එය සිදුවනුයේ මෙලොව බොහෝ දේ පිරිමි ඇසින් තීරණය කරන නිසිවෙනි. ඉහත කාරණය තුළ දී කොල්ලා ද බල්ලා ද සමාන කර ඇති බවක් පෙනී යයි. නමුත් බල්ලා හට කන්න දුන් පසු වලිගය හෝ වනා ඌ කෙළෙහිගුණ දක්වති. එහෙත් කොල්ලා (පිරිමියා) එසේ නොවේ. කිරීමට තිබෙන සියලු අශෝභන වැඩ කර කිසිවක් නොකරන ලද සුද්දවන්තයකු සේ පසුපසට වීම පුරුෂයාගේ සිරිතය.

Tuesday, June 11, 2019

කාන්තාවන්ට හා තරුණයන්ට සුදුසු පරිසරයක් ප‍්‍රවර්ධනය


             ඇය වෙනුවෙන් ද දිනයක් වෙන්වුනු කාන්තාවට හා තරුණියට අද වන විට ඇයට සුදුසු සමාජ වටපිටාවක් පවතීද ? දිනයක් වෙන් කළ පමණින් එම පරිසරය නිර්මාණය වේ ද? මේ මෙම පැනයට පිලිතුරු සෙවීමට කදිම කාලයයි.

             මෙරට සාමාන්‍ය නීතිය අනුව වයස අවුරුදු 18න් පසු අප ගැහැනු දරුවකු තරුණියක ලෙස හඳුන්වා දෙනු ලබනවා. විවාහ වූ පසු ඇය ගැහැනියක් ලෙස හැඳින්වීමට සමාජය පෙලඹී සිටි. මෙම සියලූ දෑ තුළින් ඇයට ඇගේ  ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති අයුරු දැක ගත හැකිය. විශේෂයෙන් ම දකුණු ආසියානු සංස්කෘතිය තුළ පවතින සංස්කෘතිකාංග හේතුකොටගෙන කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇතැයි කීම සාධාරණය . යුරෝපා රාජ්‍යයන් තුළ දී පිරිමි දරුවන්ට මෙන්ම ගැහැණු දරුවන්ටද තමාට රිසි සේ තම නිදහස භුක්ති විඳීමේ අයිතිය ලැබීම සැබැවින්ම කාන්තාවන්ට හා තරුණියන්ට සුදුසු පරිසරය ප‍්‍රවර්ධනය කිරීමේ දී ඇය සංස්කෘතිය යන බැඳීමට යටත් කරමින් ඇගේ නිදහස අහිමි කිරීමෙහි සාධාරණත්වයක් පවතීද? එය ද එවිට ඇයට සුදුසු පරිසරය.  ඕනෑම අයකුට සුදුසු පරිසරයක් වනුයේ ඔවුන්ට තම නිදහස උපරිම අයුරින් භුක්ති විඳීමට පැවතීමේ නිදහස වේ. එම පරිසරය නිවැරදි අයුරින් නිර්මාණය කර ප‍්‍රවර්ධනය කිරීම අප සැමගේ වගකීමක් වේ.

චිත‍්‍ර කලා ඉතිහාසයේ ආරම්භක යුගය සහ ඉන් නිරූපිත සාම්ප‍්‍රදායික සන්නිවේදනය

Related image
Add caption
           
         
















  කලාව යන වචනය ඈත ඉතිහාසයක් උරුම කරගත්තා වූ වචනයකි. ඒ තුල චිත‍්‍ර කලාව සුවිශේෂී ස්ථානයක් හිමි කරගනී. පැරැන්නන් ස්වභාව ධර්මය ජයගත් එක් අංගයක් ලෙස මෙම චිත‍්‍ර කලාව හඳුන්වා දිය හැකිය. විවිධ යුගයන්ට හිමිකම් කියන්නා වූ චිත‍්‍ර කලාව ඉතා සුවිශිෂ්ට වූ ඉතිහාසයකට උරුමකම් කියනා බැව් නොරහසකි. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ චිත‍්‍ර , චිත‍්‍ර කලාවෙහි ආදිතම යුගය ලෙස හ`දුන්වයි. ප‍්‍රාග් මානවයාගේ භාෂාව , ලිවීම , කියවීම එතරම් දියුණු මට්ටමක නොතිබූ බව ඔබ අප දන්නා කරුණකි. එනිසාවෙන් , සන්නිවේදනයද දියුණු මට්ටමක නොතිබූ අතර අංග චලනයන් මගින් සන්නිවේදනය සිදුකරනු ලැබීය. දඩයම ජීවිකාව කරගනු ලැබූ ආදි මානවයා එම කාර්යය සිදු කිරීමට පිරිමි පාර්ශවය පමණක් උපයෝගී කරගනු ලැබීය. මොවුන් එයින් ලද අත්දැකීම් තම නිවසෙහි සිටිනා බිරින්දෑවරුන් හා ළමුන් අතරට සන්නිවේදනය කරනට වූ මාර්ගය වූයේ ජීවත් වූ ගල් ගුහා බිත්ති තුල කුරුටු ගා එම අත්දැකීම් පෙන්වා දීම ය. මෙම කුරුටු ගෑම් පසු කාලීනව අක්ෂර කලාව , නර්තන කලාව ඇතුලූ විවිධ කලාවන් බිහිවීමට හේතු වන්නට විය.

