Friday, October 18, 2019

ගර්භාෂයට හිමිකරුවෙකු සිටී ද ?

 
             තම ලෙයින් ජාතක ව කලලයක් කුසට පැමිණි දින සිට ඇය පරිස්සම් වූයේ කුසේ සිටින්නේ දියණියක්ද පුතකු ද යන්න මැන බලා නොවේ. ඇය ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ වේවා ඒ ඇයගේ ආදරයේ සංකේතයයි. කෙදිනක හෝ මේ ලොව ජය ගන්නා මිනිසෙක් ය, යන අදහස ඇතිව ඇය තම කළලය ආරක්ෂා කර ගනී. එවන් රැකවරණයක් ලබා දෙන්නා වූ කාන්තාවගේ ගර්භාෂයට නිසි වටිනාකමක් මේ සමාජය ලබාදී තිබේ ද යන්න විමසා බැලිය යුතු වැදගත් කාරණාවකි. ගර්භාෂයක් පිහිටා ඇති කාන්තාව කෙදිනක හෝ තම ලෙයින් බිළිඳකු මෙලොවට ජාතක කරන්නට  බලාපොරොත්තුව සිටි. එහෙත් එසේ බලාපොරොත්තුව සිටින ඇයට එය අනිසි අයුරින් දරා ගැනීමට සිදු කරන තත්ත්වයට සමාජය පත්ව ඇත.

            ඔසප් චක්‍රය සිදුවන ඕනෑම කාන්තාවක් දරුවකු කුස දැරීමට සුදුසුකම් ලබා ඇත. කණගාටුවට කාරණය වී ඇත්තේ තම ලෙයින් ජාතක කර ශරීරය දෙබෑ කරමින් මෙලොව එළිය දකින්නට දුන් කාන්තාවට පිරිමින් උරුම කර දෙන්නාවූ තත්වයයි. පියකු කවුරුන්දැයි නොදන්නා දරුවකු  බිහි කිරීමට මෙම සමාජය තුල කාන්තාවට සිදුව ඇත. ළමා අපචාර, කාන්තා අපචාරයන්ට වැඩි නැඹුරුවක් පවතින මෙරට තුළ ගර්භාෂය හිමි කාන්තාව මුහුණ දිය යුතු අභාග්‍ය සම්පන්නම තත්ත්වයයි. තම ලේ හෝ වෙනකෙකුගේ ලේ  හෝ වේවා දූෂණයට ලක් කිරීමට ලාංකීය සමාජය තුල පුරුෂයා පෙළඹී සිටී. ඒ තුළින් පීඩාවට පත් වන්නේ ඇය පමණක් ම ය. මෙවන් සිදුවීම් ඕනෑතරම් මෑතකාලීන ඉතිහාසය තුළ මාධ්‍ය තුළින් අසන්නට දකින්නට අප නෙත්, සවන් පව් කර තිබිණි.

Tuesday, September 17, 2019

දෛවය ද ඇගේ..

"ගහන්නෙපා මහත්තයෝ , අර පැටවත් බලන් ඉන්නවා බයවෙලා හොදටම ."

"යකෝ ගෑණියෙ මට මොකද ඒකිට මොනවා වුනත් .ඒකි මගෙම ද කියලා මං දන්නෙ කොහොමද"?.

හ්ම්ම්ම්, ඒ මගෙ අම්මයි අප්පච්චියි.මං දන්න කාලෙ ඉදලා මට ඇහුනෙ එයාල දෙන්නගෙ රණ්ඩු විතරමයි. අප්පච්චි බීලා ඇවිත් හැමදාම අම්මට ගහනවා ,ගෙදර බඩු පොඩි කරනවා.මං බයටම ඇද පල්ලට ගිහින් හැංගිලා ඉන්නවා අම්මා මං ලගට එනකම්.

