"ගහන්නෙපා මහත්තයෝ , අර පැටවත් බලන් ඉන්නවා බයවෙලා හොදටම ."
"යකෝ ගෑණියෙ මට මොකද ඒකිට මොනවා වුනත් .ඒකි මගෙම ද කියලා මං දන්නෙ කොහොමද"?.
හ්ම්ම්ම්, ඒ මගෙ අම්මයි අප්පච්චියි.මං දන්න කාලෙ ඉදලා මට ඇහුනෙ එයාල දෙන්නගෙ රණ්ඩු විතරමයි. අප්පච්චි බීලා ඇවිත් හැමදාම අම්මට ගහනවා ,ගෙදර බඩු පොඩි කරනවා.මං බයටම ඇද පල්ලට ගිහින් හැංගිලා ඉන්නවා අම්මා මං ලගට එනකම්.
හිතේ හැංගුණු දුක කිව්වට මං කව්ද කිව්වෙ නෑනෙ ඉතින්.මං නෙත්මිණී. එහෙම වුනාට මට යාලුවො කිව්වෙ නෙතූ කියලා.මං දැන්නම් ඉන්නෙ කැම්පස් එකේ.ඒත් මගෙ පුංචි කාලෙ ඉදන්ම මට ගොඩක් දුක් විදින්න වුනා .ඒ මගෙ අප්පච්චි නිසා.අම්මයි අප්පච්චියි අවුරුදු 05 ක්ම ආදරේ කරලලු බැන්දෙ.ඒත් බැන්දට පස්සේ අප්පච්චි හැමදාම බොනවලු.ඉස්සර මං අම්මගෙන් ඇහුවට ඇයි එහෙම වුනේ කියලා කවදාවත් අම්මා මට කිව්වෙ නෑ .ඉතින් මන් දැන් කැම්පස් එකේ හිටියත් මං ආයෙ අම්මගෙන් ඒ ගැන අහන්න ගියේ නැහැ අම්මා දුක් වෙන නිසා.
" සුද්දියේ , මං උඹව පුංචි කාලෙ ඉදන් බලාගත්ත විදිය උඹ දන්නවනෙ .මං විදපු දුක් උඹ ත් විදවනවට මං අකමැති නිසයි මං මේ දේ උඹට කියන්න කියලා තීරණේ කලේ".
මං කැම්පස් ඉදන් ගෙදර ආපු දවසක අම්මා මෙහෙම කියන්න ගත්තා.
"ඇයි අම්මා මගෙන් මුකුත් වරදක් වුනාද අනේ".
මං හිතුවෙ අම්මා මගෙ phone එක දැකලා මගෙ හීන කුමාරයා ගැනවත් දැනගෙන ද කියලා.
"නෑ සුද්දියේ,උඹ ඉස්සර හැමදාම ප්‍රශ්නයක් ඇහුවා මතකද. ඒ කාලෙ උඹ පොඩි කෙල්ල.මං කොහොමද මුකුත් නොතේරෙන උඹට ඒවා කියන්නෙ.දැන් උඹ කැම්පස් යන හොද නරක තේරෙන කෙල්ලෙක් .ඒකයි මං මේ දේ කියන්නෙ."
" අනේ අම්මා ,මට මුකුත් අහන්න ඕනි නෑ.අම්මා දැන් අඩන්නෙ නැතිව ඉන්නකො.මට ඕනි අම්මා සතුටින් ඉන්නවා දකින්න විතරයි."
නෑ සුද්දි , මේ කදුළු මට අලුත් දෙයක් නෙමෙයි .මේක අද නොකිව්වොත් උඹටත් මට වගේ අඩ අඩාමයි ඉන්න වෙන්නෙ."
" අම්මා.."
" ඔව් සුද්දි . උඹ මගෙන් හැමදාම ඇහුවා නේද ආදරේ කරලා බැදලත් ඇයි අපි රණ්ඩු වෙන්නෙ කියලා.ගෑණියකට මේ සමාජෙ තියන තැන නිසයි මට මෙහෙම වුනේ."
එතකොට නම් මං ගැස්සිලා ගියා.
"ඇයි අම්මා එහෙම කියන්නෙ".
Tuesday, September 17, 2019
Monday, September 2, 2019
ලාංකීය ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මුස්ලිම් කාන්තාව
හැඳින්වීම.
තම කුසින් බිහි කිරීමේදී කිසිදු බෙදීමක් නොකරන ස්ත්‍රියට ම සමාජය තුල විවිධ වූ බෙදීම් සිදු කිරීමට එම කුස තුළින් ම උපන් බොහෝ මනුෂ්‍යයන් පෙළඹී සිටින බව දෑස් මානයේ විද්‍යාමාන වන නොරහසකි . දියණිය ක්, ගැහැනියක් ,මවක් වන් කාන්තාව මෙලොව සිටින වටිනාම වස්තවු ක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එම වටිනාම වස්තුවට සැබෑ ලෙසම සමාජය තුළ වටිනාකමක් ලබා දෙන්නේ දැයි වත්මන් සමාජ වටපිටාව තුළ දෙවරක් සිතිය යුතු කාරණාවකි. සමාජය තුළ ස්ත්‍රී පුරුෂ ලෙස වැඩ බෙදා දැක්වීම මෙසේ වටිනාකමක් හිමි නොවීමට හේතුවක් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙයට හේතුවී ඇත. සමාජය විසින් ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ඇති සමාජ සබඳතාව සරලව ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස අර්ථ දැක්විය හැකියි. ආසියානු කාන්තාව බොහෝවිට සංස්කෘතියට යට වුණ තැනැත්තියක ලෙස හඳුන්වා දීමට හැකිය. එය ලාංකීය සමාජය තුළ ද එලෙසම පවතී. මෙරට සිටින්නාවූ සිංහල කාන්තාව මෙන්ම මුස්ලිම් දමිළ කාන්තාවන්ද
සංස්කෘතියේ වහලුන් බවට පත්ව ඇත. විශේෂයෙන් ඇයට නිදහස යන්න හිමිව තිබෙන්නේ අසම්පූර්ණ ලෙසය. පූර්ණ නිදහසක් ඈට ලබා දීමට සමාජය පුද්ගලයා අකමැති වන අතර ඇයව තව තවත් පීඩාවට පත් කිරීමට සමාජය ක්‍රියා කරනු ලැබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මුස්ලිම් කාන්තාව ඉතා වැදගත් වේ.
Subscribe to:
Posts (Atom)