සමස්ත ලෝකය පුරා ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙම ක‍්‍රියාව සිදු කළ බවට පුරාවිද්‍යා සාධක කියාපායි. ඒ අනුව, අපි‍්‍රකාව,  ඕස්ටේ‍්‍රලියාව, ආසියාව මෙන්ම යුරෝපා රාජ්‍යයන් තුලින් මෙම ගුහා නිර්මාණ හමු වී ඇත.

උදාහරණ :
  •     උතුරු ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහා ( තප්පුලන ගවයා හා විවේක ගන්නා බයිසන් රුව* සහ කෝගුල් ගුහාව( නග්න පිරිමි දරුවකු වටා නටන කාන්තාවන් පිරිසකගේ රූ සටහන් *
  •    උතුරු ප‍්‍රංශයේ ලැස්කෝ ගුහා ( අඩි 17 ක් පමණ දික්වූ ගව රුව , ගව පෙල හා වේගයෙන් ඉදිරියට පනින ගව රුව) නියෝ ගුහාව ( හී පහර කාගෙන බිම ඇද වැටෙන බයිසන් රුව , තරබාරු මී හරක් දෙදෙනෙකු හා අන් සහිත පිනි මුවන්ගේ රූ සහ පොන් ඩි ගෝමි ගුහාව (මැමත් පෙරහැර)
  •   නැගෙනහිර ස්පාඤ්ඤයේ පිරනීස් හා සියේරා නොවායා දක්වා මුහුදුකරයේ ඇති ගුහා.

ශී‍්‍ර ලංකාව තුළ මෙසේ ප‍්‍රාග් ඓතිහාසික සිතුවම් හමුවන ගුහා අතර,
  •       තන්තිරිමලේ ගුහා චිත‍්‍ර

  •        බිල්ලෑව ගුහා චිත‍්‍ර

  •        නැව්ගල ගුහා චිත‍්‍ර

  •        කදුරුපොකුණ ගුහා චිත‍්‍ර

  •         ආ`ඩියාගල ගුහා චිත‍්‍ර

  •        කෑගල්ල දොරවක ලෙන

  •         දිඹුලාගල ගුහා චිත‍්‍ර
යනාදී ගුහාවන් වේ.

ප‍්‍රාග් මානවයන්හට මෙලෙස මෙම ගුහා තුළ සිතුවම් නිර්මාණයට ප‍්‍රධානතම සාධක දෙකක් හේතු වූ බව පැහැදිලි වේ. එනම්,
  •        දඩයම
  •         ඇදහිලි හා විශ්වාස
ඇ`දහිලි විශ්වාසයන් පිළිබ`ද විමසා බැලීමේදී,

      ඔවුනට නිතර නෙත ගැටෙන සතුන්ගේ රූ ගල් ගුහාවල සිත්තම් කල විට වැඩි වශයෙන් එම සතුන් දඩයමට හසු වේය”

යන විශ්වාසය වැදගත් වේ. එමෙන්ම ,

”      තමන්හට අනතුරුදායක සතුන් අ`දිනු ලැබීමෙන් එසේ සිදුවන අනතුරු අඩු වන බව”

 විශ්වාස කරමින් චිත‍්‍ර අ`දිනු ලැබීය. තවද

      සත්ත්වයින් මරා ලද ජයග‍්‍රණයන්හි සතුට සැමරීමට”

 ද මෙසේ සිත්තම් කළ බව අදහසකි.

මොවුන් මෙම සිතුවම් නිර්මාණය කිරීමේදී යම් ක‍්‍රමවේදයක් අනුගමනය කරනු ලැබිණි. එහිදී ගල් ගුහා බිත්ති පුරා ගස් , කොළ, පොතු හා ගෙඩිවල යුෂ ගෙන චිත‍්‍ර ඇ`ද ඇති අතර සත්ව ලේ තවරමින් ද චිත‍්‍ර නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි.

මේ ආකාරයෙන් අ`දින ලද චිත‍්‍ර නිර්මාණ තුලින් සාම්ප‍්‍රදායික සන්නිවේදනය වූ ආකාරයක් දැකගත හැකිය. ”ප‍්‍රධානවම ආදි මානවයාගේ සමාජ පැවැත්ම පිළිබ`ද සන්නිවේදනයක් මෙම සිත්තම් තුලින් නිරූපණය කෙරේ.”