හිතේ හැංගුණු දුක කිව්වට මං කව්ද කිව්වෙ නෑනෙ ඉතින්.මං නෙත්මිණී. එහෙම වුනාට මට යාලුවො කිව්වෙ නෙතූ කියලා.මං දැන්නම් ඉන්නෙ කැම්පස් එකේ.ඒත් මගෙ පුංචි කාලෙ ඉදන්ම මට ගොඩක් දුක් විදින්න වුනා .ඒ මගෙ අප්පච්චි නිසා.අම්මයි අප්පච්චියි අවුරුදු 05 ක්ම ආදරේ කරලලු බැන්දෙ.ඒත් බැන්දට පස්සේ අප්පච්චි හැමදාම බොනවලු.ඉස්සර මං අම්මගෙන් ඇහුවට ඇයි එහෙම වුනේ කියලා කවදාවත් අම්මා මට කිව්වෙ නෑ .ඉතින් මන් දැන් කැම්පස් එකේ හිටියත් මං ආයෙ අම්මගෙන් ඒ ගැන අහන්න ගියේ නැහැ අම්මා දුක් වෙන නිසා.

" සුද්දියේ , මං උඹව පුංචි කාලෙ ඉදන් බලාගත්ත විදිය උඹ දන්නවනෙ .මං විදපු දුක් උඹ ත් විදවනවට මං අකමැති නිසයි මං මේ දේ උඹට කියන්න කියලා තීරණේ කලේ".

මං කැම්පස් ඉදන් ගෙදර ආපු දවසක අම්මා මෙහෙම කියන්න ගත්තා.

"ඇයි අම්මා මගෙන් මුකුත් වරදක් වුනාද අනේ".

මං හිතුවෙ අම්මා මගෙ phone එක දැකලා මගෙ හීන කුමාරයා ගැනවත් දැනගෙන ද කියලා.

"නෑ සුද්දියේ,උඹ ඉස්සර හැමදාම  ප්‍රශ්නයක් ඇහුවා මතකද. ඒ කාලෙ උඹ පොඩි කෙල්ල.මං කොහොමද මුකුත් නොතේරෙන උඹට ඒවා කියන්නෙ.දැන් උඹ කැම්පස් යන හොද නරක තේරෙන කෙල්ලෙක් .ඒකයි මං මේ දේ  කියන්නෙ."

"  අනේ අම්මා ,මට මුකුත් අහන්න ඕනි නෑ.අම්මා දැන් අඩන්නෙ නැතිව ඉන්නකො.මට ඕනි අම්මා සතුටින් ඉන්නවා දකින්න විතරයි."

නෑ සුද්දි ,  මේ කදුළු මට අලුත් දෙයක් නෙමෙයි .මේක අද නොකිව්වොත් උඹටත් මට වගේ අඩ අඩාමයි ඉන්න  වෙන්නෙ."

" අම්මා.."

" ඔව් සුද්දි . උඹ මගෙන් හැමදාම ඇහුවා නේද ආදරේ කරලා බැදලත් ඇයි අපි රණ්ඩු වෙන්නෙ කියලා.ගෑණියකට මේ සමාජෙ තියන තැන නිසයි මට මෙහෙම වුනේ."

එතකොට නම් මං ගැස්සිලා  ගියා.

"ඇයි අම්මා එහෙම කියන්නෙ".

Monday, September 2, 2019

ලාංකීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මුස්ලිම් කාන්තාව

හැඳින්වීම. 

 

   තම කුසින් බිහි කිරීමේදී කිසිදු බෙදීමක් නොකරන  ස්ත්‍රියට ම සමාජය තුල විවිධ වූ බෙදීම් සිදු කිරීමට එම කුස තුළින් ම උපන් බොහෝ මනුෂ්‍යයන් පෙළඹී සිටින බව දෑස් මානයේ විද්‍යාමාන වන නොරහසකි .  දියණිය ක්, ගැහැනියක් ,මවක් වන් කාන්තාව මෙලොව සිටින වටිනාම වස්තවු ක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එම වටිනාම වස්තුවට සැබෑ ලෙසම සමාජය තුළ වටිනාකමක් ලබා දෙන්නේ දැයි වත්මන් සමාජ වටපිටාව තුළ දෙවරක් සිතිය යුතු කාරණාවකි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ලෙස වැඩ බෙදා දැක්වීම මෙසේ වටිනාකමක් හිමි නොවීමට හේතුවක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙයට හේතුවී ඇත. සමාජය විසින් ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ඇති සමාජ සබඳතාව සරලව ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස අර්ථ දැක්විය හැකියි. ආසියානු කාන්තාව බොහෝවිට සංස්කෘතියට යට වුණ තැනැත්තියක ලෙස හඳුන්වා දීමට හැකිය. එය ලාංකීය සමාජය තුළ ද එලෙසම පවතී. මෙරට සිටින්නාවූ සිංහල කාන්තාව මෙන්ම මුස්ලිම් දමිළ කාන්තාවන්ද 

සංස්කෘතියේ වහලුන් බවට පත්ව ඇත. විශේෂයෙන් ඇයට නිදහස යන්න හිමිව තිබෙන්නේ අසම්පූර්ණ  ලෙසය. පූර්ණ නිදහසක් ඈට ලබා දීමට සමාජය පුද්ගලයා අකමැති වන අතර ඇයව තව තවත් පීඩාවට පත් කිරීමට සමාජය ක්‍රියා කරනු ලැබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මුස්ලිම් කාන්තාව ඉතා වැදගත් වේ.  

Saturday, July 27, 2019

"ඉම්ප්ලාන්ට්" තාවකාලික පවුල් සැලසුම් ක්‍රම.


                 
    "ඉම්ප්ලාන්ට්" තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි. මෙය ප්‍රොජෙස්ටරෝන් නම් ස්ත්‍රී හෝර්මෝනයට සමාන ද්‍රව්‍යයක් අඩංගු කරල් විශේෂයකි. ස්ත්‍රියගේ උඩු බාහුවේ සමට යටින් මෙය තැන්පත් කරන අතර විනාඩි 5 කටත් වඩා අඩු කාලයක් ඒ සදහා ගත වේ.

ඉම්ප්ලාන්ට් තැන්පතුව මගින් ගැබ් ගැනීමක් වළක්වන්නේ කෙසේද? 

     *. ඩිම්බ මෝචනය වැළැක්වීම මගිනි.
     *. ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝණ බව වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුල්වීම අපහසු කරවීම මගින්.

ඉම්ප්ලාන්ට් තැන්පතුව සුදුසු කාහට ද?

    *. දිගුකාලීන තාවකාලික ක්‍රමයක් අවශ්‍ය කාන්තාවන් ට
    *.දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු මව්කිරි දෙන කාන්තාවකට.

ඉම්ප්ලාන්ට් තැන්පත් කළ හැකි අවස්ථා මොනවා ද? 
   
     *. ඔසප්වීම ආරම්භව දින 5ක් ඇතුළත ඉම්ප්ලාන්ට් තැන්පත් කරවා ගැනීම වඩාත් සුදුසුය.
     *. මෙය තැන්පත් කළ දින සිට ම ක්‍රියාත්මක වන බැවින් අමතර පවුල් සංවිධාන ක්‍රම භාවිතය අවශ්‍ය නැත.
     *. මෙහි සාර්ථකත්වය 100% ටා අසන්නය.

ඉම්ප්ලාන්ට් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද?

     *.තැන්පත් කළ කරල් වර්ගය අනුව භාවිතා කළ හැකි කාලය වෙනස් වේ.
     *.එක් කරලක් (ඉම්ප්ලනෝන්) තැන්පත් කළ විට 03ක් දක්වා ගැබ් ගැනීම වළක්වාලිය හැකිය .
     *.කරල් 02 ක් (ජඩෙල්) තැන්පත් කළවිට වසර 05 දක්වා ගැබ් ගැනීමෙන් වැළකිය හැකිය.

ඉම්ප්ලාන්ට් කරල ඉවත් කරන්නේ කෙසේද ?

    *.තැන්පත් කළ කරල් වර්ගය අනුව අවුරුදු 3 කදී හෝ අවුරුදු 5 කදී තැන්පතුව ඉවත් කිරීම අවශ්‍යය වේ.
   *.එය ඉවත් කළ යුතු දිනය ඉම්ප්ලාන්ට් තැන්පතුව තැන්පත් කරන දිනයේදී ඔබට ලබා දුන කාඩ්පතේ සදහන් කර ඇත .
  *.එවන් අවශ්‍යතාවයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.

නැවත සරුභාවයට පත්වීමට කොපමණ කාලයක් ගතවේද?

  *.ඖෂධයේ ක්‍රියාකාරීත්වය එම තැන්පතුව ඉවත් කල වහාම නැතිවන බැවින් ඉන්පසු ඕනෑම අවස්ථාවක ගැබ් ගැනීමට ඉඩ ඇත.

ඉම්ප්ලාන්ට් තැන්පත් නොකල යුතු අවස්ථා මොනවා ද?

 *.ගර්භණීභාවයේදී.
 *.හෘදය හා රුධිර සංසරණ පද්ධති ආශ්‍රිත රෝග තත්වයන් වලදී.

ඉම්ප්ලාන්ට් නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?

 *.ඔබේ ඔසප් වීම අක්‍රමවත් වීම.අඩුවෙන් සිදුවීම හෝ සම්පූර්ණයෙන් නතරවීම සිදුවිය හැකිය.මෙසේ සිදු වන්නේ  ඖෂධයේ ක්‍රියාකාරීත්වය නිසා බැවින් ඒ සදහා ප්‍රතිකාර අවශ්‍ය නැත .

 *.ඔබගේ ඔසප් වීම වැඩිපුර හෝ දිගටම පවතී නම් හෝ වෙනත් අපහසුතාවයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය . ඉම්ප්ලාන්ට් තැන්පත් කල රෝහලේ හෝ සායනයේ වෛද්‍යවරයා හමවීම වඩාත් වැදගත් ය.

 *.පළමු පසු විමරම් සදහා තැන්පත් කර මසකින් පැමිණීම ඉතා වැදගත් වේ.ඉන්පසු වසරකට වරක් පසු විපරම් සදහා පැමිණිය යුතුය .

සේවා සපයන්නන් කවුරුන් ද?

 *.රජයේ පවුල් සංවිධාන සායන.
          ( රෝහල් සහ සෞඛ්‍යය වෛද්‍ය  නිළධාරි කාර්යාල .)
 *.පෞද්ගලික රෝහල් .
 *.රජයේ නොවන පවුල් සංවිධාන සායන .

උපදෙස් : ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරිනී .

Friday, July 26, 2019

ඔබ නොදුටු මසිත

අපි හැමෝටම පුංචි කාලෙ ඉඳන් හීනයක් තියෙනවා. මටත් ඒ වගේ හීනයක් තිබුනා අනිවාර්යෙන්ම කැම්පස් යනවා කියලා. උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වූ මම කැළණියට තමා ආවෙ. සරසවියට පියමන් කළ මුල්ම දවසේ දහස් ගණනක් ළමයින් ඇවිත් හිටියා. විවිධ වර්ගයේ ළමයි ඒ අතර සිටියත් මගේ ඇස් එකවරම එක තැනක නතර වුණා . ඒ , 

ලස්සන අයිබ්‍රෝස් තියන අලුත උපන් වහු පැටවකගෙ වගේ නිල්වන් ඇස් දෙකකුත් , ඒ ඇස් දෙකේ දීප්තිය වැඩි කරන දිගටි ඇස් පිහාටුත් , හා පැටවකුගෙ වගේ මූණත් මගේ නෙත් අතර පැටලුනේ සංසාර බැදීමකට වගේ . සාමාන්‍යයෙන් හුරුබුහුටි කෙල්ලකට පිහිටන මේ හැම අංගයක්ම පිරිලා තිබුණ ඒ මූණ පුංචි කොල්ලෙක්ගෙ. පුංචි කිව්වට ඉතින් එයත් මගෙ බැජ් එකේ.

සාමාන්‍යයෙන් ෆිල්ම් වල තමයි මෙහෙම අය ඉන්නෙ. ඒත් මේ නම් ඇත්තටම ඉන්න කෙනෙක්. සෙනඟ අතරින් ඒ මුහුණ පෙනුනත් මං එක්ක හිනාවුණ ඒ මූණ දැක්කම මහා ලෝබ කමක් හිතුනා අනේ එයාවම බලන්න තිබුණනම් කියලා. පළවෙනි දවසෙ නිසා බයකුත් තිබුණා. ඒ නිසා කමක් නෑ කැම්පස් එකේනෙ ඉන්නෙ පස්සෙ හමුවුණාම කතා කරලම තමා යන්නෙ කියලා හිතලා ඒ මූණ දිහා තව ටිකක් බලන් ඉඳලා මං යාළුවොත් එක්ක බංකුවකින් වාඩි වුණා. 

කැම්පස් ජීවිතේ භයානකම කාලෙ කියලා ගෙදරින් එද්දි හිතං ආපු මුල් දවස් ටික හිතුවට වඩා ගොඩක් ලස්සනට ගෙවිලා යන්න ගත්තා . දින ගණනක් ගෙවිලා ගියත් මට ඒ සුදු මූණ ආයෙ හමුවුණේ නැහැ. මේ අතරෙ කැම්පස් ඇවිත් මාසයක් පමණ ගතවෙද්දි ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒ තමයි අපේ පළවෙනි පා ගමන. මේ දවස මගෙ බලාපොරොත්තුවෙ දවස වුණා. අහලා තිබුණ විදියට කැම්පස් එකේ බොහෝ දෙනෙක් මෙයට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ බැජ් එකේ පිරිමි ළමයි අතරෙ හැරි හැරී එබිකම් කර කර මං බැලුවෙ ඒ මුහුණ පේන්න තියේද කියලා. මගේ යාළුවොත් බනිනවා මොකක්ද බන් මේ හැදිලා තියන පිස්සුව කියලා. මං උත්තර දෙන්න කියලා ස්ටාෆ් කැන්ටිම පැත්ත බලද්දිම , 

“අනේ ”
  කියලා මට කියවුනේ ඉබේටම වගේ.
“මොකද බන් ඒ ගමන”
“අනේ , ඒ සුදුමූණ , ඒ මූණම තමයි ඒ”

“කෝ බන් කොහෙද, ඒ පැත්තෙ එක කොල්ලෙක්වත් නෑනෙ. ඒ පේළියට එන්නෙ අපේ බැජ් එකේ පොඩි හාමුදුරුවොනේ”.

මටත් නොදැනිම මගේ ඇස් දෙකේ කදුළු පිරිලා . අනේ ඒ අහිංසක මූණ පොඩි හාමුදුරුවන්ගෙද.... මං... මං දැන් මොකද කරන්නෙ. නෑ.... නෑ ඒ මෙයා නෙමෙයි. එයා කොහොමද මෙහෙම වෙන්නෙ බලමුකෝ මට වරදින්න ඇති.කියලා හිත හදාගත්තත් මට පා ගමන යන අතරෙ ත් ඒ මූණ මැවි මැවී පෙනුණා.
පාර්ලිමේන්තුව දෙසට ගිය පා ගමන කදුළු ගෑස් , ජල ප්‍රහාර මැද්දෙ ඉවර වුණා. හිතේ පුංචි බයක් තිබුණත් සීනියර් අක්කලා අපිව බලාගත්තා . මේ සියල්ල ඉවරවෙලා අපි ආයෙත් කැම්පස් එන්න හදද්දි හැන්දෑවෙ 07 පමණ වෙලා. අමාරුවෙන් බසයට නැගගත්තු මට ඇඟ හිරිවැටිලා යන ඒ හිනාව දකින්න පුළුවන් වුණා. ඒත් එක්කම මහා දුකක් හිතේ ඇති පිරුණා. අනේ ඇත්තටම ඒ මෙයාම  තමයි. එහෙම හිතුව මම මදක් අතීතෙට ගියා. ඇත්තටම එදා ඒ මුහුණ දකිද්දි පිරිමි ළමයෙක්ගෙ තරම් කොන්ඩෙ තිබුනේ නෑ කියලා කල්පනා වුනේ ඒ වෙලාවෙදි . මොකද පිරිමි ළමයිනුත් කොන්ඩෙ ගොඩක් කොටට කපලා තිබුනු නිසා මට එදා එතරම් තේරුමක් නැති වුණා .
“පොඩි හාමුදුරුවෝ ”.....

මං හිමීට මිමිනුවා. ඒ වචන ඇහිලද මන්දා අර අහිංසක හිනාවෙන්ම මට සංග්‍රහ කළා. මමත් හිනාවෙලා විතරක් තරමක් පසුපසට වුණා.  අක්කලා අයියලා දැක්කොත් බනියි කියන දේටත් වඩා මගේ හිත ඇතුලෙන් වේදනා විදින නිසයි එහෙම කළේ . 

එදා රාත්‍රියෙ බණ්ඩාරනායක නේවාසිකාගාරයම මහා පාළුවකින් පිරිලා වගේ මට දැනුනේ. එතරම් ළමයි ඉඳලත් මගේ හිතේ පාළුව අවට හැම තැනින්ම මට දැනෙන්න ගත්තා .

“ඒයි වරෙන් බන් බත් කන්න. නිදාගන්න ඕනි”.

මුකුත් නොකියම බත් කටවල් දෙක තුනක් කාපු මට වෙනදා හැදෙන පපුවෙ කැක්කුම හැදුනා. සුපුරුදු පරිදි නදීගෙ සිද්ධාලේප එකෙන් සිද්ධාලේප ටිකක්  ගාගෙන මං ඇඳට වැටුණා. දවසම මහන්සි වුණු නිසාදෝ කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගිහින් උදේ ලෙක්චර් යන්න කියලා ඔෂී කතාකරනකම්ම මං නිදි.
මංජුසාව පළමු වසර අපි කරන කළා උළෙල. පා ගමනින් දවස් දෙකකට පස්සෙ වැඩ පටන් ගන්න කියලා ජිම් එකට ගියා. ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙ නිසාදෝ බැජ් එකේ ගොඩක් පිරිසක් මේ අත්දැකීම ලබාගන්න ඇවිත් හිටියා.

“නංගී , ඇයි උඹලා කොල්ලො වෙනම හාමුදුරුවො වෙනම උඹලා වෙනම ඉන්නෙ. උඹලා ඔක්කොම එකම බැජ් එකේ. හැමෝවම අඳුරගන්නවා ඒකටයි අපි මේවා කරන්නෙ. මේක කැම්පස් එක ගම නෙමෙයි , හාමුදුරුවො එක්කත් කතා කරනවලා ගිහින්. ගෞරවය තියෙන්න ඕනි. ඒත් එයාලත් උඹලගෙ සහෝදරයො වගේ තමයි මේ කැම්පස් එක ඇතුලෙදි හරිද ”. 

අක්කා කෙනෙක් එකපාරටම අපි ඉඳපු fටිබල් එක ළඟට ඇවිත් තරමක් සැරෙන් කියවන් ගියා. 
අපි කට්ටියක් පිරිමි ළමයි වැඩ කරන පැත්තට ත් මමත් තව දෙතුන් දෙනෙකුත් හාමුදුරුවො ඉන්න පැත්තටත් ගියා සැරසිලි කරන සමනල්ලු අතේ තියාගෙනම.

 “ අනේ මටනම් බෑ මේ දේ කරන්න. ඇයි මගෙ හිත මේ තරම් බොළඳ , එයා හාමුදුරුවෝ කෙනෙක්නෙ.”
මං මගේ හිතත් එක්ක අමාරුවෙන් පොර බැදුවා. 
“මොකද මේ බයවෙලා වගේ”.         
නුහුරු කටහඬක් වුනත් ඒ වචන හදවතට ම කිඳා බැස්සා වගේ.
“පොඩි හාමුදුරුවනේ ”
“ම්ම්ම් මතකද මාව, එදා ආපු පළවෙනි දවසෙ කව්දෝ කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ.”
මට පොළව පලන් යන්න හිතුනා මේ මොන ලැජ්ජාවක් ද කියලා. ඒත් එක්කම මෙයා නම් හරිම කටකාරයෙක් වගේ කියලා හිතුනා. 
“අනේ එහෙම නෑ හාමුදුරුවනේ , එනවද සමනල්ලු හදන්න යන්න හාමුදුරුවොත් ”
“ආ.... යමුකෝ , අපිත් මේ කම්මැලි කමේ හිටියෙ. 

ටේබල් එකට ගිය අපි එකිනෙකාගෙ විස්තර කතා කළා . පොඩි හාමුදුරුවෝනම් ඇත්තටම හරිම කටකාරයි. මං නම ඇහුවම 

“පිපිඤ්ඤසාර”  කියලයි කිව්වෙ. අපි හැමෝටම හිනාව නවත්තගන්න බැරි වුණා. 

“අනේ පොඩි හාමුදුරුවනේ ඇත්තම නම මොකක් ද ? නැත්නම් අපි මේ නමින්ම තමයි කතා කරන්නෙ ”.
“ම්ම්ම්, මගෙ නම “ධම්මරතන.”

ඊට පස්සෙ අපිත් හාමුදුරුවරුන්ගෙ නම් ගම් විස්තර අහලා අපෙත් කාඞ් කියලා වැඩ ටික කළා. 
මෙහෙම කාලයක් ගතවෙද්දි දිනපතා ඒ ඇස් දෙක දකින්න මට අවස්ථාව උදා වුණා. පොඩි හාමුදුරුවො හරිම පින් පාටයි. බුදු දහමට ඉතාම ලැදියි. කතා බහේදි වුනත් විහිළු කරල හිටියත් ගොඩක් ධර්ම කරුණු අපට කියලා දුන්නා. 

“සමාවෙලා හදාගන්න මට මගේ හිත
 එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න”.....

“ආ...ලකීට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දන්නෙ අදනෙ”. 

මං මංජුසාවෙ සින්දු කියලා එද්දි මං ඉස්සරහට ආපු පොඩි හාමුදුරුවෝ කිව්වෙ මගේ හිතේ දාහක් දේවල් සිත්තම් කරමින් ය . 
“අනේ ඒක සින්දුවක් විතරක්ම නෙමෙයි මගේ හිතේම තියන දෙයක් ”

Monday, July 22, 2019

මුස්ලිම් සංස්කෘතිය හා බැඳුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ ( ආහාර හා ඇඳුම් පැළඳුම් )



මුස්ලිම් සංස්කෘතිය තුල අන්තර් සංස්කෘතිය ඉස්මතු වන අංග ලක්ෂණ කිහපියකි.ආහාර පාන හා ඇඳුම් පැළඳුම් ද එම අන්තර් සංස්කෘතිය පිළිබිඹු කරන අංගයන් අතර කැපී පෙනේ.
මුස්ලිම් ජනයාගේ හදුනාගැනීමේ ප්‍රධානම ලක්ෂණයක් වන ඇඳුම තුලින් කෙසේ අන්තර් සංස්කෘතිය පිළිබිඹු වන්නේ දැයි මා පළමුවම දක්වමි.

මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ ඇඳුම වනුයේ “හබාය” ය- ඒ වගේම මොවුන් මුහුණ වැසෙන සේ ඔලුවේ සිට පළඳන
     “හිජාබ් ” යන ඇඳුමෙම කොටස ද ඔවුන් ගේ අනිවාර්යය අංගයක් වේ. අතීතයේ කළු පැහැය පමණක්ම භාවිතා කළද වර්තමානයේ දී ඒ ඒ රටවල දේශගුණික හා සමාජ වෙනස් වීම් නිසාවෙන් විවිධ වර්ණයෙන් යුක්ත හබාය අදිනු දැකිය හැකි වේ-  අතීතයේ බ්‍රාහ්මණ කාන්තාවන් මෙන්ම වර්තමානය වන විටද දැකිය හැකි ද්‍රවිඩ හා හින්දු ජනයා ද තම ශරීරය හිසේ සිට පාදාන්තය දක්වාම වැසෙන සේ මුස්ලිම් ජනයාගේ ඇඳුමට සමාන වූ ඇඳුම් අදිනු ලැබේ- මේ තුලින් මුස්ලිම් සංස්කෘතියෙහි හා එම සංස්කෘතීන්හි අන්තර් සබඳතාවක් දැකගත හැකිය- -එමෙන්ම ටෝගාව යන ග්‍රීක ඇඳුම ද මේ හා සමාන බවක් දැක්වේ.
විශේෂයෙන් මුස්ලිම් සංස්කෘතිය ව්‍යාප්ත වූ මැද  පෙරදිග රටක් වන සෞදි අරාබි සංස්කෘතිය තුලින් අනෙකුත් රටවලට මෙම සංස්කෘතිය ව්‍යාප්ත වී ඇත .එහෙත් එරටෙහි ඇඳුම සඳහා කළු පැහැය අද වන විටත් භාවිතා කළ ද ලංකාව ඇතුලු අනෙකුත් රටවල් විවිධ වර්ණයන්ගෙන් මෙන්ම ෂල්වාරි , දෙපතුල දක්වා දික්වූ සාය හා අතෙහි වළලුකර දක්වා වූ හැට්ටය , කලිසම හා දනිස දකිවා දික්වූ හැට්ටය මෙන්ම වයසක කාන්තාවන් සාරිය ද ඇඳීමට යොමු ව ඇත.